අපේ යාලුවෝ

Wednesday, January 9, 2013

ගෞතම බුද්ධ චරිතය- සිත්තරෙකුගේ ඇසින්- දෙවන කොටස


සුභම සුභ නව වසරක් හැමෝටම. මුලින්ම සමාවෙන්න. ටික කාලෙක නිහැඩියාවකින් පස්සේ ආයෙත් බ්ලොග් ලෝකෙට එකතු වුනේ. ජිවිතේ කාර්යබහුල වෙනකොට ආසාකරන දේවලිනුත් ටිකක් ඈත්වෙන්න සිද්ධ වෙනවනේ. 
හොදයි එහෙනම් නවත්තපු තැනින් ආයෙත් පටන්ගමුකෝ. වටිනා චිත්‍ර පෙළක් හැමෝටම ඕන වේවි කියලා හිතුනු නිසා පල කලානේ. එහෙනම් මෙන්න ඒකේ දෙවෙනි කොටස.  

බිම්බිසාර රජුගේ ආරාධනාව 

සිදුහත් තාපසතුමා ගුරුවරු සොයා යාම 
ශරීරයට දැඩි සේ දුක් දීමේ අත්ථකිලමතානු යෝගය අනුගමනය කරන සිදුහත් තවුසාණෝ  



Tuesday, November 13, 2012

ගෞතම බුද්ධ චරිතය- සිත්තරෙකුගේ ඇසින් - පළමුවන කොටස



දිගු කාලෙකින් බ්ලොග් එකේ කිසිම පොස්ට් එකක් දාන්න බැරි වුණා. ගෙදරවත් ඉන්න වෙලාවක් නොලැබුණු එකේ බ්ලොග් ලියන්න වෙලාවක් කොයින්ද. ලැබුණු පොඩි වෙලාවකින් ඔයාලට වටිනා ෆොටෝස් ටිකක් දාන්න හිතුව මේකත් කලින් දාපු ගෑනු ළමයින්ගෙයි පිරිමි ළමයින්ගෙයි වෙනස පොස්ට් එකේ පින්තුර වගේම email එකකින් මට ලැබුණු පින්තුර ටිකක්. සමහරු ගාව ඇති. මේවා ලග නොමැති නොලැබුණු අයටයි මේ.   
පළමු කොටසින් සිද්ධාර්ථ කුමරුගේ( සිදුහත් කුමරු) ගිහි කාලය තුල සිදුවූ විශේෂ අවස්ථා ඇතුලත් චිත්‍ර පිලිවෙලින් පෙළගස්වා තියෙන්නේ. බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනෙක් දත් උගත් දෙයක් නිසා සිදුහත් සිරිත නැවත නොලිය චිත්‍ර ටික විතරක් ඉදිරිපත් කරන්නට හිතුව. බෞද්ධ නොවන අයටත් බැලුවාම තේරුම්ගන්න පුළුවන් වේවි. හැම චිත්‍රයකටම පොඩි කැප්ෂන් එකක් මම දන්නා අයුරින් දාලා තියෙනවා. 

සුමේධ තාපසව දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලබන අවස්ථාව  

Thursday, October 18, 2012

සුභම සුභ උපන්දිනයක් 'සුදූ'




අද අපේ ගෙදර චූටි බබාගේ උපන්දිනේ. චූටි බබා කිව්වේ මගේ පොඩිම මල්ලිට. 
මේ කියන්නේ නොදන්නා අයට අපේ පවුලේ ළමයි 5 යි. වැඩිමලා මම. මම නිවුන් කියල සමහරු දන්නවා ඇතිනේ. නොදන්නා අය අද දැනගන්න. අපි දෙන්නට පස්සේ මල්ලි, එයා මහණ වෙලයි ඉන්නේ. කැලණියේ සෝරත හිමි තමයි නම. මහණ වුනේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ලගයි. ඊලග දෙන්නත් මල්ලිලා. එක්කෙනෙක් දැන් 9 වසරේ. පොඩිම කෙනා දැන් 4 වසරේ. අද (ඔක්තෝම්බර් 18) උපන්දිනේ තිබ්බේ එයාගේ.  

Thursday, October 11, 2012

වොලන්ටියරින් + ක්‍රිකට් + තවත් අනුශුරතාවයක්


තවත් වර්ල්ඩ් කප් එකක් ඉවරවුණා. අපි ආයෙත් අනුශුරයෝ. වර්ල්ඩ් කප් එක මෙහෙම ඉවර වුනාට වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් ( ස්වෙච්චා සේවක) කෙනෙක් විදියට එකතු වෙලා ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණා.

මම මැච් පිස්සෙක්. අපේ ගෙදර ඇවිත් දවස් දෙකක් හිටියොත් ඕන කෙනෙක්ට ඒක දැනගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට මම කරන්නේ සැටලයිට් එකේ යන පරණ මැච් එකක් හරි මොකක් හෝ මැච් එකක් බලන එක. මේ පාර ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ වොලන්ටියර් කෙනෙක් විදියට එකතු වුනෙත් ඒ හින්දමයි. මමයි,තරියයි, මල්ලියි එකට ගියා. ට්‍රේනින්ග් දවසක තරුවවත් සෙට් උනා.  .වොලන්ටියර් කෙනෙක් විදියට ඒ ගතකරපු දවස් එකොළහ ජිවිතේ කවදාවත්ම අමතක නොවේවි. 
මම හිටියේ ග්රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ. ඒකට මැච් බලන්න අපු කව්රුහරි ඉන්නවනම් මාව දකින්නත් ඇති. ලංකාවේ ටික දෙනෙක් අපිව අගය කලා. ඊටත් වඩා හොද අගයකිරීම් ෆොරිනර්ස්ලගෙන් ලැබුණා. විශේෂයෙන්ම සුදු ජාතිකයන්ගෙන්. ඒ උනාට ඉන්දියන්  සහ පකිස්තාන් අය හරි වදකාරයෝ. 

නිකම්ම මැච් බලපු එකත් අපිට ලැබුණු වරප්‍රසාදයක්. ශ්‍රී ලංකාව මුලින්ම කොළඹ සෙල්ලන් කලේ සෙමි ෆයිනල්. ඒ වෙනකල් තිබුනේ වෙන වෙන මැචස්. මැච් එකක් සෙල්ලන් කරනවා කියලා ඇගට දැනුනේ ඉන්දියා පකිස්තාන් මැච් එක දවසේ. යුද්ද පිටියක ඉදන් මැච් එක බලනවා වගේ හැගිමකුයි ඒ වෙලාවේ දැනුනේ.   අලුත්ම අත්දැකීම් ගොඩක්, අලුත් යාලුවෝ ගොඩක්. මේ වගේ අත්දැකීමක් තව සෑහෙන කාලෙකට ලංකාවට ලැබෙන එකක් නෑ. මම දන්න විදියට ලංකාවට අයෙත් මොනම හෝ වර්ල්ඩ් කප් එකක් එන්නේ තව අවරුදු 20 කින් විතර. එතකොට අපි තාත්තල. එතකොට මොන වොලන්ටියරින්ද :P. ළමයින්වවත් යවමු එතකොට.

ෆොටෝ ගොඩට එකතු වුනු ෆොටෝ ලැයිස්තුවේ විශේෂ ෆොටෝ දෙකක් තිබුණා. බලන්නකෝ එහෙනම් මොනවද කියලා..



මේ ඉන්දියන් සපොටර්ව ටි.වී එකේ දැකලා ඇතිනේ

Monday, October 1, 2012

බස් රේඩියෝ බ්ලොග් සම්මාන-2012





මුලින්ම මෙවැන්නක් සංවිධානය කිරීම වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය කැප කල බස් රේඩියෝ 
කණ්ඩායමට ගොඩක් ස්තුතියි. බ්ලොග්කරුවන්ට ඇගයීමක්  කරන්නට ඔබ කළ කැපකිරීම ප්‍රශංසනීයයි. 
කිසිම ඇගයීමක් නොලැබෙන බ්ලොග් වැනි කලාවකට මෙවන් වූ සම්මාන උළෙලක් පැවැත්වීමට ඉදිරිපත් වූ හැමට ජය. ඒ වගේම සම්මාන ලබාගත්, නිර්දේශ වූ, නිර්දේශ නොවූ හැමටම ජය. බ්ලොග් ලෝකේ චිරාත් කාලයක් තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනයට හැමට සුභ පැතුම්!!!

බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල ගැන මං දැනගත්තේ මට තරිඳු ඒ ගැන කියපු නිසා සහ බ්ලොග් සතිය
නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ බ්ලොග් පොස්ටු ගැන උනන්දු වෙනකොටයි. . ඕනෑකමටත් වඩා නිකමටයි මමත් එකට රෙජිස්ටර් වුනේ. එක සම්මානයක් ගන්න තියෙන අසවම නෙමෙයි. රැල්ලට හැමෝම කරන දේ කල වගේ වැඩක්. කැටගරි කිහිපයක් තිබුනත් මම මගේ බ්ලොග් එක ඉදිරිපත් කලේ අංග දෙකකට හෝ තුනකට විතරයි. ටික කාලයක් ගෙවිල ගියා මේ ගැන තිබුණු මතකයත් නැති වෙලා ගියා. ඒත් බ්ලොග් සම්මාන උළෙලට දින ලංවෙන බව දැනගත්තේ බ්ලොග් එකේ පැත්තක දාපු ජාවා ස්ක්‍රිප්ට් එකේ බස් රේඩියෝ බ්ලොග් අවොර්ඩ්ස් ගැන අප්ඩේට් උණු නිසා. මුලින් හිතුවේ සම්මාන උළෙල ඔන්ලයින් නොතියා මේක කොහේ හෝ ශාලාවක උත්සවයක් විදියට පැවැත්වේවි කියලයි. බ්ලොග් ලෝකේ යාලුවන්ව මුණ ගැහෙන්න ලොකු ආසාවක් තිබුණු නිසා ඒ දවස ගැන ආසාවෙන් බලන් හිටියා. ඒත් එක එහෙම වුනේ නෑනේ. 

Wednesday, September 26, 2012

ගෑනු ළමයින්ගෙයි පිරිමි ළමයින්ගෙයි වෙනස

ගොඩ කාලෙකින් මේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න ආවේ. ටික දවසක නිවාඩුවකුත් හම්බුනේ කාලෙකින්. බ්ලොග් එකේ  පොස්ට් එකක් දන්නා ඕනේ කියන උවමනාව තිබුනට කිසිම දෙයක් ලියන්න තරම් මූඩ් එකක් නෑ. ඒ නිසයි මේ පොඩි චිත්‍ර වලින් කියවෙන කතාවක් දාන්න හිතුවේ. මේවා මට හම්බුනේ මිතුරියක් මට එවපු මේල් එකකින්. බ්ලොග් එක ලියන්න ඕනේ කියල හිත හිත ඉන්නකොට තමයි බ්ලොග් එකට දාන්න වටිනා ෆොටෝස් ටිකක මේල් එකකින් ලැබුන කියල මතක් වුනේ. ඒක හෙව්වට හොයාගන්න බැරි වුණා. මේක වෙන කතාවක්. ඒ අර කලින් හොයපු කතාව හොයාගෙන පස්සේ දවසක් දාන්නම්. 


එහෙනම් බලලම ඉන්නකෝ ගෑනු ළමයින්ගෙයි පිරිමි ළමයින්ගෙයි වෙනස 

Tuesday, September 11, 2012

කපිලවස්තුපුර සර්වඥ ධාතු වදින්න ඔයත් ගියාද?


කපිලවස්තුපුර ධාතු පෙන්නවනවා ඔයාලත් බැලුවද? අද අපේ පන්සලටත්  වැඩම කලා ධාතුන්වහන්සේ. අපේ පන්සල කිව්වේ කැළණි රජ මහා විහාරේ හොදේ.  මමත් අද ධාතු වන්දනා කරගෙන ගෙදර ඇවිල්ලයි මේක ලියන්න ගත්තේ. මේ දවස් ටිකේම මගේ ෆෝන් එකට නිදහසක් තිබ්බෙත් නෑ ධාතු කැළණි පන්සලට වැඩමවන බව දැනගත්ත අයගෙන්, ගොඩක් අය දන්නේ නැතුව ඇති මම ඉස්සර නම් කොයි වෙලෙත් පන්සලේ කියලා. ඒත් දැන් නම් එහෙම නෑ, විශේෂ දේකට යනවා මිසක් හැමවෙලේම පන්සල් යන්නේ නෑ. ඉතින් කට්ටිය මගේ උදවුවෙන් ඇතුලට පාස් නැතුව එන්න බලන් හිටියා. මටත් ගොඩක් කණගාටුයි උදවු කරන්න බැරි වුන එකට. මම නම් උදෙන්ම පන්සලට ගිහින් ඇතුලට පැනගත්තා.පෝලිමේ නොඑන කාටවත් ඇතුලට එන්න දුන්නේ නෑ පොලිසියෙන් සහ ආමි එකෙන්. කොයි ලොක්කට උනත් පොලිමේම යන්න සිද්ධ වුණා ධාතු වදින්න. ගොඩක් අය උදවු ඉල්ලුවත් උදවු කරගන්න බැරි තරම් අසරනකමක හිටියේ හැමදේම සංවිධානය වුනේ ආමි එකෙන් නිසා. අපි එයාලට සහය වුණා විතරයි. 

 ධාතු බලන්න කියාගෙන ගියාට ධාතු පෙන්නනවා කියලා නිව්ස් වල ඇහුවට ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ මොන ධාතුද? මේ ධාතු වල විශේෂත්වේ මොකක්ද?  ඉතිහාසේ මොකක්ද වගේ දේවල්. ඒ දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නයි මම මේක ලියන්න හිතුවේ.    

Wednesday, August 22, 2012

ජිවිත අන්දරය පහළොස්වන කොටස





ගෙදරින් ප්‍රශ්න දාපු දවසේ ඉදන් සතියක් විතර යනකම් මම මගේ පාඩුවේ හිටියා මුකුත්ම සිද්ධ නොවුණු විදියට. ඒ කාලේදී මට කොහොමවත්ම ගයාත්‍රිත් එක්ක කතාකරන්නවත් හම්බ උනේ නෑ. අඩුම තරමේ එයාලගේ ගෙදර මොනවා වෙළද කියලවත් දැනගන්න වුනේ නෑ. එහෙමවත් නිව්ස් එකක් දැනගන්න ලැබුනේ සතියකට පස්සේ දහම් පාසල් ගියපු වෙලාවේ ගයාත්‍රි ගේ යාළුවා පබෝදාව හම්බ වුනාට පස්සෙයි


"මොකක්ද කසුන් උනේ ?" 
පබෝදා එහෙම ඇහුවේ ඩියුටි වලට අලුත් ශාලාවේ පහල ශාලාවට යන අතරේ මුණ ගැහුණු වෙලාවෙයි.
උත්තරයක් දෙන්න කලින් මම අසරණ විදියට හිනා වුන මතකයි.

"අපේ ගෙදරට අහුවෙලානේ. අනේ  මන්දා. ගයත්‍රිව හම්බ උනාද ඔයාට?"
" ඔව් ඔව්. එය ඉස්කෝලේ ආවා. එන්නකෝ කියන්න විස්තරේ" 
පබෝදාගෙන් මම ගයාත්‍රි ගැන අහගත්තා. පබෝදා මට ගයත්රිගේ පණිවිඩ කිව්වා. මම එයාට මගේ පණිවිඩ ටික කිව්වා .ඒ තරම්ම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලයි ඒවා ඇහුවම මට හිතුනේ. 

Wednesday, August 15, 2012

ජිවිත අන්දරය-දහහතරවන කොටස


 ජිවිත අන්දරය-දොළොස්වන කොටස
" මචන් උඹද අනුරාධ?"  
එක්කෙනෙක් එහෙම ඇහුවා 
"ඔව් "
       මං ඇත්තම කිව්වා.
"රමිෂ්කව හොයන්නේ ගහන්නද?"
මුලින්  කතාකරපු කෙනාම මගෙන්  එහෙම ඇහුවේ සෑහෙන පිරිසක් මං දිහා බලන් ඉද්දියි. 
 එහෙම අහපු කොල්ල මට වඩා ටිකක් උසයි. උසට හරියන්නම ටිකක් මහතාට හිටියා. කොන්ඩේ කපල තිබුනේ අමුතුම කට් එකක්.


" ගහන්නේ මොකටද?   මට හම්බ වෙන්නයි ඕනේ" 
මං හිනාවෙලම උත්තර දුන්නා. මගේ නමත් දන්නා නිසා මං ගැන හැම දේම මෙයාල දන්නවා ඇති කියලත් මට හිතුනා.

" එහෙම දේකට නම් මං මෙහෙම තනියම එන්නේ නෑනේ මෙතරම් සෙනගක් මැද්දට. අනික කෙල්ලෙක් හින්ද ගහගන්න ඕනේ නැනේ මචන්.කෝ අද ඇවිත් ඉන්නවද රමිෂ්ක ? "
    මම තව ටිකක් එකතුකලා 

Tuesday, August 7, 2012

ජිවිත අන්දරය දහතුන් වන කොටස





උදේ පාන්දරම නොවුනත් නිවාඩු දවසක් නිසා ටිකක් වැඩිපුර නිදාගන්න හදපු මම උඩ ගිහින් ඇහැරුනේ කන ගාවම තිබුණු ෆෝන් එක රින්ග් වෙනකොට.

"ගුඩ් මොර්නින්ග් අනූ "
            "ගුඩ් මොර්නින්ග්" 
කම්මැලි කමෙන්ම මං උත්තර දුන්නා. වෙලාව අටයි

"අපෝ කුම්භකර්ණයෝ තාම නිදිද? නැගිටින්න නැගිටින්න "
"අපෝ ඔව් අනේ, ගෙදර ඉන්න දවසේවත් නිදාගන්ඩ දෙන්නේ නෑනේ මේ සමහරු" 
කොට්ටේ බිත්තියට හේත්තු කරපු මම ඒකට පිට තියලා ඉදගත්තා

" ඒ සමහරුනේ අනූ, මම නෙමෙයිනේ ඉතින් කමක් නෑ."
"ඔව් ඔව් ඔයා නෙමෙයි. මට දැන් වෙන කෙනෙක් තමයි නිදාගන්න නොදී ඇහැරෙව්වේ, ඇයි මෙච්චර උදෙන්ම කතාකලේ? " 
 "අනූ ඔයා අද ගෙදරද ? වෙන වැඩක් තියෙනවද "
 "නෑ  කියන්න. මං අද ගෙදර"
" එනවද ගමනක් යන්න"
"කොහෙද"
"කැළණි පන්සල්"
" හ්ම්ම් යමු ඉතින්"
ගයාත්‍රි කියපු වෙලාවට එයාගේ ගේ ලගට ගිහින් එයත් එක්කම බස් එකේ නැගලා වැඩි දුරකින් නොතිබුණු පන්සලට ආවා. ඊයේ තමයි ගයාත්‍රිට අපේ සම්බන්ධෙ නතර කරන්ඩ ඕනේ වුනේ. ඒත් අද එයා මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා.


"අනූ මගෙත් එක්ක තරහද? " 
මගේ අතේ එල්ලුණු ගයත්‍රී එහෙම ඇහුවේ බස් එකෙන් බැහැල යද්දියි

" මොකටද තරහවෙන්නේ? තරහ නම් මෙහෙම එන්නේ නෑනේ මං"
"ඊයේ මට දිලිප් එක්ක තිබුණු තරහට තමයි එහෙම කියවුනේ"

"හ්ම්ම්ම් ඒවා දැන් ඉවරයි, අපි ඒ ගැන කතාකලානේ. ඒ වුනාට මිට පස්සේ වත් හදිස්සියේ තීරණ ගන්න එපා, අනික අපි දුකින් හරි තරහකින් හරි ඉන්නකොට හරි අපි තීරණ ගන්න හොද නෑ. අපිට එවෙලෙට ඇත්ත තෙන්නේ නෑනේ. ඕවා වැඩක් නෑ. පන්සල් ආවේ වදින්නනේ. එන්නකෝ යමු වදින්න"

පාරේ තිබුණු මල් කඩේකින් මල් ටිකකුත් ගත්තු අපි චෛත්‍ය, බෝධිය, බුදු මැදුර වැදගෙන දේවාලේටත් ගිය අපි මළුවෙන් පහත නාගස් හෙවනේ වාඩි වුණා. 

උදේ වරුවේ නිසාත් සතියේ දවසක් වෙච්චි නිසාත් පන්සලේ වැඩි සෙනගක් හිටියේ නෑ. 


"අනු මං පොඩි දෙයක් ගෙනවා ඔයාට පෙන්නන්න"
"කෝ මොනවද ? පෙන්නන්නකො"
"මගේ ෆොටෝස් "     
මට බලන්ඩ ෆොටෝ ගොඩක් එයා ගෙනත් තිබුණා. ආසාවෙන් ඒ ටික අතට ගත්තු මං ඔක්කොම හොදට බැලුවා. චුටි කලේ ෆොටෝ මං දැකල තිබ්බේ නෑනේ.
"හරිම ලස්සනයි. ඉස්සර මහතයිනේ ඔයා "
ඒ අතරේ තිබුණු චුටි ෆොටෝ එකක් උස්සගත්තු මම ඒක මගේ පර්ස් එකේ දාගත්තා. 
ඔව් හැබැයි එච්චර මහත නෑ 
ගයත්‍රිගේ අම්මා ඉන්දියා ගිහින් ආවේ දවසකට විතර කලිනුයි. ඉතින් ගෙනාපු තෑගි තොගයකුත් මට ගෙනත් තිබුණා.ලොකු තෑගී නෙමෙයි. පෑන්, කී ටැග්ස්, චොකලට්,ටොෆි ගොඩක් එහෙම තිබුණා .

" හ්ම්ම් දැන් කියන්ඩකෝ ඇයි අද එකපාරට පන්සල් එන්න හිතුනේ? 
         " නිකම්, මට හිතුන ඔය මාත් එක්ක තරහ වෙලා කියල ඊයේ කියපු දේවලට"

 "ඒක නම් මං එවෙලේ බලපොරොත්තු වුනු දෙයක් නෙමෙයි "
ඔහොම කතාකර කර ඉන්න අතරේ පිටිපස්සෙන් කෙනෙක් කතාකරනවා ඇහුණා. මං නිකමට හැරිලා බැලුවේ කවුද බලන්න. පොලිසියේ අක්ක කෙනෙකුයි අන්කල් කෙනෙකුයි
"යන්න යන්න ඔයාලට මෙතන ඉන්න බෑ. කපල් වලට පන්සලේ ඉන්නන බෑනේ" 
ටිකක් උස් හඩින් කිව්වේ මැදි වයසේ පොලිසියේ අන්කල් කෙනෙක්.

වෙලාවට අද පන්සලේ කව්රුත් සෙනග නැත්තේ, නැත්නම් ලැජ්ජාවේ මැරෙන්නයි වෙන්නේ  මුකුත් නොකියපු මම ගයත්‍රිගේ බෑග් එකත් අතට අරන් නැගිට්ටා. පන්සලේ කපල් වලට ඉන්න දෙන්නේ නෑ කොහොමත්. ඉතින් වැරදි අපි නිසා පන්සලෙන් එලියට යන්න ආවේ වෙන කව්රුත් දකින්න කලින්.  එතකොටයි දැක්කේ සුදු ඇදගත්තු ටිකක වයසක ඇන්ටි කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා. ඒ ඇන්ටි මොනවා හරි කියන්න හදනවා. මට හිතුනේ අපිට හොදට බනියි කියලා

" ඔයාල ඕව ගනන් ගන්ඩ එපා පුතා, ඔය කාලේ ආදරේ නොකර කවදා ආදරේ කරන්නද. ඔයගොල්ලෝ එක තැන ඉන්නේ නැතුව ඇවිද ඇවිද ඉන්න පුතේ" 

බලාපොරොත්තු නොවුණු විදියට ඒ ඇන්ටි එහෙම කිව්වේ  මගේ ඔලුවත් අතගාලා. හිනාවෙලා ස්තුති ඒ ඇන්ටිට ස්තුති කරපු අපි එහෙමම පන්සලෙන් එලියට ආවා. ඒ වුනාට ඒ වුනු වැඩේ ගැන නම් හරිම පුදුමයි. ඇවිත් වැඩි වෙලාවක් නොවුණු නිසා අපි එගොඩහ පන්සලටත් ගියා. ඒ වුනාට වැඩි වෙලා නොරැදී එන්ඩ  ආවේ කලින් වෙච්චි දේ ආයිත් නොවෙන්න.  

මේ විදියට ගොඩක් දුරට අපි මුණ ගැහුනා. එත් ඒ දේම අපිට ප්‍රශ්නයක් වෙයි කියල අපිට එච්චර හිතුනේ නෑ. මේ වෙද්දී මගේ වෙනසක් අපේ ගෙදර යට තේරිලයි තිබුනේ. එයාල මං  ගැන හොයනවා වැඩියි කියල මට හිතුනත් මං ඒක එච්චර ගණන් ගත්තේ නෑ.  
දවසක් බස් කොටුවෙන් බස් එකේ නැගල ඉඩගත්ත්ම මට ඉස්සරහින් ඉන්නවා අපේ ඉස්සරහ ගෙදර සීයා කෙනෙක්. ඒ වගේම දවසක් ගයත්‍රිත් එක්ක බස් හෝල්ට් එකේ ඉන්නකොට තවත් තාත්තගේ යාලුවෙක් මාව දැක්කා. ඒවා ගැන ඒ කලේ එච්චර හිතුවේ නෑ. ඉස්කෝලේ යන දවස් වලට මම එනකම් ගයත්‍රී බොරැල්ලේ YMBA  හෝල්ට් එකේ ඉන්නවා. ඉතින් එයත් එක්ක මම බස් එකේ එන ඒවා එහෙමත් ගෙදරට ආරංචි වෙන්න ඇති.  
මේ කාලෙදිම ගයත්රිගේ ෆෝන් එකත් කැඩුණා. ඒ උනාට දවල්ට ගෙදර කව්රුත් නැති වුනු නිසා ගයතිට ගෙදරින් මට කතාකරන්න පුළුවන් කමක් තිබුණා, ටික දවසකින් එයාගේ අම්මගේ ෆෝන් එකත් ගයත්රිට පාවිච්චි කරන්න දීල තිබුණා. ඒ නිසා ඒක එච්චරම ප්‍රශ්නයක් වුනේ නෑ.

ගයත්‍රී ගේ ක්ලාස් ඇරෙන වෙලාවට කොහුවලට ගිහින් එයත් එක්ක එන ඒක මම පුළුවන් දවසකට කරපු දෙයක්. ඒත් ටික දවසක් එහෙම යන්න මට බැරි වුණා. ටික දවසකට පස්සේ මෙහෙම දෙයක් වුණා.

"අනු ක්ලාස් එකේ කොල්ලෙක් මගේ පස්සෙන් එනවනේ. බස් එකේ මගේ ලගම ආවා අද "


" ඔයත් එක්ක කතාකරද?"

"කතාකරන්න හැදුව මං ගණන් ගත්තේ නෑ"

" මං එන්නද ඊලග දවසේ?"

"නෑ එපා අනු, මං ප්‍රශ්නයක් උනොත් කියන්නම්"

" එහෙනම් ඔයා ටිකක් ඉදල 35 එන්නේ නැතුව 176 නැගල එන්න, ප්‍රශ්නයක් උනොත් මට කතාකරන්න"
මෙහෙම දේවල් වෙන එකට මං හුරු වෙලයි තිබුනේ, කිසිම දෙයක් එච්චර ලොකු  ප්‍රශ්නයක් උනේ නෑ .ඒත් 
ඕක කියල සති දෙකකට විතර පස්සේ අයෙත් මට ගයත්‍රී එයා  ගැනම කිව්වා. ඒ සති දෙකේ අපිට මොකක් හෝ හේතුවකට ඉස්කෝලේ නිවාඩු. ඉතින් මම හිටියේ ගෙදරමයි. ඒ හින්ද හේතු හදාගෙන ගෙදරින් පිටවෙන ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණා.

" අනූ මම ඔයාට දවසක් ක්ලාස් එකේ කොල්ලෙක් ගැන කිව්වේ, එයා තාමත් මගේ පස්සෙන්ම එනවනේ. මම බස් එකට නගින තැනටත් එනවා, අද මගේ බෑග් එකේ පොකට් එකකට නම්බර් එකත් දාලා තිබ්බා."
" හ්ම්ම් මං හිතුවේ ඒක ඉවරයි කියලනේ. මොකක්ද ඒ බෝයිගේ නම? ඉස්කෝලේ?"
" නම රමිෂ්ක කියලා තිබ්බේ චිට් එකේ. ඉස්කෝලේ කන්නන්ගරේ අනූ"
" නම්බර් ඒක දෙන්ඩ මං කථාකරන්නම් "
කලින් මෙහෙම වුනු අවස්ථා වලදී කිහිප දෙනෙක්ටම මං ෆෝන් එකෙන් කතාකරල තිබ්බා.
"මං ඒක විසික් කලා ඉරල. එයාල ඔයා ගැනත් දන්නවා අනූ. මම ඉන්නකොට ඔයාගේ නම කියා කියා ඒක ඒක ඒවා කියනවා"
" එහෙමද, මං එයාව ඇවිත් හම්බෙන්නම් එහෙනම්"
"එපා අනූ පිස්සුද, එතන කොල්ලෝ ගොඩක් ඉන්නවා, අනික රස්තියාදු කාරයෝ ගොඩක්. ඔයාටත් ප්‍රශ්න දායි. එයාලගෙන් වැඩක් නෑ. ඔයා ඔහොම ඉන්න" 

"හරි හරි බලමුකෝ. මං යන්නේ ගහගන්න නෙමෙයිනේ. කතාකරන්න " 

" එවුනාට එපා අනූ"
මං එහෙම කිව්වට ගිහින් හම්බ වෙලාම මේක ඉවරයක් කරගන්න ඕනේ කියලා මට හිතුනා. ගයත්‍රි ඉස්කෝලේ නොයන දවසක යන්න ඕනේ කියලා මං හිතාගත්තා. හිතුවටත් කලින් ඒක කර ගන්න පුළුවන් උනේ ගයත්‍රී පහුවෙනිදා ඉස්කෝලේ නොයන බව කියපු නිසා. 

 පහුවෙනිදා එකහමාර වෙනකොට මම බොරැල්ලේ මහජන බැංකුව ඉස්සරහ හිටගත්තා. මං ආවේ රමිෂ්කව හම්බවෙන්න හිතාගෙන. ඒ වුනාට එයා කවුද කියලා මං දන්නේ නෑ. මං ටිකක් වෙලා බලන් හිටියා, ටිඅක් වෙලාවකට පස්සේ ආවා කන්නන්ගරේ ළමයි ටිකක්. ටිකක් කිවුවට 20 ක් විතර එතන හිටියා. මට හොදටම හිතුනා මෙතන තමයි ඒ රමිෂ්ක ඉන්න ඕනේ කියලා. මං ටිඅක්ක් වෙලා උත්සහ කලේ කව්රු වෙනද ඇතිද කියලා හිතාගන්න, ඒක හරියන්නේ නැති නිසා කට්ටිය මැද්දට ගියපු මම එතන හිටපු කෙනෙක්ගෙන් මෙහෙම ඇහුව 


" මචන් මට කියනවද කවුද රමිෂ්ක කියලා?"
ඒක පාරට  මට උත්තරයක් ලැබුනේ නෑ. තත්පර කිහිපයකට පස්සේ  ඒ හිටපු එකේ  පිරිමි ළමයෙක් මගේ ලගට ඇවිත් මෙහෙම කිව්වා 

" මචන්  රමිෂ්කවද හොයන්නේ?"
"ඔව් බං"
"අද රමිෂ්ක ඉස්කෝලේ ආවේ නෑනේ" 
" අහ එහෙමද අපරාදේ. හරි කමක් නෑ තැන්ක්ස්"'
මට එවෙලේ ඒ කිව්වේ ඇත්තයි කියලා හිතුනා. බලාපොරොත්තු කඩ උණු නිසා මම එතනට වෙලා බස් එකක් එනකම් බලන් හිටියා. ටිකක් වෙලා හිටන් ඉද්දි අර මට උත්තර දුන්නු පිරිමි ලමයි තව කට්ටියකුයි මගේ ලගට ආවා. 

" මචන් උඹද අනුරාධ?"  
එක්කෙනෙක් එහෙම ඇහුවා 
"ඔව් "
       මං ඇත්තම කිව්වා.
"රමිෂ්කව හොයන්නේ ගහන්නද?"

මුලින්  කතාකරපු කෙනාම මගෙන්  එහෙම ඇහුවේ සෑහෙන පිරිසක් මං දිහා බලන් ඉද්දියි. 
 මීලගට මොනවා සිද්දවෙයිද?
ජිවිත අන්දරය දහහතර වන කොටස බලාපොරොත්තු වන්න.