අපේ යාලුවෝ

Friday, June 29, 2012

ජිවිත අන්දරය දෙවන කොටස


ජිවිත අන්දරය පළමු කොටසට මෙතනින්
"කොහෙන් පටන් ගන්නද මන්දා. උබට මතකයි නේද මම ඔල වලට ගියපු ගණන් ක්ලාස් එක. එකේ ළමයි 200 ක් විතර හිටියනේ. අපි 10 වසරේ වගේ ඉන්නකොට අවුරුද්ද මැද්දේ අප්‍රේල් ජුනි අතර කාලෙක මෙහෙම දෙයක් වුනා."

අපිට ක්ලාස් තිබ්බේ සෙනසුරාදා උදේ 8 ට. ක්ලාස් එක ගේ ලග තිබ්බට මම එතනට යනකොටත් 8 වෙනවා. එදා විතරනේ ටිකක් හරි දවල් වෙනකම් නිදාගන්න තියෙන්නේ. සතියේ දවස් පහේම ඉස්කෝලේ, ඉරිදට දහම් පාසල්නේ. ඉතින් ඔහොම දවසක පන්තිය ඇතුලේ  ඉගෙන සර් එනකං බලන් ඉන්නකොට මට පෙනුන අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් එක්ක ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් ඉන්නවා. ඒ ක්ලාස් එකට අවුරුද්ද  මැද්දෙදි ළමයි ගන්නෙම නැති තරම්, එත් එහෙම උනත් අලුතෙන් අපු ගෑණු ලමයව ගත්ත නිසා එක විශේෂයක් වුණා.අයියව දන්න හින්දමද කොහෙද  ඒ ගෑණු ළමයාගේ මුණ මට මතක තිබ්බා.

 ක්ලාස් එක අනිත් OL ක්ලාස් එක්ක බලනකොට ටිකක් ලොකුයි. පන්තිය පිරෙන්නම ළමයි හිටපු නිසා සාමාන්‍ය විදයට තියෙන බංකු පේලියට අමතරව පැත්තට බංකු පේලියකුත් තිබ්බා. මේක දාල තිබ්බේ ගෑණු ළමයි ඉදගන්න බංකු පේලියට එහා පැත්තෙන්. කව්රුත් වැඩිය ඒවගේ ඉදගන්න අකමැති උනත් පරක්කුවෙලා අවොත් එවගේ තමයි වැඩි වෙන්න වෙන්නේ. ඔය ගෑණු ළමයත් හැමදාම එන්නේ පරක්කුවෙලා නිසා එයාට වුනේ ඔය පැත්තේ බංකුවේ වැඩි වෙන්න.  ඉතින් හැමදාම ක්ලාස් එකේදී මට පෙනුනේ එයාගේ මුණ. මම පොඩියි  තමයි, ගෑණු ළමයෙක් එක්ක යාළුවෙනවා තියා කතාකරන්නත් මං හරි ලැජ්ජයි ඒ කාලේ. ඒ වුනාට එක හරි අමුතු හැගීමක් වුණා. හ්ම්ම්ම් තවත් දෙයක් මට ටික දවසකට පස්සේ ආරංචි වුණා එයා ඉන්නේ කොහෙද කියලත්. මගේ ඉස්කෝලේ යාලුවෙක් වෙච්ච දිලිප්ගේ ගෙවල් කිට්ටුවලු. දිලිප්ටත් අදහසක් පහල වෙච්ච නිසාද කොහෙද මට ඇවිත් හැමදාම ඒ ගැන කියන්න ගත්තා. මං මුකුත් නොකියා හිතේ තිබ්බා අදහස අත්හැරගත්තා. 
තවත් වැදගත් දෙයක් දැනගන්න හම්බුනා ඒ මගේම තවත් යාලුවෙක් උණු රොෂේන් ඒ ගෑණු ළමයාගේ නෑදෑ කෙනෙක් කියල. ඔය හැමදේම දැනගත්තා මිසක් මං හොයපු දේවල් නෙමෙයි. අඩුමතරමේ නමවත් මං දැනන් හිටියේ නෑ. මේ ඔක්කොම වුනේ මාස 3 ක් වගේ පොඩි කාලෙකදී. පස්සේ ගයත්‍රිව මං ක්ලාස් එකේදී දැක්කේ නෑ. එයා ක්ලාස් එන එක නවත්තලා.  

ඔය ඔයාල නොදන්නා අතීතෙ. ඊටත් පස්සේ පරණ පුරුදු විදියට කාලේ ගෙවිල ගියා. ඕ ලෙවල් සබ්ජෙක්ට් කිසිම එකක මට වැඩි අමාරුවක් තිබුනේ නෑ. පන්තියේ පළවෙනියා නොවුනත් වැඩි උත්සාහයක් නැතුවම පන්තියේ මුල් පස් දෙනා අතර ඉන්න මට පුළුවන්කමක් තිබ්බා. හැමෝම අතර මාව ප්‍රසිද්ධ අහිංසක, තමන්ගේ පාඩුවේ හිටපු කෙනෙක් විදියට. මේ නිසා ටීචර්ලා උනත් මට හරි කැමතියි. ඒ නිසා ඒ කාලේ යාළුවොත් එක්ක ගෙවුනේ හරි සැහැල්ලුවෙන්. 
දෙසැම්බර් 7 වෙනිදා පටන්ගත්තු ඕ ලෙවල්  විභාගෙත් බලාපොරොත්තු වෙච්ච තරමින්ම හොදින් කරගන්න පුළුවන් වුණා. මට මතක විදියට අපිට අන්තිමට විභාගේ තිබුනේ 21 වගේ දවසක. එත් ඊටත් කලින් ඉන්ග්ලිෂ් පේපර් එක ඉවරවෙලා මං බම්බලපිටියේ සිප්නා එකට ගිහින් දුෂ්‍යන්ත සර්ගෙයි ශ්‍රීනාත් සර්ගෙයි ඒ ලෙවල් ක්ලාස් වලට සල්ලි ගෙවලා රෙජිස්ටර් වුණා. 
පොඩිකාලේ ඉදන්ම මට ඕන වුනේ  මැත්ස් ඒ ලෙවල් වලට කරන්න. ඕ ලෙවල් කාලේ වෙද්දී මැත්ස් තරම් ලේසි සබ්ජෙක්ට් එකක් නොතිබිච්ච එකත් ඒකට හේතු වුණා. 
විභාගේ ඉවරවෙලා සති 2 ක් විතර නිදහසේ හිටියත් ජනවාරි 2 වෙනිදා ඉදන් මාත් ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගත්තා. මාත් එක්ක අපේ ඉස්කෝලෙම දිලිප්, තරිඳු වගේ යාලුවෝ කිහිප දෙනෙකුත් එකතු වුණා ක්ලාස් යන්න. ඔතනදි තමයි මට ආයෙත් ගයත්‍රිව දකින්න හම්බුනේ. 

මම කලින් කිව්වා වගේ දිලිප් ගයත්‍රී ගැන උනන්දුයි. එයා ගැන හෙව්වා. ගෙවල් ලගම නිසා කාලෙකට පස්සේ ගයාත්‍රි එක්ක මිත්‍ර කමක් ඇතිවෙලත් තිබ්බා. බයෝ කරන්න ගත්ත ගයාත්‍රි දිලිප්ගෙන් අහගෙන තවත් ගෑණු ළමයෙකුත් එක්ක අපේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ආවා. ශ්‍රීනාත් සර්ගේ ඒ ක්ලාස් එක ඒ කාලේ තිබ්බේ සිප්නා එකේදී බ්‍රහස්පතින්දා උදේ 7.30 ට. 
හැමදේම අමතක කරලා තිබුණු නිසා මට ඒක ඒ හැටි දෙයක් වුනේ නෑ. අදුරන්නේ නැති නිසා කතාබහක් මුකුත් වුනේ නෑ. 

සති දෙකක් තුනක් මෙහෙම ගෙවුනා. අපි මැත්ස්, කෙමිස්ට්‍රි වලට ක්ලාස් ගියාට ෆිසික්ස් වලට ක්ලාස් යන්න පටන් ගත්තේ ජනවාරි අන්තිම සතියේ. පුස්සැල්ල සර්ගේ ගම්පහ ක්ලාස් ඒක පටන් ගත්තේ එදා. කලින්ම මේ සර්ලගෙ ක්ලාස් යනවා කියල තීරණය කරන හිටපු නිසා ක්ලාස් පටන් ගන්නකල් බලං හිටියා. ගම්පහ යන්න දිලිප් එනවා කිව්වා, දිලිප් එක්ක ගයත්‍රියි තව ගෑණු ළමයෙකුත් එනවා කියල මට එයාම කිව්වා.
ගම්පහ යන්න  කිරිබත්ගොඩ දොන්  ඇන්ඩ් සන්ස් එක ලගට සෙට් වෙන්නයි කලින් කතාවුනේ, කලින් කතා වුනු වෙලාවට එතනට ගියපු මට දකින්න පුළුවන් වුනේ ගයත්‍රිවයි එයාගේ යාළුවයි විතරයි. 

දිලිප් පේන්න නැති නිසා මං ගයත්‍රිගෙන් දිලිප් ගැන ඇහුවා
 " කෝ තාම දිලිප් අවේ නැද්ද? " 
ඕක තමයි මං එයාගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ. 
ලැබුණු උත්තරය නම් මතක නෑ. එච්චරයි කතාවුනේ එතන ඉන්න බැරි නිසා මං මල්ලිත් එක්ක දොන් එක ඇතුලට රිංගගෙන ස්මැක් එකක් අරන් බිව්වා. 

මේ වගේ ටික කාලයක් අපි ඒකට ගම්පහ ගියා. සිප්නා එකේදී හම්බුනා. ඒත් මං අර වචන ටික ඇරෙන්න වෙන එයත් එක්ක මුකුත් කතාකරේ නෑ. 

  කිසිම හැලහොල්මනක් නැතුව මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු මගේ යාළුවා වචන අවදි කලා
"මචන් වෙලාව හරි. අපි පුජාවට ගිහින් එමු. උබ අප්සට් එකේ නෙමෙයිනේ ?" 
"නෑ බන් ප්‍රශ්නයක් නෑ. ඉතුරු ටික පුජාවෙන් පස්සේ කියන්නම් "  මං කිව්වා 

අතේ තිබ්බ වීදුරුව රාක්කෙන් තියල අපි දාන ශාලාවෙන් නික්මිලා ආයෙත් මලුව පැත්තට හෙමිට ඇවිදන් ආවා. 
ජිවිත අන්දරය තුන්වැනි කොටස බලාපොරොත්තු වන්න.
ජිවිත අන්දරය තුන්වන කොටස 


ප.ලි. 
කියවල නිකම්ම යන්නේ නැතුව අදහසක් දාල යන්න. අඩුපාඩුවක් පෙන්නලා දෙන්න, ඔබේ අදහස  මට ශක්තියක්. ස්තුතියි 

Thursday, June 28, 2012

NEVER GIVE UP- ඩෙරෙක් රෙඩ්මන්ඩ්


ඩෙරෙක් රෙඩ්මන්ඩ් එංගලන්ත ජාතිකයෙක්. මලල ක්‍රීඩකයෙක්. 
 ඩෙරෙක් රෙඩ්මන්ඩ්  





1965 සැප්තැම්බර් 3 වෙනිදා උපන්න  ඩෙරෙක්ගේ ඉසව්ව වුනේ මීටර් 400 ධාවන තරගය. ලෝක ශුරත තරගාවලිය, යුරෝපිය ශුරත තරගාවලිය හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ඩෙරෙක් මීටර් 400 හා තරගවලින් රන් පදක්කම් දිනා ගෙන තියෙනවා. ඒ වගේම ඔහු ඒ අවදියේ මීටර් 400 සදහා බ්‍රිතාන්‍ය ජාතික වාර්තාවත් තමන් සතු කරගන්නට සමත් වුණා. 1992 වෙනතුරු පැවැති ඒ වාර්තාව තත්පර 44.50 ලෙස සටහන් වුණා .














මේ ඔහු ලබාගත්ත පදක්කම් කිහිපයක්.

  • ලෝක ශුරතා තරගාවලිය 1991 ටෝකියෝ 4 400 සහය දිවීම රන් 
  • ලෝක ශුරතා තරගාවලිය 1987 රෝමය 4 400 සහය දිවීම  රිදී 
  • යුරෝපිය  ශුරතා තරගාවලිය 1986 ස්ටුට්ගට් 4 400 සහය රන් 
  • පොදුරාජ්‍ය මණ්ඩලීය  ශුරතා තරගාවලිය 1986 එඩින්ග්බර්ග් 4 400 සහය රන් 
නමුත් ඩෙරෙක්ගේ ක්‍රීඩා දිවිය පුරාම ඔහුට බාධාවක් වුනේ ඔහු නිරන්තර ආබාධ වලට ලක්වීමයි. 1988 දී කොරියාවේ සියෝල් නුවර පවතී ඔලිම්පික් තරගාවලියේදී පළමු වටයේ තරගය අරඹෙන්නත් කලින්ම ඔහුට තරගයෙන් ඉවත් වෙන්න වුනේ ආබාධයක් නිසා.  කෙසේ වෙතත් ඔහු මීලග ඔලිම්පික් තරගාවලිය වෙච්ච 1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙනකොට ශල්‍යකර්ම 8 කට භාජනය වෙලා තිබුණා. ඔහුගේ තරග දිවියටම ආබාධ බාධාවක් වුනේ ඒ විදියටයි. 

කෙසේ වෙතත් බාසිලෝනා ඔලිම්පික් තරගාවලියට හොදින් අවතීර්ණ උණු ඩෙරෙක් පළමු වටයේ හොදම කාලය වාර්තා කරන්නට සමත් වුණා . අර්ධ අවසන් පුර්ව තරගයත් පහසුවෙන් ජයගන්නට ඔහු සමත් වුණා. මේ නිසාම ඔහු ඒ වෙනවිට විචාරකයින් රන් පදක්කමේ බලාපොරොත්තුව හැටියට නම් කරා. 


ඩෙරෙක් අවසන් පුර්ව තරගයත් හොදින් ආරම්භ කලා. මීටර් 150 ක් වනවිට තරගයේ ඉදිරිය ලබාගන්නට ඔහු සමත් වුණා. නමුත් ඔහු ක්ෂණයකින් ධාවන පථයේ නතර වුනේ ඔහුගේ කකුලේ ඇතිවූ අබාධයක් හේතුවෙන්. ටිකක් මොහොතක් එහෙමම නැවතිලා හිටපු ඩෙරෙක් අමාරුවෙන් නැගිටලා පැන පැන වගේ අමාරුවෙන් අයෙත් ධාවනය ආරම්භ කලා. මේ වෙද්දී අනෙක් තරගකරුවන් තරගය නිම කරලා. මේ විදියට මීටර් 50 ක් පමණ වේදනාවෙන් ඩෙරෙක් ඉදිරියට යනකොට දෙරෙක්ගේ පියා ආරක්ෂක වළලු බිදගෙන ඩෙරෙක් දෙසට දුවගෙන ආවා. 

" ඩෙරෙක් මේක නවත්තන්න. ඔබට ලබාගන්න දෙයක් නැහැ""නැහැ මං මේක ඉවරකරන්න ඕනේ" ඩෙරෙක් තම පියාට කිව්වේ කදුළු පිරුණු දෑස පියාගේ උරහිසේ රදවමින්.  

"හරි එහෙනම් අපි දෙන්නම එකට මේක ඉවරකරමු" 



ඩෙරෙක්ගේ කර වටේට අත දමා ගත්ත පියා ඔහුව තරග අවසානය කරා කැදවන් ගියේ  65,000 ක ජනතාවගේ අත්පොලසන් නාදය මැද්දේ. තරග නිමි සටහනේ ඔහුගේ නම ඉදිරියේ "did not finish " ලෙස සටහන් උනත් 65,000 ක් ජනතාව ඔහු තරගය නිම කරන මොහෙතේ ඔහුට තම ආසන වලින් නැගී සිටිමින් ආචාර කලා.

ඒ තරගය ගැන හැදුනු වාර්තාමය වීඩියෝ පටයක් පහලින් තියෙනවා බලන්න 
video

හැම මොහොතකම ජයග්‍රාහකයා වෙන්නේ පලවෙනියම නෙමෙයි, ඩෙරෙක් මේ තරගයේ අට වෙනියා, එහෙමත් නැත්නම් තරග වාර්තා අනුව ඔහු තරගය නිමා කරලා නෑ. නමුත් ඔහුගේ ඒ නොසැලෙන දහිරිය ඔහුව ජයග්‍රාහකයෙක් කලා. ජය පරාජය කෙසේ වෙතත් ඔහුගේ අරමුණ වුනේ තරගය නිමා කරන එක. මෙහෙම චරිත කාටත් ආදර්ශයක්.



ප.ලි. 
කියවල නිකම්ම යන්නේ නැතුව අදහසක් දාල යන්න. අඩුපාඩුවක් පෙන්නලා දෙන්න, ඔබේ අදහස  මට ශක්තියක්. ස්තුතියි 

ජිවිත අන්දරය -පළමු කොටස


දිනය :-  අගෝස්තු 1 වෙනිදා 


වසර 13 ක් පාසල් ගිහින් අන්තිමට AL විභාගෙට  මුහුණ දෙන එක කාගේත් බලාපොරොත්තුවයි. සාමාන්‍ය පෙළ විභාගෙදි උසස් ප්‍රතිපල ගත්ත මට ඒ තරම් උසස් ප්‍රතිපලයකට මෙවර ලගාවිය නොහැකි බව වැටහුනත් හොද ප්‍රතිපලයකට ලග විය හැකි බවට විශාල විශ්වාසයක් තිබුණි. ජිවිතේ නොපැටලිය යුතු තැනක ඕනෑවටත් වඩා පැටලුනු නිසා ගොඩක් දේවල් මට මග ඇරුන කියල තේරුම් ගිය හන්ද හැමදේම හදාගන්නයි මට ඕන උනේ.  මග හැරුණු දේ අමතක කරමින් අවසන් මාස කිහිපයේ විභාගයට හොදින් සුදානම් වුනේ කාගේත් ඇස මා වෙත යොමුවී ඇති බව හොදින් දන්නා නිසාවෙනි. අවසන් මාස කිහිපයම ලැබෙන සෑම මොහොතකම පොත් අතරම ගෙවුනේ ඒ අදිටනිනි . 

 ජංගම දුරකථනය අතට ගත් මම වෙලාව බැලුවෙමි. 
"හ්ම්ම්ම් පන්සල පැත්තේ යන්නත් වෙලාව හරි" 
පොත පැත්තකින් දාල මං මටම කියාගත්තා 

. AL විභාගෙට හරියටම සතියයි. AL විභාගෙට පෙනී සිටින අයට බෝධි පුජාවක් සංවිධානය පන්සලේ සංවිදානය වී ඇති බව කලින්ම අපට දැනගන්නට ලැබුණි. කඩිමුඩියේ ඇදගත් මම පන්සල බල පිටත් උනේ වැඩසටහන ඇරඹෙන්නට  කලින් ඒ වෙත ලග වීමට සිතාගෙනය. පන්සලට  ළගාවූ සැනින් මම හිතුරන් හා එක්වුණේ ඔවුන් කලකින් මා හට මුණ නොගැසුණු බැවිනි. 
        
"කොහොමද මචන් පාඩම් කරලා ඉවරද" 
මේක එවෙලේ මුණ ගැහුණු කාගේත් කටේ තිබ්බ වචන ටික.
වැලි මලුව 
යාලුවෝ සෙට් 1 ත් එක්ක හිතූ විදියට කතාබහ කරන අතරේ හිටපු තැනින් වැලි මලුව දිහාවට අපිත් ගියේ බෝධි පුජාව පටන් ගන්න වෙලාව ලංවෙලා තිබුණු නිසාවෙනි.

නමුත් මා දකින්නට යන දේ දකින්නට ලැබේ යයි නිකමට වත් සිතුනේ  නම් මා කිසිවිටෙකවත් එදින දින පුජාවට නොපැමිණෙනු ඇති බව මට අදටත් සිතේ.
බෝ ගහේ කොළ සුළගට ලෙලෙ දුන්නේ අපිව සාදරයෙන් පිළිගන්න ධජ වනන කුඩා දරුවන් පිරිසක් වැනිය. බෝ පත් සිඹිමින් පැමිණි සිසිල් සුළග අප සැමට මළුවට ආරාධනා කරන්නාක් මෙනි. 
වැලි මළුවට ගමන් කරන අතරේ මම ඔබ මොබ බැලුවේ අදුනන තවත් කව්රුන් හෝ මිතුරෙකු වෙත්දැයි පරික්ෂ කරමිනි.
  මා  සිතුවා නිවැරදිය. දැක පුරුදු කෙනෙකු සිටියි. උපැස් යුවල සාක්කුවෙන් ගෙන නෙතේ රුවාගත් මම නැවත හොදින් බැලුවේ ඒ කවුදැයි හදුනාගන්නටය . 
ඇයගේ අතෙහි කාන්තා අත් බෑගයකි. එය කුමනාකරදයි මට දැන් මතක නැත. සුදු පැහැ T shirt එකකින් හා ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමකින් ඈ සැරසි තිබුණි. ඒ රුව දැකීම මා ආස කල දෙයකි. නමුත්........ 

සැමදා මෙන්ම අදත් ඈ දැකුම මා රිදවීමට සමත්ව ඇත. නුඹ නිවැරදිය. ඒ මගේ පෙම්වතියයි. 
නමුත් කලකට පෙරය. සතියක් දෙකකට පෙර නොව වසර එකහමාරකට පෙර ඈ මගේ පෙම්වතියයි.
 අදද මම මෙසේ විදවන්නේ මා ඇයට පෙම් කල නිසාවෙනි. ආදරය මෙතරම් වේදනාකාරී යයි දන තිබුනේ නම් කිසිදා මම පෙම් නොකරන්නෙමි. වැරැද්ද සිදුවී හමාරය. 

ඒ ලස්සන වත, ගත මගේම වූ දිනයක් තිබිණි. එහෙත් මුහුණේ ලස්සන හදෙහි තිබුනේ නම් යයි මට සිතුනු වර අනන්තය, අප්‍රමාණය.ඈ පැමිණ ඇත්තේ තනිවම නොවේ. තවත් කොල්ලන් දෙදෙනෙකු සමගිනි. මාඅ පියන් දෙදෙනාම රැකියාවල නිරත වූ බැවින් අනිත් ගැහුණු ළමයින් මෙන් නොව ඇයගේ ගමන් බිමන් බොහෝ විට සිදුවුනේ තනියමය. එම නිසා තමන් සිතු කෙනෙකු හා ගමනක්  බිමනක් යාම ඇයට අපහසු නොවූවකි. මා හොදින් කොල්ලන් දෙදෙනා දෙස බැලුවෙමි. ඔවුන් දෙදෙනාම මට හොදින් දැක පුරුදුය. එක අයෙක් කෙට්ටුය.අනෙකා  ටිකක් මහතය. කොණ්ඩය රස්තියාදු කාරයෙකුගේ මෙන් වැව ඇත. . මිට පෙරද මා ඔවුන් තිදෙනාම එකට දැක ඇත.  ඒ ගංගාරාම විහාරය අසලදී සවස් යමයකයි. කෙමෙන් මා නෙත් කදුළු වලින් පිරි යන්නක් සේ මට දැනෙයි.

 මා හොදින් හදුනන මිතෙරෙක් මා අසල විය.
"මචන් අර උඹේ හිටපු කෙල්ල නේද?" ඔහු මගෙන් ඇසුවේ පුදුමයෙනි  
"ඔව් බං"  මම පිළිතුරු දුන්නේ වෙන කිවීමට දෙයක් නොමැති නිසා පැවසුවෙමි.
" ඔය එකිත් එක්ක ඉන්න කොල්ලව උබ අදුනනවද? "ඔහු කෙට්ටු කොල්ලව මට පෙන්වමින් ආස සිටියෙයේය 
" අදුනන්නේ නේ බං, දැන් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති බං, මන් කලින් දවසකත් දැක්ක දෙන්නව එකට, මන් දන්නා විදියට කොල්ල නාලන්දේ, නම අසංක " මම කීවෙමි 
"මන් දන්නවා බං ඕකව. අපේ දහම් පාසලුත් අවා මතක නැද්ද?" මගේ මිතුරා විමසිය. 
"නෑ බං මතක නෑ. වැඩක් නෑ බං. මං පල්ලෙහාට යනවා"  මට කතාව නැවැත්විය යුතු වූ නිසා කිය සිටියෙමි.

          මම මිතුරා සමග මළුවෙන් නික්මී දාන ශාලාව දෙසට පැමිණියෙමි. මම මිතුරා සමග මළුවෙන් නික්මී දාන ශාලාව දෙසට පැමිණියෙමි.දහම් පාසලේ සහෝදර සහෝදර ශිෂ්‍ය නායකයන් කඩිමුඩියේ පිංකම සංවිධානයෙහි නිරතව ඇත. මම ඔරලෝසුව දෙස බැලීමි, තවත් පැයක් පමණ ඉතුරු වී ඇත. දාන ශාලාවට පැමිණි මම වීදුරුවක් ගෙන ජලය පුරවා ගෙන බංකුවක පැත්තකින්  ඉදගත්තෙමි. මිතුරාද මා අනුව මා අසලින්ම ඉදගත්තේය.
 " මචන් මොකක්ද බං උඹ අර කෙල්ලවයි කොල්ලවයි කලින් දැක්කා කිව්වේ?"පැනය මිතුරාගෙනි.
  
මා ගැන බොහෝ දේ දන්නා  මා ඔවුනට ගයත්‍රී ගැන කියූ දේවල් සිමා සහිතය. නොකීවේ ඔවුන් අවිශ්වාස නිසා නොව. කෙල්ලෙක්ට අවමන් කිරීම නොකළ යුතු බැවිනි. නමුත් නෙත් කදුලින් පිරි ඇති  මේ මොහොතේ පවතී වේදනාව කාට හෝ පැවසිය යුතුම විය. 
" එහෙනම් අහගනින්කෝ මම උඹට දන්න නොදන්න හැමදේම මුල ඉදන්ම  කියන්නම්"
වතුර උගුරු කිහිපයක් පානය කල මා කතාවට මුල පිරුවෙමි.  
ජිවිත අන්දරය -දෙවන  කොටස බලාපොරොත්තු වන්න  

ජිවිත අන්දරය තුන්වන කොටස


ප.ලි. 
කියවල නිකම්ම යන්නේ නැතුව අදහසක් දාල යන්න. අඩුපාඩුවක් පෙන්නලා දෙන්න, ඔබේ අදහස  මට ශක්තියක්. ස්තුතියි 

Wednesday, June 27, 2012

අලුත් ඇරඹුමක්

මේ බ්ලොග් 1 පටන් අරන් ටිකක් කල් හැබැයි වැඩත් එක්ක මේකට වෙලාව යොදවන්න බැරි උනා. තිබ්බ පොස්ට් ටිකත් කලින්ම ඩිලීට් කරපු නිසා මේකේ දැන් මුකුත් නෑ.


 අලුතෙන් හොද දේවල් ටිකක් දිගටම පොස්ට් කරන්නයි බලාපොරොත්තුව. 
සමහරවිට අච්චාරුවක් වේවි. හැබැයි මගේ බ්ලොග් 1 මට හිතෙන දේ පලවේවි. 
තියෙන දේවල් කියවල කොමෙන්ට් 1 ක් එහෙම දල සහයෝගයක් දෙන්න.