අපේ යාලුවෝ

Thursday, June 28, 2012

ජිවිත අන්දරය -පළමු කොටස


දිනය :-  අගෝස්තු 1 වෙනිදා 


වසර 13 ක් පාසල් ගිහින් අන්තිමට AL විභාගෙට  මුහුණ දෙන එක කාගේත් බලාපොරොත්තුවයි. සාමාන්‍ය පෙළ විභාගෙදි උසස් ප්‍රතිපල ගත්ත මට ඒ තරම් උසස් ප්‍රතිපලයකට මෙවර ලගාවිය නොහැකි බව වැටහුනත් හොද ප්‍රතිපලයකට ලග විය හැකි බවට විශාල විශ්වාසයක් තිබුණි. ජිවිතේ නොපැටලිය යුතු තැනක ඕනෑවටත් වඩා පැටලුනු නිසා ගොඩක් දේවල් මට මග ඇරුන කියල තේරුම් ගිය හන්ද හැමදේම හදාගන්නයි මට ඕන උනේ.  මග හැරුණු දේ අමතක කරමින් අවසන් මාස කිහිපයේ විභාගයට හොදින් සුදානම් වුනේ කාගේත් ඇස මා වෙත යොමුවී ඇති බව හොදින් දන්නා නිසාවෙනි. අවසන් මාස කිහිපයම ලැබෙන සෑම මොහොතකම පොත් අතරම ගෙවුනේ ඒ අදිටනිනි . 

 ජංගම දුරකථනය අතට ගත් මම වෙලාව බැලුවෙමි. 
"හ්ම්ම්ම් පන්සල පැත්තේ යන්නත් වෙලාව හරි" 
පොත පැත්තකින් දාල මං මටම කියාගත්තා 

. AL විභාගෙට හරියටම සතියයි. AL විභාගෙට පෙනී සිටින අයට බෝධි පුජාවක් සංවිධානය පන්සලේ සංවිදානය වී ඇති බව කලින්ම අපට දැනගන්නට ලැබුණි. කඩිමුඩියේ ඇදගත් මම පන්සල බල පිටත් උනේ වැඩසටහන ඇරඹෙන්නට  කලින් ඒ වෙත ලග වීමට සිතාගෙනය. පන්සලට  ළගාවූ සැනින් මම හිතුරන් හා එක්වුණේ ඔවුන් කලකින් මා හට මුණ නොගැසුණු බැවිනි. 
        
"කොහොමද මචන් පාඩම් කරලා ඉවරද" 
මේක එවෙලේ මුණ ගැහුණු කාගේත් කටේ තිබ්බ වචන ටික.
වැලි මලුව 
යාලුවෝ සෙට් 1 ත් එක්ක හිතූ විදියට කතාබහ කරන අතරේ හිටපු තැනින් වැලි මලුව දිහාවට අපිත් ගියේ බෝධි පුජාව පටන් ගන්න වෙලාව ලංවෙලා තිබුණු නිසාවෙනි.

නමුත් මා දකින්නට යන දේ දකින්නට ලැබේ යයි නිකමට වත් සිතුනේ  නම් මා කිසිවිටෙකවත් එදින දින පුජාවට නොපැමිණෙනු ඇති බව මට අදටත් සිතේ.
බෝ ගහේ කොළ සුළගට ලෙලෙ දුන්නේ අපිව සාදරයෙන් පිළිගන්න ධජ වනන කුඩා දරුවන් පිරිසක් වැනිය. බෝ පත් සිඹිමින් පැමිණි සිසිල් සුළග අප සැමට මළුවට ආරාධනා කරන්නාක් මෙනි. 
වැලි මළුවට ගමන් කරන අතරේ මම ඔබ මොබ බැලුවේ අදුනන තවත් කව්රුන් හෝ මිතුරෙකු වෙත්දැයි පරික්ෂ කරමිනි.
  මා  සිතුවා නිවැරදිය. දැක පුරුදු කෙනෙකු සිටියි. උපැස් යුවල සාක්කුවෙන් ගෙන නෙතේ රුවාගත් මම නැවත හොදින් බැලුවේ ඒ කවුදැයි හදුනාගන්නටය . 
ඇයගේ අතෙහි කාන්තා අත් බෑගයකි. එය කුමනාකරදයි මට දැන් මතක නැත. සුදු පැහැ T shirt එකකින් හා ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමකින් ඈ සැරසි තිබුණි. ඒ රුව දැකීම මා ආස කල දෙයකි. නමුත්........ 

සැමදා මෙන්ම අදත් ඈ දැකුම මා රිදවීමට සමත්ව ඇත. නුඹ නිවැරදිය. ඒ මගේ පෙම්වතියයි. 
නමුත් කලකට පෙරය. සතියක් දෙකකට පෙර නොව වසර එකහමාරකට පෙර ඈ මගේ පෙම්වතියයි.
 අදද මම මෙසේ විදවන්නේ මා ඇයට පෙම් කල නිසාවෙනි. ආදරය මෙතරම් වේදනාකාරී යයි දන තිබුනේ නම් කිසිදා මම පෙම් නොකරන්නෙමි. වැරැද්ද සිදුවී හමාරය. 

ඒ ලස්සන වත, ගත මගේම වූ දිනයක් තිබිණි. එහෙත් මුහුණේ ලස්සන හදෙහි තිබුනේ නම් යයි මට සිතුනු වර අනන්තය, අප්‍රමාණය.ඈ පැමිණ ඇත්තේ තනිවම නොවේ. තවත් කොල්ලන් දෙදෙනෙකු සමගිනි. මාඅ පියන් දෙදෙනාම රැකියාවල නිරත වූ බැවින් අනිත් ගැහුණු ළමයින් මෙන් නොව ඇයගේ ගමන් බිමන් බොහෝ විට සිදුවුනේ තනියමය. එම නිසා තමන් සිතු කෙනෙකු හා ගමනක්  බිමනක් යාම ඇයට අපහසු නොවූවකි. මා හොදින් කොල්ලන් දෙදෙනා දෙස බැලුවෙමි. ඔවුන් දෙදෙනාම මට හොදින් දැක පුරුදුය. එක අයෙක් කෙට්ටුය.අනෙකා  ටිකක් මහතය. කොණ්ඩය රස්තියාදු කාරයෙකුගේ මෙන් වැව ඇත. . මිට පෙරද මා ඔවුන් තිදෙනාම එකට දැක ඇත.  ඒ ගංගාරාම විහාරය අසලදී සවස් යමයකයි. කෙමෙන් මා නෙත් කදුළු වලින් පිරි යන්නක් සේ මට දැනෙයි.

 මා හොදින් හදුනන මිතෙරෙක් මා අසල විය.
"මචන් අර උඹේ හිටපු කෙල්ල නේද?" ඔහු මගෙන් ඇසුවේ පුදුමයෙනි  
"ඔව් බං"  මම පිළිතුරු දුන්නේ වෙන කිවීමට දෙයක් නොමැති නිසා පැවසුවෙමි.
" ඔය එකිත් එක්ක ඉන්න කොල්ලව උබ අදුනනවද? "ඔහු කෙට්ටු කොල්ලව මට පෙන්වමින් ආස සිටියෙයේය 
" අදුනන්නේ නේ බං, දැන් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති බං, මන් කලින් දවසකත් දැක්ක දෙන්නව එකට, මන් දන්නා විදියට කොල්ල නාලන්දේ, නම අසංක " මම කීවෙමි 
"මන් දන්නවා බං ඕකව. අපේ දහම් පාසලුත් අවා මතක නැද්ද?" මගේ මිතුරා විමසිය. 
"නෑ බං මතක නෑ. වැඩක් නෑ බං. මං පල්ලෙහාට යනවා"  මට කතාව නැවැත්විය යුතු වූ නිසා කිය සිටියෙමි.

          මම මිතුරා සමග මළුවෙන් නික්මී දාන ශාලාව දෙසට පැමිණියෙමි. මම මිතුරා සමග මළුවෙන් නික්මී දාන ශාලාව දෙසට පැමිණියෙමි.දහම් පාසලේ සහෝදර සහෝදර ශිෂ්‍ය නායකයන් කඩිමුඩියේ පිංකම සංවිධානයෙහි නිරතව ඇත. මම ඔරලෝසුව දෙස බැලීමි, තවත් පැයක් පමණ ඉතුරු වී ඇත. දාන ශාලාවට පැමිණි මම වීදුරුවක් ගෙන ජලය පුරවා ගෙන බංකුවක පැත්තකින්  ඉදගත්තෙමි. මිතුරාද මා අනුව මා අසලින්ම ඉදගත්තේය.
 " මචන් මොකක්ද බං උඹ අර කෙල්ලවයි කොල්ලවයි කලින් දැක්කා කිව්වේ?"පැනය මිතුරාගෙනි.
  
මා ගැන බොහෝ දේ දන්නා  මා ඔවුනට ගයත්‍රී ගැන කියූ දේවල් සිමා සහිතය. නොකීවේ ඔවුන් අවිශ්වාස නිසා නොව. කෙල්ලෙක්ට අවමන් කිරීම නොකළ යුතු බැවිනි. නමුත් නෙත් කදුලින් පිරි ඇති  මේ මොහොතේ පවතී වේදනාව කාට හෝ පැවසිය යුතුම විය. 
" එහෙනම් අහගනින්කෝ මම උඹට දන්න නොදන්න හැමදේම මුල ඉදන්ම  කියන්නම්"
වතුර උගුරු කිහිපයක් පානය කල මා කතාවට මුල පිරුවෙමි.  
ජිවිත අන්දරය -දෙවන  කොටස බලාපොරොත්තු වන්න  

ජිවිත අන්දරය තුන්වන කොටස


ප.ලි. 
කියවල නිකම්ම යන්නේ නැතුව අදහසක් දාල යන්න. අඩුපාඩුවක් පෙන්නලා දෙන්න, ඔබේ අදහස  මට ශක්තියක්. ස්තුතියි 

26 comments:

  1. නං ගං මනඃකල්පිතයි වගේ...
    එල එල
    දිගටම ලීපං...

    ReplyDelete
    Replies
    1. තැන්කු. නම් ගම නොදා ලියන එක හොදයි හිතුනා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තමන්ව දාලා ගිය පෙම්වතියව වෙන පෙම්වතෙක් එක්ක ඉද්දී හම්බවෙන එක නම් නියමම අත්දැකීමක් තමා

    …කතාවේ ඉතුරු ටිකත් කියමු බලන්න එහෙම නම් :)

    ReplyDelete
    Replies
    1. කියන්න කලින්ම තේරිලා. ලියන්නම් ඉතුරු ටිකත්

      Delete
  4. mmmmmmmmmmm.........nice memory.......never dies....
    ..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  5. good machan. නොනවත්වාම ලියපන් මචන් oka iwara unatgh

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්

      Delete
  6. machan sira ba digatama liyapan

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්

      Delete
  7. උබ ලියන්නෙ මගේ ජිවිත කතාවද කියලත් හිතෙනවා.. මොනවා උනත් හිතට වදිනව සහෝදරයා.. දිගටම ලියපං :) ලියපං කිව්වෙ මේක විතරක් නවෙයි ඔන්‍න‍.......................///...

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ජිවිත එක වගේම තමයි. වැඩි වෙනසක් නෑ. ස්තුතියි මචන්

      Delete
  8. අපි හැමෝගෙම ආදර කතා වල නොපෙනෙන දුක මේ කතාව කියවද්දී මට දැනුන කසුන්...
    දෙන්නගෙම කිසි වැරද්දක් නැති වෙලත්,දෙන්නා කිරියි පැණියි වගේ ඉඳලත් ලෝකයාගෙන් ප්‍රශ්න මතු වෙලා රිදුනු හිත හදා ගන්න ඔයාගේ කතා කියව්වම පුළුවන් වුන...
    හරිම ලස්සනයි...
    දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. එහෙම උදවුවක් වුනු එකත් ලොකු සතුටක්. බොහොම ස්තුතියි

      Delete
    2. ඇත්තටම ලස්සන කතාවක්

      Delete
  9. ඇත්තටම ලස්සන කතාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශිරෝෂි

      Delete
  10. කතාවේ මුලට ආවා අන්තිමට මොකක්ද වුනේ කියලා ආයි පාරක් මතක් කරගන්න

    ReplyDelete
  11. Replies
    1. බොහොම ස්ත්තුයි අයිස් අක්කා

      Delete
  12. kasun malliya all the best ah !!:D tawath hodata liyanna labenna one :)))

    ReplyDelete
  13. machan mamath kiawanna patangattaaa...mata kiona eka tara tawat epa karpu deyak naaa.....bt ban mama me chapter eka kionkota oya girlta set wecha anith kolla magen sakya ekedi "machan pzi uba mahaname kasun kila kolekwa danwda kila " ahapu eka mathk unaaa...so mama hita gata digta kionwa kilaaa....balmuko monwda une kilaaaa aisrtaaa

    gud luk mn

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා