අපේ යාලුවෝ

Sunday, July 29, 2012

ආවර්ජනයක්- පොලවේ පයගහලා ජිවත්වන්නවුන්ට





මේක පබ්ලිෂ් කරද්දී  

දෙවෙනි ඇරඹුමට දවස් 32 යි   
මුළු පෝස්ට් 23 යි
ෆලෝ කරන අය 23 යි  
කමෙන්ට්ස් 241 යි  
බ්ලොග් එක බලපු අය ඔක්කොම 3059 යි 
ෆේස්බුක් පේජ් එකට ලයික් 34 යි 

ඇරඹුම ගැන සතුටුයි.මේ කෙටි කාලෙට බ්ලොග් ඒක තුන්දාහක් කියවල කියල දකිද්දී හිතට ගොඩක් සතුටුයි. ඉදිරියටත් ඔබ සැවොම ලබාදුන් සහයෝගය ඒවගේම ලබාදෙන්න. ලියන දේවල් වල අඩුපාඩු ඇති. ඒවා පෙන්නලා දෙන්න. ඒක ලොකු ශක්තියක්. 
කියවල නිකම්ම ලයික් එකක් විතරක් දාලා යනවට වඩා හොද නරක ගැන කමෙන්ට් එකක් දාලා යනවා දකින්න ගොඩක් කැමතියි. බ්ලොග් ලියන කව්රු උනත් තමන් ලියන දෙයින් අනිත් අය ලබන සතුටින් සතුටු වෙනවා. තමන්ගේ පෝස්ට් එකකට වැටෙන කමෙන්ට් එකක් දැකලා ඕනෑම බ්ලොග් කරුවෙක් ලබන ඒ නිරහංකාර සතුට මාත් විදිනවා. ඒ නිසා පුළුවන් නම් කියවන හැමෝම බ්ලොග් පෝස්ට් එකක් කියවල කමෙන්ට් එකක් දාලා අඩුපාඩු හොද නරක පෙන්නලා දෙන්න. එහෙම නොගිය කියල තරහක් නම් හිතේ නෑ කා ගැනවත්ම.  

දැනට නම් ගොඩක් අය කියවන්නේ ජිවිත අන්දරය කතාව. ඒක දිග වෙන එක ගැන සමාවෙන්න. ඊලග කොටස දාන්න පරක්කු වෙනවා වගේ නම් ඒකටත් සමාවෙන්න. කෙටියෙන් ලියන්න අමාරු කතාවක් ඒක. මෙගා නාට්ටියක් වගේ ඒක දිගයි කියල මනං පිලිගන්නවා. ඒත් ඒක ඊට වඩා නම් කෙටි කරන්න අමාරු කතාවක්. මුලින්ම මේක ලියන්න ගත්තේ දන්නා දෙයක් ලියලා ට්‍රැක් එකට වැටෙන්න හිතාගෙන. දන්න ලේසි දෙයින් පටන් ගත්තම අඩුපාඩු තේරුම් අරන් අත්දැකීම් අරගෙන හොදට ඉදිරියට ලියන්න පුළුවන් වෙඉ කියල හිතෙනවා. ඉතින් ඉදිරියට මිට වඩා හොද දේවල් බලාපොරොත්තු වෙන්න. 

නිසදැස් කිහිපයකුත් මේකේ පලවෙලා තියෙනවා ඒ වුනාට ප්‍රතිචාර නම් අඩුයි. වෙනත් ලියපු දේවල් වලටත් ඒ වගේ. ඒවගේ රස මදිද දන්නේ නෑ.

මං මේක පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න තිබ්බ ආසාවට. කුරුළු අයියගේ,  සෑම් අයියගේ බ්ලොග් කියවල ඇතිවෙච්ච ආසාවට.
 ඕ ලෙවල් වලට සිංහල කලට පස්සේ සිංහල ගැන නම් ඉගෙන ගෙන නෑ. එත් පොත් කියවන ඒක මගේ පොඩි කලේ ඉදන්ම තිබුණු විනොදාංශේ  . අදටත් එහෙමයි. ඉතින් කතාවක් ගලපාගෙන ලියන්න පුළුවන් කියන හැගීම මට තියෙනවා. නිසදැස් නම් ලිව්වේ ආසාවට හිතට ආපු අදහස්. ඒවත් කිසි දෙයක් ඉගෙන ගෙන හදාරලා නෑ. මට ලියන්න පුළුවන් කියන හිතේ තිබ්බා විශ්වසේ විතරයි තිබ්බේ මේක පටන් ගද්දි  . මුල් කාලේදී බ්ලොග් ලියන්න උනන්දු කරපු කුරුළු අයියට, එතකොට මේකට කලින් තිබුණු නම වෙනස් කරලා අලුත් නමක් දැම්ම සෑම් අයියට, මගේම බෙස්ට් ෆ්‍රෙන්ඩ් තරියගේ කෙරුවාවේ තරිඳුට, ඒවගේම හැමදාම ලියන්න මාව ධෛර්යමත් කරපු මගේ හොදම යාලුවෙක් වෙන ශෂී ට ගොඩක් ස්තුතියි. මුල් දවස් වල මහන්සි වෙලා සිංහලෙන් ටයිප් කලාට ඒවාට ලැබෙන ප්‍රතිචාර අඩු උනාම ගොඩක් දුක හිතුනු අවස්ථා තිබුන. බ්ලොග් ලියන වැඩේ නවත්තන්න හිතුනු අවස්ථාත් තිබ්බා. ඒත් හැමදාම දිගටම ලියන්න මාව ධෛර්ය මාත් කරපු තරිඳු, ශෂී, ආත්මා අක්කා, ප්‍රමෝද්, ශිරෝෂි , මලිති අක්කා,  බිනෙෂ්කා ,චතුරි, අමා,  ගිහාන්, නුවන්
( නුවන්ව හම්බුනේ සිමා ක්ලාස් එකේදී. මුල් කලේ දැනන් නොහිටියත් අපි මොකක් හෝ හේතුවකට සෙට් වුනා. ජිවිතේ මිනිහෙක්ට අහන්න පුළුවන් මාරම කමෙන්ට් එකක් මට දවසක් මේ නුවන්ගෙන් හම්බුනා. එදා මට දැනුනු සතුට කියල නිමකරන්න බැරි තරම්. ඒ වචන නම් මට ජිවත් වෙලා තියෙනකම්ම මතක තියේවි නුවන්)එකම වතාවක් විතරක් කොපි කැට් දන්සලේදී හම්බුනු සුරංග (chakaya), මල්මි හා යුනිමාලි නංගිලා හැමදාම දුවගෙන ඇවිත් කමෙන්ට් කරන අඩුපාඩු පෙන්නන බ්ලොග් ලෝකේ හම්බුනු සුන්දර මනුස්සයා හසිත අයියාජීවිතේට හම්බ වෙලා නැති තඩි බොරළුවත් මතක් කරන්නම ඕනේ, මේ අය  ඇතුළු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි, පින්. හැමදාම මාත් එක්කම ඉන්න. 

අද වෙනකම් මේක කියවපු හැමෝටම, කමෙන්ට් කරපු, ඊලග පෝස්ට් ඒක දානකම් බලන් හිටපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි. එතකොට  අඩවි රජා, සිත්තම්, ප්‍රමුදි, චතුරංග, රොසැන්, බට්ටි, හිරුහිමාවීනන්දු, ,ධවල, මගේ හිත, කාව්‍ය, රෙප් මහත්තයා,මීගොඩය වුනු මගේ ෆලෝ කරන ටික  ඇතුළු බ්ලොග් ලෝකේ හැමෝම මාත් මෙවෙලේ මතක් කරනවා.

හැමදාම කස්සාගේ මැස්ස කියවන්න. අඩුපාඩු පෙන්නලා දෙන්න.


පොරවල් ගැවසෙන ලෝකේ පොරක් නොවී පොළොවේ පයගහල ජිවත් වෙන මනුස්සයෙක් වෙන්න ඔය හැමෝම උදවු කරයි කියල මං විශ්වාස කරනවා.


ගොඩක් ස්තුතියි මිට කස්සා{ කසුන් M අනුරාධ)    

ජිවිත අන්දරය දොළොස්වන කොටස

ජිවිත අන්දරය දසවන කොටසට 
ජිවිත අන්දරය එකොලොස්වන කොටසට


මං කිව්වේ පලවෙනි මාසේ ගැනනේ නේද ඒත් මට වෙච්ච තව දෙයක් කියන්න අමතක වුණා.  සම්බන්දෙ  පටන්ගත්තට අපි දෙන්නම පොරොන්දු වුනානේ මේ ගැන කාටවත් නොකිය ඉන්න. ඒ වුනාට එහෙම ඉන්න බැරි බව තේරුණා දවස් දෙක තුනකින්ම. අනිත් එක මටත් දිලිප් මේක දැනගත්තොත් එය අවුල් වේවි කියල හිතුණා. මේ නිසාම අපි මේ ගැන කතාකරල මගේ යාලුවෙක්ට මේ ගැන කියන්න හිතා ගත්ත. ඒ චාමරට. 


චාමර මම එක වසරේ ඉදන්ම දන්නා මගේ යාලුවෙක්. දහම් පාසලෙත් අපි එකට හිටියා. ඒ ලෙවල් ක්ලාස් යද්දිත් චාමර,දිලිප්,ගයත්‍රී අපි ඔක්කොම ගියේ එකට. අපේ යාලුවෝ සෙට් එකේ, ඉස්කෝලෙදි වගේම පිටතදීත් චාමරට හැමෝගෙන්ම ලොකු පිළිගැනීමක් තිබ්බා. චාමර හරි කෙලින් කතාකරන කෙනෙක්. ඕනෑම කෙනෙක්ට වැරදියි නම් එවෙලේම මුනට බැනල ඇති. ඉතින් සමහරු ඒ කටට කැමති නෑ. අනිත් ඒක චාමරට කව්රුත් බයයි. ගයත්රිත් චාමරට අකමැති බව මං දැනන් හිටියා. ටිකක් වලිකාරයෙක් වුනත් යාලුවෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න එයට පුළුවන්. 
මං ඉතින් චාමරට කෝල් එකක් ගත්තා. හවස 5.30 ට විතර ඇති වෙලාව.


" මචන් උඹ කොහෙද ඉන්නේ?"
"මං ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන් බං දැන් දෙමටගොඩ. ඇයි? " 
ගෝෂාකාරී ශබ්ද බද්ද ගොඩක් මට ඇහුණා

" පුලුවන්ද උඹට ඔහොමම අපේ ගෙදරට එන්න? කියන්න දෙයක් තියෙනවා"
" හා හරි බං මං එන්නම්"  
එකපාරටම හා කිව්වා.හේතු අහන්නේ නෑ. ඒ චාමරගේ හැටි. මට ප්‍රශ්නයක් කියල තේරෙන්න ඇති. යාලුවෙක් කිව්වොත් කිසිම දේකට බෑ කියන්නේ නෑ. 
විනාඩි හතලිස් පහකින් විතර චාමර අපේ ගෙදරට ආවා. අම්මට කියල තේකකුත් හදවාගෙන ඒක චාමරට බොන්න දීලා මං වල් පල් ටිකක් කතාකර කර හිටියේ අපේ ගෙදර එදා කට්ටිය ටිකක් වැඩි නිසා. ටික වේලකට පස්සේ මම චාමරවත් ඇදගෙන එලියට ගියේ හැමදේම කියන්න.
ඒ වුනාට අම්ම ඇවිත් දොර ලගට වෙලා බලන් ඉන්නවා
"පාරට වෙලා මොනවද ලොක්කා කරන්නේ ඇතුලට ඇවිත් කතාකරන්න " 

අම්ම මෙහෙම කිව්වා. ලොකු පුතා වෙච්චි මට වෙලාවකට කතාකලේ එහෙම. අම්මලට හංගන්න බැලූ ලමයින්ගේ දේවල්. ඒ වගේ අම්මටත් මං ගැන ඉව වැටිලා වෙන්ඩ ඇති. නැත්නම් වෙනදට ඔහොම අපි ගැන හෙව්වේ නෑ. යාළුවොත් එක්ක බලද්දී අපිට පොඩි කලේ ඉදන්ම ලොකු නිදහසක් තිබ්බා, කිසිම දෙයක් කරන්න කියලා බල කලේ නෑ. නීති රීති තිබ්බේ නෑ. ඒ වුනාට නීති රීති අපි හදාගෙන ඒ රාමුව ඇතුලෙයි අපි ජිවත් උනේ. ඉතින් අපි වැරදි නොකරන බව අම්මා තාත්තා  දැනන් ඉන්න ඇති, ඒ නිසාම පොඩි වෙනසත් එයාලට තේරෙන්න ඇති. අම්මා මේ දවස් වල වෙනස් කියලා මට තේරුනෙත් ඒකයි. හැබැයි ඒක මගෙන අම්මා ඇහුවෙත් නෑ.

" නෑ නෑ මෙයා දැන් යනවලු. දැන් යන්න හදන්නේ. මාත් හන්දියට ගිහින් එන්නම් අම්මේ " 
මෙහෙම කියලා මම චාමරත් එක්ක ගෙදරින් පිට වුණා. 
ඇවිදන් යන අතරතුර මං මුළු කතාවම චාමරට කිව්වා. නිශ්ශබ්දව ඒක චාමර අහන් හිටියා.

" මචන් මේක කාටවත්ම කිව්වේ නෑ. කාටවත්ම නොකියා ඉන්නයි හිතන් හිටියේ. ඒත් මට හිතෙනවා මං හදිස්සි වුනාද කියලා"

" මේක උඹ පටන් ගත්තේ සිරියස්ද? ජෝක්ද ?"
"මම ජෝක් කරන්නේ නැනේ බං. සීරියස් තමයි" 
"දැන් වෙලා ඉවරනේ බං, ඕව මුකුත් හිතන්න එපා. ඒ වුනාට මට ගයත්‍රීත් එක්ක කතාකරන්න ඕනේ ඔක්කොටම කලින්."
"මං කෝල් එකක් අරන් දෙන්නම් එහෙනම්"
මගේ ෆෝන් එකෙන් ගයාත්‍රීගේ මොබයිල් එකට ඩයල් කරපු මං චාමරට එයත් එක්ක කතාකරන්න ඕනේ බව කියලා ෆෝන් ඒක චාමරට දුන්නා. ෆෝන් ඒක ගත්තු චාමර මගේ ඉස්සරහ කතා කලේ නෑ. ෆෝන් එකත් අරන් ටිකක් ඈතට ගියා, ඉතින් මට කියපු දේවල් මොනවද කියලා ඇහුනේ නම් නෑ. විනාඩි හත අටකට විතර පස්සේ චාමර මට ෆෝන් ඒක දුන්නා
.
" දිලිප් ගැන මං බලාගන්නම්. මම දිලිපයට හිමින් සැරේ මේක කියන්නම්. උඹ හදිස්සි වෙන්න එපා. අනික උඹට ප්‍රශ්න මුකුත් වෙන්න දෙන්නේ නෑ මම. බය නොවී ඉදපන්. ඒ වුනාට මට ගයත්‍රී ව නම් ෂුවර් නෑ බං. උඹට හොදයි නම් එච්චරයි ඉති. අවුලක් නම් මට කතාකරපන්"


ඔය වගේ කතා අහන්න වෙයි කියල මං දැනන් හිටිය ඒත් හොද යාලුවෙක් නම් යාළුවා වැරදි කරනවා බලන් ඉන්නේ නෑනේ. ඒ නිසා හිතේ මුකුත්  හංගගන්නේ  නැතුව එහෙම කතාකරන ඒකට මං හරි කැමතියි.  

"හරි බං තැන්ක්ස්. සොරි බං මෙවෙලේ කරදර කලාට" 

 " අපෝ ඕවා මොනාද, මං දැන් කොහොම ගියෝත්ද ලේසි" 
චාමර ඉන්නේ බියගමට කිට්ටුව. ඉතින් රෑ වෙනකොට බස් අඩු නිසා මං ඉක්මනට චාමරව පිටත් කරන්න ගියා. හැමදේම ඉවරවෙනකොට 7.30 ටත් කිට්ටු වෙලා තිබ්බා . හන්දියට ගිහින් චාමරව බස් එකකට නග්ගල මං ගෙදර එන්න පිටත් වුණා.
එන අතරේ ෆෝන් ඒක අතට ගත්තු මං ගයත්‍රී ට කතාකලා.

"කියන්න අනු"
"මොනවද චාමර කිව්වේ ?"
" මට බැන්නා අනු. මම ඔයාව අල්ලගත්තලු. ඔයත් එක්ක යාලු වුනේ දිලිප්ගේ කරදරෙන් ගැලවෙන්න නේද ඇහුවා. තව සිරියස්ද මේක පටන් ගත්තේ ඇහුවා. ඔයාට බොරුවක් කරලා හරි රවට්ටලා හරි තිබ්බොත් මාව ඉතුරු කරන්නේ නෑ කිව්වා. එයාල වෙන්නේ මොනවද කියල බලන් ඉන්නවා කිව්වා. දැනම් දිලිප්ට කිසි දෙයක් කියන්න එපා කිව්වා. එයා ඒක ගැන බලාගන්නම් කිව්වා. මට කිව්වේ ඔයාව රවට්ටන්න එපා කියලා.තව මොනවද කිව්වා මතක නෑ අනූ ." 


කියන්න ඕනේ ඔක්කොම කියලා වගේ. ඔය චාමර කතා කරන විදිය. කෙල්ලොන්ට එයා කොහොමත් කැමති නෑනේ. දුකත් හිතුනා මට.

"ඔයා මාව රවට්ටන්නේ නෑනේ. ගනන් ගන්ඩ එපා ඉතින්.ඔය චාමරගේ හැටිනේ, එයාට කොහොමත් ඔයාව පෙන්න බෑනේ"


"හ්ම්ම් ඒක හරි අනූ ශේප් " 
 ඊට පස්සේ ආයෙත් පුරුදු විදියට කාලයක් සතුටින් ප්‍රශ්නයක් නැතුව ඉන්න අපිට පුළුවන් වුණා.
මේ දේවල් මෙහෙම සිද්ද උනාට ටික දවසකට පස්සේ  තව ලොකු ප්‍රශ්නයක් උණා.


එදා සතියේ දවසක්. මම ගෙදර හිටියේ. හවස 3 ට විතර මට ගයාත්‍රි කෝල් කලා.  
"අනූ අපි මේක නතරකරමු "
 මට එකපාරට අදහගන්න බැරි උණා.ඔයා වචන ටික මං එයාගෙන් අහපු පලවෙනි දවස තමයි එදා  

"ඒත් ඇයි"
පැටලුනු වචන වලින් මං ඇහුවා.



හීනෙන් සුරංගනා ලෝකෙක ඇවිද්ද මනුස්සයෙක් කලබලේ ඇහැරිලා වුනේ මොකක්ද කියල හිතාගන්න බැරිව ලතවෙනවා වගේ තත්වෙක මමත් හිටියේ. අගක් මුලක් නොතේරෙන ඒ කතාව මට එකපාරටම තේරුම්ගියේ නෑ.

"නෑ අනූ අපි මේක නවත්තලා පරණ විදියට යාලුවෝ වගේම ඉමු"
"ඇයි මොකක්ද උනේ කියන්න" 
මාව අන්දුන් කුන්දුන් උනා එකපාරට මොකද උනේ කියලා  හිතාගන්න බැරුව.

"කියන්ඩකෝ ගයාත්‍රී මොකක්ද උනේ කියලා. හේතුවක් තියෙන්න ඕනනේ නේද ?"
"දිලිප් කතාකලා අද"
"ඉතින්"
"මං එයාට හැමදේම කිව්වා අපි යාලු උනා කියලා. එයා මට බැන්නා හොදටම."
"ඉතින් දැන් නවත්තන්නේ ඇයි" 
තවමත් නොතේරෙන හේතුව මං ඇහුවා

"මං හින්ද යාලුවෝ තරහ වෙන්න ඕනේ නෑ අනූ"
 එයා කතාකලේ හරිම කලබලෙකින්.

"ඉතින් ගයත්‍රී අපි යාලුවෙන්නත් කලින් ඔයා ඒක ගැන දැනන් හිටිය. මං ඒක ගැන ඔයාට පටන් ගන්න කලිනුත් කිව්වා. හැමදේම දැනගෙනනේ ඔයත් මේක පටන් ගත්තේ. ඇයි දැන් අතරමග නතර වෙන්න හදන්නේ"
" ඒක හරි අනූ. ඒ වුනාට තව ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මේක අපි නවත්තමු" 

"මං මේක පටන්ගත්තේ එහෙම නතර කරන්න නෙමෙයි. හැමදාම ඔයත් එක්ක ඉන්න හිතාගෙන. ප්‍රශ්න වලින් පැනල යන්නේ නැතුව අපි ඒවාට මුණ දෙන්නයි ඕනේ"
"ඒ වුනාට අනූ"
"ඇයි ඒ වුනාට කියන්නේ?  මං ඔයාට තේරුම්කලා නේද මේක ගැන කාටවත්ම කියන්න එපා විශේෂයෙන්ම දිලිප්ට කියන්න එපා කියලා ඒ හැමදේම චාමර ශේප් කරනකම්. ඇයි ගයත්‍රී ඔයා හදිස්සි උනේ?දැන් ඔය පොරොන්දුත් කඩ කරලා  "

"මට ඒක කියවුනා අනූ. එවෙලේ මතක් වුනේ නෑ මුකුත්. අනේ අනූ ඔයා අයෙත් මගේ පරණ යාළුවම වෙන්න අපි ඒ විදියටම ඉමු "
" මට බෑ, ඇයි ඔයාට දැන් නතර කරන්නම ඔච්චර උවමනාවක් තියෙන්නේ? මට බෑ එහෙම ඔයාගෙන් ඈත්වෙන්න "

"බැරි නෑනේ අනූ. මේක අපි පටන් අරන් මාසයක් විතර ඇති. හැමදේම අමතක කරන්න පුළුවන්"

" මාසයක් විතරක් යාළුවෙලා හිටිය කියන්නේ ආදරේ නෑ කියලද? ඔයා හිතන්නේ ආදරයක් ඇතිවෙන්න අවරුදු හතරක් විතර යාළුවෙලා ඉන්න ඕනේ කියලද?"
" මාසයක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයිනේ. ඉතින් අමතක කරන්න බැරි නෑ. අවරුදු ගණන් එකට හිටපු අයත් ඈත්වෙලා හොදට ඉන්නේ, අපිට ප්‍රශ්නයක් වෙන්න බෑනේ එතකොට. ."
" ඇයි ගයත්‍රී කාලෙන් මිනිස්සුන්ව මනින්නේ. මාසයක් නෙමෙයි අව්රුද්දක් දෙකක් නෙමෙයි දහයක් යාළුවෙලා හිටියත් ආදරේ ආදරෙමයි. සමහරුන්ව අපිට අවරුදු දහයක් එකට හිටියත් නොගැලපෙනවා කියලා තේරෙන්නේ නෑ. සමහරුන්ව දවස් තුන හතරකින් තේරුම්ගන්න පුළුවන්.මිනිස්සුන්ව දැනන් හිටපු කාලෙන් මිනිස්සුන්ව මනින්න එපා. ගතිගුණ වලිනුයි මිනුස්සුන්ව මනින්න ඕනේ නේද. මුල් කලේ අඩුපාඩු නොපෙනුනාට කාලෙත් එක්ක අඩුපාඩු පේනවා. මුල් කලේ තිබුණු බැදීම්, හොයබලීම් ඔක්කොම කාලෙත් එක්ක අඩුවෙනවා. ඒත් මේ එහෙම දේකුත් නෙමෙයි. කොච්චර ආදරයක් තිබුනත් නොගැලපීම් නිසා හරි අම්මලා තාත්තලා අකමැති නිසා හරි වෙන් වෙන්න වෙනවා වෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් වත් නැතුව හේතුවක් නැතුව මේක නතර කරන්නේ මොකටද? කොහොම උනත් මේ වෙලාවේ මට මේක නවත්තන්න ඕනේ නෑ.ඔයා මට මේක දැන් අද දවසෙම කිවුවත් නවත්තමු කියල මං ඒකට කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ඔයා අයිත් අහන්න එපා. කේන්තිය නිවිලා හොදින් ඉන්න වෙලාවක අපි කතාකරමු. කේන්ති ගියපු දුක හිතුනු වෙලාවලට ප්‍රශ්න වලට විසදුම් හොයන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්" 


නොහිතපු වෙලාවක ඇති වුනු ඒ ප්‍රශ්නේ එදාම විසදගන්න පුළුවන් වුණා. 

ඒත් පලවෙනි වතාවට ඒ අහපු වචන ටික අහපු අන්තිම දවස ඒක වුනේ නෑ.  
  
ජිවිත අන්දරය දහතුන්වන කොටස කොටස බලාපොරොත්තු වන්න . 


Friday, July 27, 2012

අමුතු පෙම


















මා දනිමි නුඹ 


මගේ නොවන වග 


ඒත් කෙලෙසක නුඹ 


අතැර යන්නද..


හිමි නොවන වග 


දැන දැනම

රස විදිමි නුඹවම


නෙලා නොගත්තද 


නුඹට නොදැනීම...


පෙම් කරමි නුඹටම 


වරම් නොලැබුනද 


නුඹට නොදැනීම 


දිවි තිබෙන තුරාවට... 

Tuesday, July 24, 2012

ජිවිත අන්දරය එකොලොස්වන කොටස

ජිවිත අන්දරය නවවන කොටසට 
ජිවිත අන්දරය දසවන කොටසට


විභීෂණ දේවාලය ඉදිරිපිට පොල් ගසන ස්ථානය ඇති අතර ඊට එහායින් වන්නට පලතුරු වට්ටි පිළියෙළ කරන ස්ථානයත් ඇත. වතුර පයිප්පයක් ඇත්තේ ඒ දෙකට මැදි වන්නටය. පමණට ජලය පානය කල මා පියවර මැන්නේ පිටත මළුවේ ඇති මාර්ගයේය. ගිනිගහන අවුවේ පවා සිසිලසක් ගෙන දීමට එම පෙදෙස සමත්ව ඇත්තේ. පටු පාර වසා ගත් නා ගස් පේලිය නිසාවෙනි. 


      චෛත්‍ය පිහිටි වැලි මලුඅවට පිටතින් පිහිටි මේ දෙවෙනි මලුවත් වැලි මළුවත් වෙන්වුණේ නා පෙන නිරූපිත මුරගල් පෙලියකිනි. මද දුරක් ගමන් කල මා පිටතට කකුල් දමා කොන්ක්‍රීට් දමා තිබුණු බැම්මේ වාඩි  උනෙමි. එම තැනද සුවිශේෂිය. මිට පෙර දිනක මම ගයාත්‍රි සමග මෙහි පැමිණ ඇතිබවත් එහිදීද වාඩිවී සිටියේද මෙම ස්ථානයේම බවත් මතකයට නැගුණි. 


    " මචන් ධනුෂ්ක දවසක් මමයි ගයත්‍රියි පන්සල් ඇවිත් මෙතනම වැඩි වෙලා හිටියනේ. එදත් මාරු වැඩක් වුණා. දැන් නම් මතක් වෙද්දීත් හිනා. මං ඒකත් කියන්නම්කො පස්සේ"


ධනුෂ්කත් ඉදගත්තයින් පස්සේ මම ආයිත් කතාව පටන් ගත්තා.


    "මං කතාව නැවැත්තුවේ ගයාත්‍රි මාව හම්බ වෙන්න එන්න කියපු තැනින්නෙ. ඉතින් මං එදා හරිම අවුලකින් හිටියේ ගමේදී එහෙම ගෑනු ළමයෙක්ම හම්බවෙන්න යන එක ගැන. අනිත් දේ ඊයේ ගයාත්‍රි මව බයිට් කලාද කියලත් හිතුනා. ඕන දෙයක් කියල මං කලින්ම ලෑස්තිවෙලා ගයාත්‍රි කියපු වෙලාවටත් කලින්ම ගියා ෆුඩ් සිටි එක ලගට. ලෑස්ති වෙලා කිවුවට ඉතින් හිටපු විදියට ෂෝර්ට් එක ඇදන් තමයි ගියේ. නැත්නම් අම්ම සැක හිතනවනේ. ඉතින් වෙලාවට කලින් එතනට ගිහින් ඇටිකෙහෙල් කාපු මොකටද වුණා වගේ වැඩක් මට වුනේ. 
මං මැසේජ් එකක් යැවුවා ගයත්‍රිට.


'koheda oya inne?'
'man thawa 20 min walin othanata enawa'
'ayio wela yanawada? man handiyata awath ekka'

 විනාඩි විස්සක් මං මෙතන හිටගෙන මොනවා කරන්නද. මං ෆුඩ් සිටි එකට රිංගලා පොඩි චොකලට් එකක් ගත්තා. ඒක අරන් එලියට ආවත් වෙලාව ඉතුරුයි වගේ. ඊටත් පස්සේ ටිකක් එහායින් වෙන්න තිබුණු කමියුනිකේෂන් එකට රිංග ගත්තා. ඒකෙ අයියත් එක්ක කතාවක් දාගෙන ෆිල්ම් එකක් තෝර තෝරා  හිටිය. ෆිල්ම් තේරුවට ගන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ සල්ලි තිබ්බෙත් නෑ. ඔහොම තමයි ඉතින් වෙලාව කෑවේ. ගයාත්‍රි ආවේ දුඹුරු පාට බ්ලවුස් එකකුයි ඩෙනිම් කලිසමකුයි. එයා බස් හෝල්ට් එකෙන් බැහැල පාර පැනල එන්න ඕනේ මං ඉන්න පැත්තට එන්න.හිනාවක් මුනේ පුරවාගෙන අපු ගයාත්‍රිව දැක්කම මගේ බයත් නැතිවෙලා ගියා. පස්සේ අපි දෙන්නා යන්න පිටත් වුණා හැබැයි ඒ ප්‍රධාන පාරෙන් නෙමෙයි. අතුරු පාරකින්.
හැබැයි දෙන්නම කතාවක් නෑ. හිනාවෙවී ඉන්නවා විතරයි. මං ඇහුවා ඉතින් එයාගෙන් ප්‍රශ්නයක්  




"මේ ඔයා ඊයේ ඇත්තටම නේද අරක ඇහුවේ?"
"ඔව්. ඇයි ඔයා බොරුවටද හා කිව්වේ?" 
"නෑ නෑ ඇත්තට "
දෙන්නටම දෙන්නා සුවර් නෑ වගේ

"හ්ම් ඇයි අද ඔයා ලොකු අම්මලාගේ ගෙදර ආවේ ?"
" ඔයාව බලන්න" 
"අහ ඇත්තද?"
   " නැත්නම් අනු  අද  මොකටද මං මෙහෙ එන්නේ. වෙන වැඩ නැතුවය "
කියපු විදිහෙන් නම් බොරු කියල හිතුනේ නෑ. මං ගත්තු පොඩි චොකලට් එක එයාට දුන්නා.
ෆුඩ් සිටි එක පිටිපස්සෙන් ප්‍රධාන පාරට පොඩි අතුරු පාරක් තියෙනවා. ඒක දිගේ අපි කතාකර කර ආවත් ප්‍රධාන පාරට ආවම කතව නවත්තලා සද්ද නැතුව ඇවිදගෙන ගියා. පන්සල පහුකරලා ටික දුරක් ගියාම ගයත්‍රීගේ ලොකු අම්මගේ ගෙදරට හැරෙන පාර තියෙනවා.ඒ පාර ලගට වෙනකම් ආපු මම එතනින් එයාට සමු දෙන්නයි හිතන් හිටියේ. 
ඒත් මාර වැඩේ වුනේ එතන ගෙදර අදුරන ඇන්ටි කෙනෙක් පාරේ හිටගෙන ඉන්නවා. මං දිහා බලල එයා හිනාවුණා. මාත් ඉතින් හිනාවුණා 
ගයත්‍රිට ඇහෙන් ඉගිකරපු  මම වෙන කතාවක් පටන් ගත්තා.



" කාලෙකින්නේ ඔයාව හම්බුනේ. දැන් මොනාද කරන්නේ ?" 
කාලෙකින් හමුබුනු යාලුවෙක් එක්ක කතාකරන විදියට  මං ඇන්ටිටත් ඇහෙන්න ටිකක් හයියෙන් කිව්වා.

" මං ඒ ලෙවල් කරන්නේ කොමර්ස් අනුරාධ. අපේ ලොකු අම්මා මෙහේනේ ඉන්නේ මං මේ එයාලගේ ගෙදර ආවා."

"අහ හරි එහෙනම් මං යන්නම් ගයාත්‍රි. මං මෙහෙට යන්නේ, බායි"
අතුරු පාරට නොහැරුණු මම දිගටම යන්න හිතන් එහෙම කිව්වේ ඇන්ටිට ඇහෙන්න.

"බායි අනුරාධ " 
යා එහෙම කියල අතුරු පාර දිගේ ඉස්සරහට ගියා.

මම යන්න හැදුවත් ඇන්ටි මගේ ලගටම එනවා වගේ. මොනවා අහයිද මන්දා 

"පුතා, ඔයා මොනවද කරන්නේ උසස් පෙලට?"

"මං කරන්නේ මැත්ස් ඇන්ටි. චාමර  නම් කොමර්ස් නේද කරන්නේ?"
චාමර කිව්වේ ඒ ඇන්ටිගේ පුතා. අපේ වයසෙමයි


."ඔව් පුතා කොමර්ස් "

"මං යන්නම් ඇන්ටි එහෙනම් "
"හා හරි පුතා ගෙදරද යන්නේ?අම්මයි තාත්තයි මතක් කල කියන්න එහෙනම්"
"හා හරි ඇන්ටි"
බයේ හිටියට වෙන මුකුත් ඇහුවේ නෑ. මම ඉතින් සැනසුම් සුසුමක් හෙලාගෙන ගෙදරට ආවා.
අම්මා හරි තාත්තා හරි ඕක දැනගනියි කියල හිතුනට එහෙම වෙලා තිබ්බෙත් නෑ. මෙච්චර කාලෙකට අපි කලේ sms කරගන්න ඒක වුනාට එදා ඉදන් අපි මල් කඩන්නත් පටන් ගත්තා. හච් 12, මොබිටෙල් ෆ්‍රීඩම් වගේ පැකේජුත් ඇවිත් තිබුනේ ඒ කාලේ. ඕව තිබිලත් පිරිමහගන්න බැරි දවස් තිබුණා. හොද වෙලාවට ටික දවසෙකට පස්සේ ගයත්රිගේ අම්මට හම්බුනු මොබිටෙල් උපහාර සිම් එකත් ගයත්‍රිට හම්බ වෙලා තිබුණා.    
ඉතින් හැමදේම පහසු වුණා.
මේ අතරේ තවත් වෙච්චි දෙයක් මට හොදටම මතකයි. මේක වුනේ අපේ ඇෆයර් එක පටන් අරන් හරියටම සතියකට පස්සේ. එදා ලොකු අම්මලාගේ ගෙදර ගයත්‍රී  ආවාට පස්සේ මට ආයිත් එයාව හම්බුනෙත් නෑ. ඉතින් එයින් හරියටම සතියකට පස්සේ ගයත්‍රී මං කෝල් කරපු වෙලාවක මෙහෙම කිව්වා 

"අනූ මට හෙට ක්ලාස්නේ. ඔයත් එනවද යන්න"
"හා එන්නම්, කීයටද"
"ක්ලාස් තියෙන්නේ නම් දවල්ට. ඔය එන්නකෝ 10 ට විතර හතරේ කණුවට"
 එයාට හා කියපු මම ඉතින් කලින් වගේ වෙලාවට කලින් නොගිහින් හරියටම වෙලාවට එතනට ගියා. 4 කණුවේ බස් නවත්තන්නේ බස් හෝල්ට් එකේ නෙමෙයි. ඊට ටිකක් මෙහායින්, ඒ හරියේ කඩ ටිකක් එහෙමත් තියෙනවා. මං කඩයක් ඉස්සරහට වෙලා හිටන් හිටියා.
වෙලාවත් පහුවෙලා නිසා මං ගයත්‍රීගේ මොබයිල් එකට කෝල් කලත් එක වැඩ කලේ නෑ. වෙන මොනවා කරන්නද මං බලන් හිටියා එයා එනකම්.
10.20 ට විතර එයා ආවා. මට කේන්ති ගිහින් තිබ්බත් පෙන්නුවේ නෑ .

"දැන්වත් යමුද?"
"සොරි අනූ ටිකක් පරක්කු වුණා"
"ටිකක් නෙමෙයි ගොඩක්. කෝ ෆෝන් එක. මං එකට කෝල් කියක් ගත්තද?"
"  ඒක මං දාලා ආවේ?"
"ඇයි ඒ?"
"නැත්නම් අම්මා කෝල් කරනවානේ"

"දැන් කොහෙටද යන්න ඕනේ?"
"ආමර්  ස්ට්‍රීට් වලට අනු"
"එහෙනම් මේකේ යමු" 
ඈතින් එනවා පේන 138 කඩවත කොටුව බස් එකක් පෙන්නලා මං කිව්වා.
"හා" 
මං කියපු දේට එකගවුණු ගයත්‍රී මගේ ලගට  ඇවිත් මගේ අතේ එල්ලුනා. මට පුදුම හිතුනා. අනික ලැජ්ජත් එක්ක. අපිව කව්රුහරි දැක්කොත් කියල. අනිත් එක අපි තාම පොඩි ළමයිනේ. එත් ඕන එකක් කියල මාත් ඔහේ හිටිය.      
මෙහෙම අපි නිතරම වගේ හම්බුනා පුළුවන් විදියට. ඉස්කෝලේ ඇරිලත් දෙන්නම ගෙදර ආවේ බස් එකේ නිසා හවසටත් අපි මුණ ගැහුනා. 

එතකොට ඉස්කෝලේ ඇරෙන්නේ 1.30 ට  උනාට බෙල් 1.20 ට බෙල් එක ගහනවනේ. මේ වෙලාවට පන්තියෙන් බෑග් එකත් අරගෙන පැනගන්න මට පුළුවන්. බෑග් එකත් අරන් මං ඉක්මනට යන්නේ ඉස්කෝලේ පිටිපස්සේ ගේට්ටුව ලගට. ඒ වෙලාවට ගේට්ටුව ඇරලා. එත් කාටවත් යන්න දෙන්නේ නෑ. සිකුරිටි අන්කල් ව අදුරන නිසාම මට ගාථා කියන්න ඉන්නෙවත් නැතුවම එතනින් පැනගන්න එක නම් එච්චර ලොකු දෙයක් වුනේ නෑ. අපේ ඉස්කෝලේ පිටිපස්සේ ගේට්ටුවයි ලේඩිස් කොලේජ් එකයි වෙන් වෙලා තිබ්බේ පොඩි පාරකින්. එතනින් එලියට ආපු මම ඉක්මන් ගමනින් හි දුවගෙන හරි එන්නේ තර්ස්ටන් එක ලග බස් හෝල්ට් එකට. ඒ 154 බස් එකේ නැගගන්න. එවෙලාවට නැග ගත්තම බොරැල්ලට මට 1.50 වෙද්දී එන්න පුළුවන්. නැත්නම් ට්‍රැෆික් එකට අහුවෙනවා. 

 මං එනකම් ගයත්‍රී එතන ඉන්නවා යාලුවෙක් එක්ක. ඉතින් මං එතනින් බැහැල ගයත්‍රීත්  එක්ක ගෙදර යන්න ආයිත් 135 හරි 154 හරි නැග ගන්නවා. ඔය විදියට මුල් මාසේ ගෙවුණා.  
  ඒත් ඔහොම හම්බ වෙන්න යන එක ලොකු ප්‍රශ්නයක් වුණා.

මිට පස්සේ මොනවා වේවිද?
ඇතිවෙච්ච ප්‍රශ්නේ මොකක්ද? 
මීලග කොටසින් බලාපොරොත්තු වෙන්න  




Thursday, July 19, 2012

ජිවිත අන්දරය දසවන කොටස

ජිවිත අන්දරය අටවන කොටසට 
ජිවිත අන්දරය  නවවන කොටසට  


මං  ගයාත්‍රිව  දන්නේ මුලින්ම එයා අපේ ගණන් ක්ලාස් එකේදී දැක්ක දවසේ ඉදන්. එදා ඉදන් අද වෙනකොට සෑහෙන කාලයක් ගිහින්. ඒත් මේ වෙද්දී අපි හොද යාලුවෝ වෙලා ඉවරයි. 


ටික වෙලාවක් කල්පනා කල  විට මා ඇයට අකමැති වීමට හේතුවක් තිබුනේ නැති  බව තේරුණා.  මුලින්ම ගයාත්‍රිව දැක්ක දවසේ ඉදන් ඉදන්ම මට එය ගැන විශේෂ ඇල්මක් උනන්දුවක් තිබුණා. අන්තිම මාස ටිකේදි අහම්බෙන් හරි අපි දෙන්න අතර ලොකු මිත්‍ර කමක් ඇතිවුණා. ඒත් මට එයාට එකපාරට හා කියන්න බැරි හේතුවක් තිබුණා. 


මං හොදටම දැනන් හිටිය මගේ යාළුවා වෙච්ච දිලිප් ගයාත්‍රිගෙන් ටික කාලෙකට කලින් කැමැත්ත කිහිප වතාවක්ම  අහල තිබ්බ බව. දිලිප්ට ගයාත්‍රි අකමැති වුනත් ඒ දේ නිසා මං මේ දේට කැමති වෙන එක වැරද්දක් කියල මට හිතුනා. ඒත් මම බලාපොරොත්තු වුනු ආසා කරපු කෙනාම මගෙන් ඒ අහපු ප්‍රශ්නෙට බෑ කියන උත්තරය දෙන්න මට පුළුවන් කමක් එදා මට තිබුනේ නැති බව මට තේරුණා.  


      පැය ගණනක් ගත නොවුනත් මේ සිතිවිලි මගේ හිත ඇතුලේ කැලතුනු ඒ විනාඩි කිහිපය කල්පයක් වගේ මට එදා දැනුණා. වෙලාව රෑ 8.30 ට විතර ඇති. අවසානෙදි තීරණයක් ගත්ත මං ෆෝන් එක අතට අරන් මැසේජ් එකක් යැවුවා .

"mama kamathiyi "

      

  එදා, අගෝස්තු දොළොස් වෙනිදා මගේ ජිවිත ගමනේ පියවර කිහිපයක් ඉදිරියට නැග්ගා කියලයි මට හිතුනේ. ඒත් මම උඩට නැග්ග පඩි ටිකත් බැහැගෙන තවත් බිමටම වැටුණු බව තේරුනේ කාලෙකට පස්සෙයි. 

 අපේ ආදරේ ඇරඹුණේ sms පිහිටෙන්. එහෙම කැමැත්ත ප්‍රකාශ වුනත්  ඒත් එක්කම අනිත් පැත්තට මං එයාට කෝල් එකක් ගත්තා. අලුත් වෙච්ච හැගීම් එක්ක මේ කතාව ටිකක් දිගු වුණා. අපේ ප්‍රේම කතාවේ ආරම්භය එදා මෙහෙම සිදු වුණා.  



"හෙලෝ අනූ කියන්න "   ගයාත්‍රි එහෙම කිව්වා 
"ඔයා කියන්නකෝ" මමත් එහෙම කිව්වා 
" ඔයා කියන්න" අයෙත් ගයාත්‍රි එහෙම කිව්වා 
කෝල් එකක් ගත්තට කතාකරන්න දෙයක් නෑ වගේ. දෙන්නම කතාව පටන් නොගෙන අනිත් කෙනා කතාකරනකම් බලන් ඉන්නවා. මේක හරි යන වැඩක් නොවන හින්ද  මං පටන් ගත්තා කතාකරන්න 

" ගයාත්‍රි ඇයි ඔයා මගෙන් එක පාරට කැමැත්ත ඇහුවේ? " 
මං ඒකයි මුලින්ම ඇහුවේ 
  
"මං ඔයාගෙන් ඇහුවේ නැත්නම් ඔය මට ඕක කවදාවත් කියන්නේ නෑ. මං දන්නවනේ ඔයා ගැන. මං වෙන කෙනෙක් එක්ක යාලුවුනත් කමක් නෑ කියල බලන් ඉදියි. අහ් මං කියන්නේ බොරුද?"
  ඇත්තටම එයා මගෙන් එහෙම දෙයක් එදා ඇහුවේ නැත්නම් අදටත් අපි යාලුවෝම විතරක් වෙන්න තිබ්බා. මම කවදාවත් ඔහොම දෙයක් අහන්නේ නෑනේ .

" ඔව් හැබැයි. ඔයා ඇහුවේ නැත්නම් මං අහන්නේ නෑ තමයි . කැමති එක වෙනම දෙයක් ඒත් ඔය වගේ දේවල් අහන්න ගිහින් යාළුවව නැති කරගන්න බෑනේ"

" ඒත් ඇයි මැට්ටෝ මට කැමති නම් ඇහුවේ නැත්තේ? අනිත් එක ඇයි උත්තරයක් දෙන්න ඔච්චර වෙලා ගියේ?" 
"එක තමයි මං ඔයාට කියන්න හිටියේ. මං ඔයාට අකමැති නෑ ගොඩක් කැමතියි. ඒත් එක ප්‍රශ්නයක් තිබ්බා. ඒත් ඔයා දිලිප් ගැන දන්නවනේ. මට ඔයා නිසා යාලුවෝ නැතිකරගන්න බෑ. එයාගේ හිතේ දැන් ඔයා ගැන අදහසක් නැති එක ඇත්ත ඒත් එයා ඔයාට ට්‍රයි කලානේ කාලයක්. මත එක්ක ඔයා යාළුවෙලා කියල හිතුනොත් එයා දුක් වෙයි. ඒ නිසා මේ ගැන අපි දෙන්න විතරක් දැනගෙන හිටියොත් ඇති. හරිද? " 
මං මගේ හිතේ තිබුණු ප්‍රශ්නේ එහෙම කිව්වා

" හරි අනූ කමක් නෑ. අපි එහෙම කරමු" 
 ඒකට එදා ගයාත්‍රිත් එහෙම එකග වුණා.

"එහෙනම් හරි ප්‍රශ්න නෑ. හැමදේම හරි "  
 මගේ හිතේ තිබුණු ප්‍රශ්නයක බර එහෙම නිදහස් වුණා. 

 " අනූ එහෙම බෑනේ. ගෑනු ළමයා පිරිමි ළමයාගෙන් කැමැත්ත අහන්නේ නෑනේ.  ඒ නිසා ඔයා මගෙන් ආයිත් කැමැත්ත අහන්නේ ඕනේ. සම්ප්‍රදාය එහෙමනේ "
 ගයාත්‍රි ගෙන් තව ප්‍රශ්නයක් 

" අපෝ මට බෑ. අපි සම්ප්‍රදායෙන් පිට වැඩ කරමු."
 මම ගත් කටටම එහෙම කිව්වා 

" එහෙනම් නිකම් ඉන්න. මං යාලු නෑ තරහයි. බායි" 
මවාගත්ත තරහකින් ගයාත්‍රි එහෙම කිව්වා 

"නෑ නෑ ඉන්න අහන්නම්, මොකක්ද දැන් අහන්න ඕනේ ?" 
එයාව තරහ කරගන්න බැරි හින්ද මං එහෙම කිව්වා.

"ඇයි අනේ අනූ අර  අනිත් පිරිමි ළමයි අහන්නේ කැමැත්ත ඒ වගේ අහන්න" 
" ඉතින් මං දන්නවද ඒක. මං කාගෙන්වත් අහල නෑනේ. ඔයා කියන්න මං අහන්නම්"
නොදන්නා කමටම නෙමෙයි ඒ උනාට මං එහෙම කිව්වා 

"මොකක්ද අනූ, ඔයා එහෙන ම අහන්න ඕනේ 'මං ඔයාට කැමතියි ඔයා මට කැමතිද ?' " 
එයාගේ කතාව ඉවරවෙන්න කලින් මං පැනල උත්තර දුන්නා.
"ඔව් මං කැමතියි. දැන් හරිනේ"
" ඔන්න ඉතින්. මැට්ටෝ ඔයයි ඒක අහන්න ඕනේ. මට බෑ ඔයත් එක්ක මං තියනවා. බායි"

"අහ් ඉන්න ඉන්න දැන් අහන්නම් "
"හා.අහන්න එහෙනම් "
" මං ඔයාට කැමතියි ඔයා මට කැමතිද" 
මං නිකම් රොබෝ කෙනෙක් වගේ කියවන ගියා. වචන ඇහෙන්නත් නැතුව ඇති මට හිනා ගියපු නිසා.
" අපෝ ඔහොම ඇහුවම ආදරේ හිතෙනවද?හිනාව නවත්තල ලස්සනට කියන්නකෝ අනූ "
"අයියෝ, ලස්සනට තමයි කිව්වේ. හ්ම්ම් හරි මං ඔයාට කැමතියි  ඔයා මට කැමතිද කියන්නකෝ"   
මං ටිකක් ඇදල පැදලා ලස්සනට ඇහුවා.
"ඔහොමත්  බෑ තව ටිකක් ලස්සනට අහන්න  "

"දැන් මාව බයිට් එකට ගත්තා නේද? මේ නම් අන්තිම පාර හැබැයි. මන් ඔයාට කැමතියි, ඔයා මට කැමතිද?" 
  පුදුම කට්ටක් කල ඒක නම් දැනෙන්න කියාගත්තා.

"ඔව් මං ඔයාට ගොඩාක් කැමතියි අනූ " 
 ගයාත්‍රි එහෙම කිව්වා.
මේ විදියට අපේ පලවෙනි ප්‍රේම සංවාදය ටිකක් වෙලා ගලන් ගියා.  


එදා දවස ගෙවිල ගියේ හීන බලාපොරොත්තු ගොඩක් එක්ක. හිතට නැවුම් බලාපොරොත්තු ගොඩක් එකතුවෙලා තිබුණා. ඔහේ ගලන් ගියපු ජීවිතේට  අරමුණක් එකතු වුන කියල මට හිතෙන්න ගත්තා.
                --------------------------------------------------------------------------------------------------

පහුවෙනිදා උදේ වරුවේ මට ගයාත්‍රි ගෙන් මැසේජ් එකක් ආවා.

'anu mama thawa tikakin loku ammalage gedara enawa. oya handiyata enawada?' 
එන්නම් කියලා කිවුවට මට මේක ටිකක් අලුත් අමාරු දෙයක් කියලා තේරුණා. 
අනික මේ අපේ ගම. කෙල්ලෙක් එක්ක මම තනියම යනකොට මිනිස්සු කොච්චර දේවල් හිතයිද කියලා මට හිතුණා. අනිත් ඒක අපේ බාප්පා කෙනෙක්ගේ කඩයකුත් හන්දියේ තිබ්බා. එයට නොපෙනෙන්න එතනින් යන්නත් අමාරුයි. හැමදේම හිතල මං. යන්නම ලේසි පැත්ත ගාන හිතල එතනට ගයාත්‍රිට එන්න කිව්වා
.  
' ha man ennam. enna 10 min walata kalin kiyanna. habayi oya man inne food city eka laga '
 'hari man kiyannam. kamakne ethana inna'
ගයාත්‍රි එහෙම කිව්වා.ඒ හමුවීමත් සුවිශේෂියි. එත් මං හැමදේටම වැඩ බය වෙලයි හිටියේ. කව්රුහරි දැක්කොත් කියන සිතුවිල්ල මගේ හිතේ තිබ්බා .  "

අන්ධකාර අහසම ආලෝකමත් කරමින් තරු පන්තියක්ම අහසේ පායලා තිබ්බා.සදට නම් අහස අද අමතක වූ හැඩයි. කතාව නවත්තපු මං තරු පන්තිය දිහා බලාගෙන තරු පන්ති හදුනාගන්න පුංචි උත්සාහයක යෙදුණා.  සවස් වරුවේ තිබු කලබල කාරී පරිසරය දැන් පුජා බිමෙහි දැකගත නොහැකිය. 
"වතුර ටිකක් බොන්න යමුද මචන්. තිබහයි" 
 සෑහෙන වේලාවක් කතාකරපු නිසාදෝ  දැනුනු පිපාසය නිවාගනුමට  මං මිතුරා සමගින් වාඩි  වී සිටි තැනින් නැගිට දේවාලය දෙසට ගියෙමි.  

 මිට පස්සේ මොනවා වෙයිද?
 ජිවිත අන්දරය එකොලොස්වන කොටස බලාපොරොත්තු වන්න. 




තවත් මම බලාසිටිමි




සද නොමැති අමාවක රෑ

තරුව වෙයි එළියක් 

පුන් පොහෝ දින 

නැත ඒ තරුවට ඉඩක්.. 


මමද අමාවක රෑ තරුවක් වුනෙමි 

පුන් පොහෝ දින 

මට ඉඩක් නොලැබෙන බව 

දැන දැනම ..

නමුදු කිසිදා නොලැබෙන 

නුඹට මා සැමදා

පෙම් කරන්නෙමි 

දනිමි නුඹ අද නොඑනා බව 

නමුදු මම බලාසිටිමි 

නුඹ එතැයි

බලාපොරොත්තුවෙන්...

මා අසරණය 

කරනු වෙන කිසිවක් නොහී

කල මා නුඹට පෙම් කලෙමි..

අදුරු මා දිවිය 

නුඹ එලිය කලේ 

අදුරු අහස ආලෝකවත් කල 

පුරා සද මෙනි ..

නමුදු සඳ මෙන්  

නුඹද මට බොහෝ ඈතය

සඳ හිමි සඳේ සාවටය

නුඹද හිමි ඔහුටය

Monday, July 16, 2012

ජිවිත අන්දරය නවවන කොටස

ජිවිත අන්දරය හත්වන කොටසට 
ජිවිත අන්දරය අටවන කොටසට 

 ඒ ලෙවල් විභාගේ නිසා  අගෝස්තු පාසල් නිවාඩුව මේ අවරුද්දේදි පුරුදු විදියටම මුල් සතියෙම හම්බුනා. පාසල් පටන් අරන් වැඩි කාලයක් ගිහින් තිබ්බෙත් නෑ. අනික ජුනි ජුලි වගේ සති දෙකක නිවාඩුවකුත් අපිට හම්බුනා. ඒ විභාගෙට යන අයියලාට පාසලේදී වාර විභාග හා සම්මන්ත්‍රණ තිබුණු නිසා. 





මාව වැටුනේ 12 M -1 ක්ලාස් එකට. මැත්ස් සෙක්ෂන් එකේ අනිත් පන්ති වලින් වෙන්වෙලා තනි ගොඩනැගිල්ලක අපේ පන්තිය තිබුනේ. පන්තිය හැදුවේ අඩුම තරමේ ඕ ලෙවල් වලට  A 9 ක් වත් අරගත්ත අය එකතුකරලා . ඒ නිසා හැමෝගෙම අවධානෙත් අපේ පන්තියට ටිකක් වැඩිපුර තිබ්බා. වෙන්වෙලා හිටපු නිසාත් තෝරලා හදපු නිසාත් අපේ පන්තිය 'කුකුල් කූඩුව' කියලා නමකුත් පටබැදුනා 


පොඩි කලේ ඉදන් ම‍ට ඕන වුනේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න. එකොළහ වසරේදී කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙලා ඉන්න මට පුළුවන් වුණා. ඒ හින්දම ඒ ලෙවල් වලට ඉස්කෝලෙට ගියපු ගමන් මට ඕන වුනේ ශිෂ්‍ය නායක තනතුරට ඉල්ලුම් කරන්න. ඒ වුනාට පලවෙනි දවසේ  අපේ පන්තිභාර ප්‍රේමදාස සර් කරපු කතාවෙන් පස්සේ ඒ අදහස් අත් හැරගන්න සිද්ධ වුණා. 

" ළමයි මට ඔයාලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඔය කාට හරි ශිෂ්‍ය නායක සංගමේට බැදෙන්න ඕන කමක් තියෙනවා නම් මට ඇවිත් කියන්න, එහා පැත්තේ තියෙනවා කොමර්ස් සෙක්ෂන් එක. දැන්ම ගිහින් ඒකෙන් ක්ලාස් එකක් හොයා ගන්න. ඒ ලෙවල් වලට මැත්ස් කරන්නයි ශිෂ්‍ය නායකයෙක් වෙලා ඉන්නයි දෙකක් කරන්න බෑ. ශිෂ්‍ය නායක සංගමේට බැදිලා ඩියුටි වලට එහෙ මෙහෙ ගිහින් පරක්කු වෙලා පන්තියට එන්න නම් හිතන්න එපා" 

ඔහොම පටන්ගත්තු සර්ගේ කතාව අහන ඉදල මං පාසලේ  ශිෂ්‍ය නායකයෙක් වෙන සිහිනය අමතක කරා. අපේ පන්තියෙන් දෙන්නෙක් ශිෂ්‍ය නායකයෝ වුණා. ඒත් එක්කෙනෙක්  ටික කාලෙකින් කොමර්ස් වලට මාරු වුණා. අනිත් කෙනා නායක කමින් ඉල්ලා අස්වුණා. එහෙම වුනාමයි තේරුනේ සර් කියපු  ඇත්තක් තිබ්බා කියලා. කොහොම වුනත් එක වසරේ ඉදන්ම මැත්ස් කරන්න තිබ්බා ආසාව නැති කරගන්න මට ඕන වුනේ නෑ.  

'කුකුල් කූඩුව'( ඔයාගේ දකුණු පැත්තේ තියෙන්නේ )
අගෝස්තු නිවාඩුව කියලා විශේෂයක් නොදැනුනේ ගොඩක් දුරට අතිරේක පන්තිවලට සහභාගී වුනු නිසා විය යුතුයි. දවසේ මොන වැඩේ තිබුනත් මගේ ෆෝන් එඅක්ට නම් ඒ වෙද්දී කිසිම විවේකයක් තිබුනේ නෑ. ගයත්‍රිගෙයි මගෙයි අතර ගොඩක් දුරට දවස පුරාම SMS, ඉදල හිටලා කෝල් එකක් ගන්න එකත් සිද්ධ වුණා. යාලුවන්ගේ විහිලු මට එතරම් ගානක් වුනේ නෑ.

මල්ලි ට්‍රයි කලේ ගෝතමී එකේ ගෑනු ළමයෙක්ට . ගයාත්‍රී බස් එකට නැග්ගේත් ඒ ගෑනු ළමයා බස් එකට නැග්ගේත් 4 කණුවේ බස් හෝල්ට් ඒකෙන්. 


ඉතින් මුලින් විස්තර නොදැන ඇහුවත් පස්සේ ඔය හැදුනුම්කම දැනගත්තට පස්සේ මල්ලි නිතරම ගයත්‍රිට උදවු ගත්තා. මං ගයත්‍රිට කෝල් කරපු වෙලාවලට මල්ලි ෆෝන් එක ඉල්ලගන්නවා එයාගේ වැඩ වලටත්.


ඔහොම දවසක් තමයි අගෝස්තු දොළොස්වෙනිදා. මල්ලි කාමරේ ඉදන් ගයත්‍රිත් එක්ක ෆෝන් ඒකෙන් කතාකරනවා මං දැක්කා. එවෙලේ එක නොඇසුනත් ඕක මට පස්සේ දැනගන්න හම්බුනේ මෙහෙමයි.

මල්ලි:- ඔයා අපේ අයියට ඇයි කතාකරන්නේ?

ගයත්‍රී :- එයා මගේ යාලුවෙක්නෙ. ඒකයි.

මල්ලි:- යාළුවොත් එක්ක ඔච්චර ඔහොම කතාකරන්නේ නෑනේ. ඔයා අයියට කැමතියි නේ?

ගයත්‍රී :-  ඔව් ඉතින් අපි යාළුවොනේ, අනූ මගේ හොදම යාළුවා.  යාළුවන්ට කොහොමත් කැමතිනේ 

මල්ලි:- නෑ එහෙම නෙමෙයි. ඔයා love නේද එයාට ?

ගයත්‍රී :-  කවුද එහෙම කිව්වේ ? අනූද?

මල්ලි :- නෑ, ඒ වුනාට මං හරිනේ?

ගයත්‍රී:- අනූ හොදයි. මං එයාට කැමතියි. ඒත් අනූ මට කැමති වෙයිද දන්නේ නෑනේ .

මල්ලි :- කැමතිනම් අහන්න, එයත් ඔයාට කැමති ඇති. අයියා නම් කවදාවත් ඔයාගෙන් යාලුවෙන්න අහන්නේ නෑ.මං එයාගෙන දන්නවනේ . ඔයා කැමති නම් ඒක  එයාට කියන්න.

ඔන්න ඔය විදියේ කතාබහකුයි සිද්ධ වෙලා තියෙන්නේ. මං මේක දැන් හිටියේ නෑ හැබැයි. 

ඔය කතාබහ  ඉවර වෙලා මට මල්ලි ඇවිත් මෙහෙම කිව්වා

"ගයත්‍රිට කැමතිනම් කැමැත්ත අහනවකෝ"
එහෙම වුනාට මගේ ස්ථාවරේ වෙනසක් වුනේ නෑ. මං හිතන් හිටියේ කවදාවත් එයාගෙන් එහෙම දෙයක් අහන්නේ නැතුව ඉන්න. ප්‍රධානම දේ යාළුකම නැති වෙයි කියලා බය හිතුනු නිසා වෙන්න ඇති.මේ වෙද්දී ගයත්‍රිගෙයි මගෙයි ගොඩක් හොද මිත්‍රකමක් තිබ්බා.


 "එහෙම එකක් නෑ. මට අහන්න ඕනේ නෑ"මං මල්ලිට එහෙම කිව්වා. 

එදා මං ගයත්රිට කෝල් කලේ නෑ ඒත් අපි හවස්වරුවේ මැසේජ් කලා .



"anu man oyage kawuda?" 
 ගයත්‍රී මගෙන් එහෙම ඇහුවා එදා හවස් වරුවේ 
"api hoda yaluwone neda"
මං එහෙම කිව්වා 
"hmm ekane anu api yaluwone. eth malli wihilu karanawa apita"
"ai e? monawada kiwwe?"මම ඇහුවා 
"na mukuth na"
" kiyannako. mokada kiwwe?"
 මං ආයිත් ඇහුවා කියල තියෙන දේ මොකක්ද කියලා දැනගන්න.
" eya hithan inne api love kiyala."
 මං ඒක කියවනකොටම මට තව මැසේජ් එකක් ආවා.
" anu mata aththama kiyanna. oya mata kamathida? 
දෙපාරක් හිතන්න දෙයක් තිබ්බේ නෑ, අහපු දේ තේරුම් නොගෙනම මං උත්තර යැව්වා.


"ow, api yaluwono"
" ehema nemeyi anu, oya mata kamathida? hithala kiyanna"
එතකොටයි මට තේරුම් ගියේ මේ අහන්නේ බරපතල ප්‍රශ්නයක් කියලා.


කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා.අතේ තිබ්බ ෆෝන් එක පරිස්සමින් පැත්තකින් තියපු මම ඇදේ හාන්සි වෙලා කල්පනා කරන්න ගත්තා. ඇත්තටම මට මොනවා කියන්නද කියලා තේරුනේම  නෑ .


 මං කොයිවගේ උත්තරයක් දෙයිද?
ජිවිත අන්දරය දසවන කොටස බලාපොරොත්තු වන්න. 

Friday, July 13, 2012

කොල්ලෝ අඩන එක හරි නැද්ද ?

"අද මගේ හිතට හරි නෑ හලෝ" 
 මං මෙහෙම කිව්වේ මගේ හොද යාලුවෙක්ට. ගෑනු ළමයෙක් හොදේ. කිව්වා කියලා කිව්වට මේක උනේ ෆේස්බුක් චැට් එකේ.
"ඇයි ඒ " 
 හැමදාම ප්‍රශ්නයක් ගැන කිව්වම එයාගේ කටෙන් මුලින්ම පැන්නේ ඔය වචන දෙක. 
"දන්නේ නෑ, අනේ මන්දා" 
 හිස් හැගීමකින් මං උත්තර දුන්නා.
" මතක් උනාද මොනවහරි" 
 මේ අහන්නේ මගේ පරණ මතකයන් ගැන වෙන්න ඇති. ඉස්සර ඕවා මතක් කර කර අප්සට් වෙන එක මගේ පුරුද්දක් වුණා. ඒත් දැන් එහෙම නෑ. ටිකක් කල්පනා කලත් මේ හැගීමට හේතුව ඒ දේවල් නෙමෙයි කියල මට තේරුණා.



"තනිකමක් දැනෙනවා" 
මට හිතුනේ ඔය දේයි
  "හිතන්න එපා හලෝ ගොඩක්, මොනවා කරන්නද ඉන්න එපැයි මැරෙන්න බෑ නේ"
 "හ්ම්ම්ම්ම්ම්, අනේ මන්දා" මං එහෙම කිව්වා. 
"හේතුව මොකක්ද? එකත් හිතෙන්නේ නැද්ද?" 
 මගේ යාළුවා එහෙම ඇහුවේ මගේ ප්‍රශ්නේ තේරුම්ගන්න වෙන්නැති. ඒත් මට කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ. නොතේරෙන දෙයක් මං කොහොම  තේරුම් කරන්නද 


  " හ්ම්ම්ම්, අනේමන්දා, එහෙම මුකුත් හිතෙන්නේ නෑනේ"
 මං එහෙම කිව්වා 
"ගණන් ගන්න එපා හලෝ මොනවත් කරන්න බෑනේ ඕකට. හිතට හරියනකම්ම ඉන්න වෙනවා. මටත් වෙලාවකට ඔහොම වෙනවා" 
එහෙනම් මේ දේ මට විතරක් වෙන දෙයක් නෙමෙයි. 

ඔය අතරේදී මට කෝල් එකක් ආවා. ඇලන් සහ බාබර පීස්‌ ලියපු පොතක් තියෙනවා 'why men don 't listen and women can 't read maps '. මේකේ සිංහල පරිවර්තනයයි මං කියෙව්වේ. 

එයාලා පර්යේක්ෂණයකින් හොයාගෙන තියෙනවා පිරිමින්ට එකපාර වැඩ දෙකක් කරන්න බෑ කියලා. ඉතින් එයාලා පර්යේක්ෂණ කරලා හොයාගත්ත එක හරිද වැරදිද කියලා මං කිහිප සැරයක්ම බලලා තියෙනවා, ඇත්තටම මට එක පාරට   වැඩ 2ක් කිරීමේ කිසිම හැකියාවක් නෑ. 

ගෑනු අයට ඕකේ අනිත් පැත්ත. එයාලට වැඩ දහයක් උනත් බදාගෙන එකපාර කිරීමේ හැකියාව තියෙනවා.


ඉතින් කෝල් එක ගත්තු වෙලේ චැට් එක පැත්තක  දාල මං කෝල් එකට කතාකලා. ඒක ඉවරවෙලා ආයෙත් චැට් එක පටන් ගත්තා.
 "අද මට තියෙන්නේ මං ඊළගට මොකක් කරන්නද කියලා තේරුම් ගන්න බැරි හරිම හිස් හැගීමක්" 
 තේරුණ ටික බොහොම අමාරුවෙන් මං වචන වලට අමුණ ගත්තා.


" මටත් මේ දවස් වල ටිකේම ඔහොම තමයි. මට දැනටත් හිතට හරි නෑ. මාත් මෙහෙම හිටියට මට තේරෙන්නෙත් නෑ මං ඇයි අවුල් වෙලා තියෙන්නේ කියලා. මට ඇති ප්‍රශ්නෙකුත් නෑ. ඒ උනාට අවුල්. හ්ම්ම් වේලාසනින් නිදාගන්න බලන්න හලෝ" 
 මේ ඊට පස්සේ මගේ යාළුවා කියපු ටිකේ සාරාංශය.


" අනේ මන්දා.බලමු නිදිමත ආවොත්" කාලෙකින් කලින් නිදාගත්තෙම නෑ නොවැ.
ටික වෙලාවකින් මගේ යාළුවා මෙහෙම ඇහුවා
"ඔයාට ඇ‍ඩෙන්න වගේද?"  
 මෙච්චර වෙලා නොකිව්වට එහෙම තමයි මට හිතුනේ 
" ඔව්. එහෙම තමයි" 
" එහෙනම් හලෝ අඩන්න. එතකොට ඕක හරියයි.මමනම් කරන්නේ එහෙමයි" 
මට මේක බැලුවම පුදුම හිතුනා. හේතුව තව ටිකකින් දැනගන්න පුළුවන් ඔයාලට.
"හ්ම්ම්ම්ම්, හා කරලා බලන්නම්කෝ "
 මං එහෙම කිව්වා.
" නෑ හලෝ ඇත්තමයි අඩුවම ඕක ටිකක් හරියනවා. දවස් දෙකක් විතර ශේප් එකේ ඉන්න පුළුවන්. ඇදෙන්න වගේ නම් අඩන්න. හිතේ තියන් ඉන්න එපා. කාමරේ ඉදන් අඩන්න බැරි නම් බාත්රූම් එකට ගිහින් හොදට අඩාල මුණ හොදට හෝදගෙන නිදාගන්න"








මං ටිකක් මේ ගැන කල්පනා කරා. ඉස්සෙල්ලා පුදුම හිතුනේ මේකයි.. 

  මං දන්නා තවත් කෙල්ලෙක් කාලෙකට ඉස්සර මට කියලා තියෙනවා මෙහෙම "කොල්ලෙක් වෙලා අඩන්න ලජ්ජා නැද්ද කියලා?" මං එදා ඉදන් පුදුම තරහකින් හිටියේ. මේ විදියට බලනකොට කොල්ලෝ මනුස්සයෝ නෙමෙයි, කොල්ලොන්ට හිත කියලා දෙයක් නෑ. දුක දැනෙන්නේ නෑ. එහෙනම් දෙයියනේ අපි රහත් වෙලා ඉන්න ඕනේ නේ. 

ඉතින් මට මගේ යාළුවා මට කියපු කතාවෙන් මතක් වුනේ අර නංගිව. 

" වචනෙකින් හරි ඔය කරන උදවුව ගොඩක් වටිනවා හලෝ මේ වෙලාවේ හැටියට. මගෙන් නංගී කෙනෙක් කාලෙකට ඉස්සර ඇහුවා කොල්ලෙක්වෙලා අඩන්න ලජ්ජා නැද්ද කියලා. දැන් ඔය කියපු එකෙන් මට එකයි මතක් වුනේ.තැන්ක්ස් මං ට්‍රයි කරලා බලන්නම් "

මං අහපු හරි වටිනා කතාවක් මට මගේ යාළුවා එව්වා ඊලග මැසේජ් එකෙන්. මේ කතාවට මං හරි ගරු කරනවා. 

"ඒක විකාර කතාවක්නේ හලෝ. ඇයි කොල්ලොන්ට හිත් නැද්ද? හලෝ කොල්ලෙක් උනාම අඩන්න ඕනේ වෙලාවල් තියෙනවා අඩන්න ඕනේ නැති වෙලාවල් තියෙනවා. අනිත් ඒක අපි කව්රු උනත් අඩන්නේ බලෙන් නෙමෙයිනේ, ඒක ඉබේ වෙන දෙයක්. ඔය නිදාගන්න හලෝ ඕවා අමතක කරලා" 

යාලුවගෙන් සමු අරගෙන මං ප්‍රශ්න අමතක කරලා නිදාගත්තා.

ඇත්තටම කොල්ලෝ අඩන එක හරි නැද්ද?මේක මං උපුටා  ගත්තේ  අපිව බ්ලොග් ලියන්න හුරුකරපු කුරුළු  නිස්කලංක අයියගේ සංකල්පනා බ්ලොග් එකෙන් 

සමහර වෙලාවට පිරිමි අපේ ඇසුත් - අපිට නොදැනිම චපල වෙනව...

කොල්ලෙක් අඬනව දැක්කම -
“ ගෑනියෙක් වගේ අඬන්න එපා බන්.... “ කියල ඔක්කොම කියනව...
ඇයි ඒ...

පිරිමි අඬන්නෙ නැද්ද..  අඩනවා යාළු ඇස් දෙකින් නෙවෙයි.. හිතෙන්...

ටී වි එකේ හරි ගෑහැණියක් අඩනව අපිට බලන් ඉන්න පුලුවනි..
ඒත් පිරිමියෙක් ඇඩුවොත්...

මළ ගෙයකදි පිරිමියෙක් ඇඩුවොත් ඒ ගැන හැමෝම කතා වෙනව..

ගැහැනුන්ව පහත් කරනව නෙවෙයි....

ඒත් අනේ මන්ද..
ගැහැණු කඳුලට වඩා කලාතුරකින් එන පිරිමි කඳුල බලවත් කියල මට හිතෙනව..

මම දන්නව...
දුක හිතෙන වෙලාවකට මගේ අම්මි ඇඬුවොත් මට බලා ඉන්න පුළුවනි....
ඒත් ම‍ගෙ අප්පච්චි ඇඬුවොත්...... ?








සමහරු හිතනවා වගේ කොල්ලන්ගේ හිත් ගල් නෙමෙයිනේ. දුකක් දැනෙනවා කොල්ලෙක්ට උනත්. හැබැයි කොල්ලෝ කෙල්ලෝ වගේ කෑ ගගහ, කදුළු පෙර පෙර අඩන්නේ නෑ.  ඒත්  ඇස් කදුලින් තෙත්වෙන වෙලාවල් අනන්තවත් තියෙනවා.හිතින් අඩන වෙලාවල් අනන්තවත් තියෙනවා. දුක කාටත් පොදුයිනේ. හැබැයි මේ මහා පොදු සාධකෙන් අපගමනය වෙච්චි සමහර ඈයොත් ඇති. හැබැයි බහුතරය මේ පොදු ධර්මතාවයට එකගයි.  මොකද කියන්නේ කොල්ලෝ කෙල්ලෝ ?? හිතෙන දේ කියලම යන්න