අපේ යාලුවෝ

Tuesday, July 10, 2012

සංචාරය 1- පිළිකුත්තුව රජ මහා විහාරය

සුවබර නින්දක පසුවූ මා අවදි වූයේ මල්ලිගේ කෑ  ගැසීමත් සමගිනි.

"අයියේ කෝල් එකක්" 
 අකමැත්තෙන් ඔලුව ඔසවා බැලූ මා දුටුවේ මා දෙසට දුරකථනය දිගු කරගෙන සිටින මල්ලිවය. මෙතරම් උදෑසනින් කව්රුන් මට කතාකරන්නද? ඇමතුම ලැබී තිබුනේද මගේ දුරකතනයට නොව මල්ලිගේ දුරකතනයටය .
 පොරෝනය මදක් ඉවත්කළ මම දුරකථනය අතට ගත්තෙමි.   
"හෙලෝ"
 නිදිබර හඩින් මම ඇමතුමට ප්‍රතිචාර දැක්වුවෙමි. 
" හෙලෝ කසුන් උඹ නිදිද?"  ඇමතුම තරිදුගෙනි.
 පුදුමය නම් මෙතරම් උදෑසනින් ඔහු අවදිවිමය.
පිළිකුත්තුව රජමහා විහාරයට කිලෝමීටර් එකක දුරක් ඇති බව පාර ආරම්භයේ වූ පුවරුවක විය. 


" ඔව් බං නිදන් හිටියේ කමක් නෑ කියපන්කො. ඇයි?" නිදිගැට කඩමින් මම පිළිතුරු දුනිමි. 
"උඹ අද ගෙදරනේ? වැඩක් එහෙම නෑනේ? " පැනය තරිදුගෙනි.
"ඔව් බං ඇයි?" මම ඇසුවේ කුතුහලිනි 
කෑගල්ල බස් එකේ 
"වරෙන් යමු පිළිකුත්තුවේ" තරිඳුගෙන් යෝජනාවකි.
"අදද ? අපෝ කම්මැලියි බං. උඹලා පලයන් "නිදිමත නිසාම මම එසේ කීවෙමි. 
"වරෙන් වරෙන් බං, නිකම් ගෙදරට වෙලා ඉන්න එකනේ. මං දැන් කැලණියේ. මං NIBM එකට ගිහින් බිනේෂ්කත් එක්ක ට්‍රේන් එකේ  එනවා උඹලා වරෙන් පට්ටිය හන්දියට අපි එන ට්‍රේන් එකටම නගින්න" තරිඳුගෙන් උපදෙස්ය  
"හා හා "  තරිඳුගේ වදය නිසාම මම එසේ කීවෙමි. 
ඉන් පසු ඇමතුම විසන්ධි විය. දුරකථනය මල්ලි අතට පත් කල මම වෙලාව බැලුවෙමි.
ක්‍රීම් පාටින් පිරියම් කර තිබුණු නව වාහල්කඩක්
  
'7.10 යි නිදාගන්න තව වෙලාව තියෙනවා'
 සිතින් සිතාගත් මම නැවත හොදින් පොරවගත්තේ නැවත නිදා ගැනීමේ අරමුණිනි. එහෙත් නින්ද අසලකවත් නොවිණි.

මා කලින් සුදානම් වූයේ අද දින සම්පුර්ණයෙන් ටෙස්ට් තරගය නැරබීමට කාලය වෙන් කිරීමට සිතාගෙනය. නමුත් අද දින කාලගුණයත් සමග  තරගය පමාවන බව ප්‍රචාරය විය. මේ නිසා ගමන යාම ස්ථිර විය.  
  
අලංකාරවත් පොකුණ
ගම්පහ කැලයක් ඇති බව හා කන්දක් ඇති බව අප කලින් නොදැන සිටියද පිළිකුත්තුව ගැන දැනගත් පසු ඒ වෙත යාමේ අරමුණින් අපි පසුවුයෙමු. මිට පෙරදී ධර්මාචාර්ය විභාගය අවසන් වූ දින ඒ වෙත යාමට කතිකා කරගත්තද එය සිදු නොවිණි.
  
අප නිවස වෙතට  පැමිණි කුසල්ද අප හා එක්විණි. කතිකා කරගත් පරිදි පට්ටිය හන්දිය වෙත ගොස්  තරිදු පැමිණෙන දුම්රිය අල්ලා ගැනීමට අපට කාලයක් නොමැති විය. මේ නිසා මමත්, මල්ලිත් , කුසලුත් කෑගල්ල බසයක නැගුනේ මිරිස්වත්තෙන් බැස ගෙන ගම්පහ වෙත යාමේ අරමුණිනි. ගම්පහ  බස් නැවතුම් පළේදී බිනේෂ්කා හා තරිඳු අප හා එක්විය.

චෛත්‍ය 
          නැගිය යුතු වූයේ මාර්ග අංක 205 වූ කිරිදිවැල - ගම්පහ බස් රථයකට. කලින් ගොස් නොතිබුණද ගම්පහ පාසලක ඉගැනුම ලැබූ මල්ලි මිතුරන්ගෙන් පිලිකුත්තුවට යන ආකාරය අස ගෙන තිබුණි. වැඩි හොදට අපි කොන්දොස්තර අයියාට අපව බැස්විය යුතු ස්ථානය මතක් කල සිටියෙමු.  

අප නියම ස්ථානයෙන් බසයෙන් බැසගත්තද යා යුතු මග නොදත් බැවින් අසල ත්‍රි රෝද රථ රියෙදුරෙකුගේ පිහිටෙන් මාර්ගය සොයාගතිමු. පිළිකුත්තුව රජමහා විහාරයට කිලෝමීටර් එකක දුරක් ඇති බව පාර ආරම්භයේ වූ පුවරුවක විය. 
බෝධිය

ගම්පහ සිට කිරිදිවැල දෙසට දිවෙන මාර්ගයේ වම් පසින් මේ මාර්ගය පිහිටා තිබුණි. බුත්පිටිය නමින් ඒ ප්‍රදේශය හැදින්විණි.    


  මාර්ගය තරමක් පටු එකකි මදක් දුරට තාර දමා තිබුණු අතර ඒවාද බොහෝ දුරකට පතුරු ගොසිනි. පාරේ මදක් ඉදිරියට ගිය විට ඉතුරු කොටස කොන්ක්‍රීට් කර තිබුණි.
ගල් ලෙන්
නිස්කලංක ගහකොළින් පිරුණු පෙදෙසක් පසු කරමින් ගමන් කල අප කොන්ක්‍රීට් පාරේද අවසානයට පැමිණුනු අතර ඉන් පසු මදක් පළල වූ තාර හෝ කොන්ක්‍රීට් හෝ නොදැමූ මාවතක් විය. මීටර් සියයක් පමණ ඉදිරියට ගමන් කල අපට වම පසින් විහාරයක් දැකගත හැකිවූ නමුදු  එයට ඇතුල්වෙන 
තැනක් පිලිබදව හිතාගත නොහැකි විය. තරමක් වල් වැදී ඇති බවක්  පන්සල් භූමියෙන් දිස් විය. ක්‍රීම් පාටින් පිරියම් කර තිබුණු නව වාහල්කඩක් ඈතින් දුටු බැවින් ඒ වෙතට අපි ගමන් කලේ ඒ දෙසින් හෝ ඇතුල්වීමේ බලාපොරෝත්තුවෙනි. අලුතෙන් ඉදි කර තිබුනද නිසි නඩත්තුවක් නැති බැවින් එයද තරමක් දුර්වර්ණව, අපවිත්‍රව පැවතුනි.
වාහල්කඩ තුලින් ගමන් කල අප අඩි පාර දිගේ ගමන් කළෙමු. පිළිකුත්තුව රජ මහා විහාරය යයි ගැසූ කළු පහ පුවරුවක් විය. මදක් ඉදිරියට ගිය විට දිස් වූයේ වල් වැදුණු සුදු පිරියම් කල පැරණි ගේට්ටුවකි. එය නව වාහල්කඩට දකුණු පසින් දිස් විය. නව වාහල්කඩ ඉදිකරන්නට පෙර විහාරයාට පැවිති ප්‍රවේශ ගේට්ටුව එය විය යුතුය.

       මුලින්ම අපිට හමු වූයේ ධර්ම ශාලාවයි.මුලින්ම අපිට හමු වූයේ ධර්ම ශාලාවයි. එය ක්‍රි.ව.1910 දී ඉදිවූවකි.ගමන් ආරම්භයේ පටන්ම තරිඳුගේ රාජකාරිය වූයේ කැමරාවෙන් හැකිතරම් ඡායාරුප ලබාගැනීමය. කබරයෙකු හෝ තලගොයෙකු දුටු තරිඳු ඌ පසුපස ගොස් ඡායාරුප ගැනීමෙහි නිරත විය. මේ අතර අප දෙස බලා සිටි දෙදෙනෙකු පැමිණි අතර අපෙන් අපගේ තොරතුරු විමසා සිටියහ. ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ බව අපට ඔවුන් දන්වා සිටියහ. පිළිකුත්තුව පිලිබදව මුල්ම නොදත් දේ දැනගත හැකිවුයේ ඔවුන්ගෙනි.
   බ්‍රාහ්මි අක්ෂර

මෙය පාලනය කර ඇත්තේ ප්‍රාදේශීය රජ කෙනකි.  ඔහු නමින් " අගිබුති" නම් විය. පසුකාලීනව මෙහි වළගම්බා රජුද වාසය කර ඇත.
බ්‍රාහ්මි අක්ෂර
පිලිකුත්තුවට නම් ලැබුණු  ආකාරය පිලිබදව මත දෙකකි. පළමුවැන්න නම් රජුට පිලි( රෙදි) සැපයු  පෙදෙස පිලි කොටුව නමින් පිළිකුත්තුව නම ලැබුණු බවත්ය. දෙවැන්න නම් වළගම්බා රජුගේ දෙවියන්ගේ පිලි හෙවත් රෙදි තැන්පත් කල ගබඩාව මෙහි ලෙනක ඉහිටි බැවින් එයට පිලිකුත්හුව යන නම් ව්‍යවහාර වූ බවත්ය. 

   මේ පින්බිම  අක්කර 200 ක් පුරා පැතිර පවතින බවටත් කටාරම් සහිත ගල් ලෙන් 99 කින් මෙය සමන් විත බවත් අපට දැනගන්නට ලැබුණි. කටාරම් කැපීම යනු වැසි ජලය ඇතුලට පැමිණීම වැලක්වීමට ගලෙහි විවිධ මට්ටම් වලට කැපීමෙන් යෙදු උපක්‍රමයක්ය. 77 ක් ගල් ලෙන් හදුනාගෙන ඇති අතර ඒවාහි එම අංකය සලකුණු කර ඇත. ගල් ලෙන් තුනක සෙල් ලිපි හමුව ඇත. මෙම ලෙන්හි බ්‍රාහ්මි අක්ෂර හමුවී ඇති බැවින් ඒවා ප්‍රාග් අයිතිහාසික යුගයට මෙන්ම ක්‍රිස්තු පුර්ව යුගයටත් අයත් බව පිළිගැනීමයි.  


බ්‍රාහ්මි අක්ෂර:- කුඩාගල ලෙන ( ලෙන් අංක 37)
බු.ව. 1-3 සියවස කාලය තුල 
1).අමිකටස්ස බටුනේ අගීබුටිනේ දනේ 
2).අගට-අනගට කටු දිසා සඟ

ධර්ම ශාලාව ඉදිරිපසින් අලංකාරවත් පොකුණකි. ඉන් අනතුරුව බෝධිය සහිත මළුවයි. 

බිනේෂ්කා ගෙනවිත් තිබු කේක්
පාවහන් ගලවා පසෙකින් තැබූ අපි බිනේෂ්කා ගෙන මල් පුජා කර චෛත්‍ය හා බෝධිය වැද පුදා ගතිමු. බෝ මළුවට මදක් උස්ව පිහිටි ලෙනක කුඩා දාගැබ ඉදිවී ඇත. චෛත්‍යද සුවිශේෂිය. ලෙනක් තුලට වන්නට කුඩා දාගැබ ඉදිකර ඇති අතර අතීතයේ එයට පියස්සක්ද තිබී ඇත. එහි සලකුණු අපටද  නිරීක්ෂණය කරගත හැකි විය. කටාරම්ද කපා තිබුණි. වැස්සක් පතිත වූ බැවින් අපට සුළු වෙලාවක් එහි නතර වීමට සිදු විය. විවේකය මිහිරි වූයේ බිනේෂ්කා ගෙනවිත් තිබු කේක් නිසාය. තරිඳු මිලදී ගත් කොකා කෝලා බෝතලයත් අපගේ පහස නිවා දැමිය.
කොකා කෝලා
                                                                                                                  

 වසා දමා තිබුණු බැවින් බුදු මැදුර තුලට යාමට අපට හැකියාවක් නොලැබුණි.මින් පසු අප ඇතුළු වූයේ එහි පිහිටුවා තිබු පුරාවිද්‍යා කාර්යාලයටයි. 
දෝලාව


පැරණි පෙනුම
නවීන පෙනුම








එහි ඇතුලත දෝලාවක් විය. එම දෝලාව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් පිළිකුත්තුව විහාරයට වැඩමවා ගෙන පැමිණි දෝලාව බවත්, දෙදෙනෙකුට එසවිය හැකි දොළව ඔසවා පැමිණි අයෙකුට අසනීප වූ බැවින් දෝලාව එහි දමා සුමංගල හිමි තිරික්කලයෙන් ආපසු වැඩම කල බවත් පන්සලේ සිටි වයෝවෘද්ධ සේවකයෙකු අපට දන්වා සිටියේය. පැරණි පෙනුමකට වඩා ඉතා නවීන පෙනුමක් ඉන් දිස් විය. දිරා පත්ව තිබීම හේතුවෙන් එය නැවත ප්‍රතිසංස්කරණය කල බව පුරාවිද්‍යා කාර්යාලයේ සේවකයන් අපට දැන්වූහ.  ඔවුන්ගේ අනුදැනුම අනුව අප මීලගට ගමන් ආරම්භ කලේ බැලුම්ගල වෙතය.


බලු මගපෙන්වන්නා


  අප පස්දෙනා තුන්වන මං පෙත ඔස්සේ ගමන් ආරම්භ කළෙමු, මේ සමගම අප හා ගමනට එක වූයේ බල්ලෙකි, අපට ඉදිරියෙන් ඌ අප නැවත මහි පැමිණෙන තුරම අපත් සමගම ගමන් කළේය. ඌ නියම බලු මග පෙන්වන්නෙක්ම විය.ගල් පඩි ආරම්භයේදී තිබුණු අතර ක්‍රමයෙන් අපි ඉතා රමණිය කැලෑවක් තුලට පිවිසුනෙමු. ගල් මතින් පනිමින්, ගස් වැල් අතරින් රිංගමින් , පනිමින් ,දුවමින්, බඩගාමින්( තරිඳු හා බිනේෂ්කා), වැටෙමින් සිදුවූ ඒ ගමන් අතිශය සුන්දරය. 

වේලාවක අප කන්දක් තරණය කළෙමු, තවත් වේලාවක පල්ලමකි. වර්ෂාව නිසා මඩ සහිත පසද, පාසි බැදුණු පර්වතද ලිස්සන සුළුවිය. ගල් ලෙන් කිහිපයක්ම අපට හමු වුණී. එක් ලෙනක බ්‍රාහ්මි අක්ෂර කොට තිබුණු අයුරු ද හොදින් නිරීක්ෂණය කරගත් හැකිවිය. මේ අතර පුරා වස්තු වල වටිනාකම නොදත් මෝඩ මිනිසුන්ගේ මෝඩ වැඩද දිටීම පිළිකුල් සහගත දසුනක් විය . ලෙන් ඇතුලතත් ගලෙහි සෙල් ලිපි තුලත් ගඩොලින් හා අගුරු වලින් විවිධ විකාර මෙහි පැමිනියන් ලියා තිබුණි.  


පුස් වැල
පිළිකුත්තුව බොහෝ දුරට ප්‍රසිද්ධ වූයේ ගල් ලෙන් වලට වුවද එහි පරිසරයටද එහි ගිය අයෙක් වශී වනු නොඅනු මානය. අප වෙත හමුවූ යොදා පැරණි පුස්වැල ඊට කදිම නිදසුනකි . මෙය වසර 400 ක් පැරණි බවත් මෙය දෙවැනි වන්නේ සිංහරාජයේ යොදා පුස් වැලට පමණක් බවත් අපට දැන ගන්නට ලැබුණි. 

ඉන් පහලට බැස තවත් ලෙනක් තුලින් අපි ගමන් කලෙමු. අපේ අරමුණ වූයේ  බැලුම් ගලට ගමන් කිරීමයි. තවත් ලෙනක් අභියස බලුම්ගලට මාර්ග දෙකක් වන බවට දෙපසට ඊතල දෙකක් විය. පහල මාර්ගය ඔස්සේ ගමන් කල අපි පැමිණියේ විවෘත භුමියකටය. එහි නිවසකි. කුඩා ළමයි කිහිප දෙනෙකි. අපේ බලු මග පෙන්වන්නා ඉදිරියෙනි. ඌට සගයන් කිහිපදෙනෙකු හමු විය. ඉන් එහාට මාර්ගය අපැහැදිලි වූ බැවින්  කුඩා ළමයින්ගෙන් මාර්ගය අසා ගෙන අපි නැවත ගමන් ආරම්භ කළෙමු. දැන් ගමන් නැවත උඩටය. අපහසු මාර්ගයක් නොවේ නමුත් මදක් ලිස්සන සුළුය. බලු මගපෙන්වන්නාගේ පිටිපසින් ගමන් කල අපි බැලුම්ගලටම පැමිණියෙමු. 

බැලුම්ගලට ගම්පහ අවට පෙනුණු අයුරු 

බැලුම්ගලට ගම්පහ අවට පෙනුණු අයුරු  

විඩාව සංසිදුවන සිසිල් සුළගක් අවට විය. බැලුම් ගල යනු උස් වූ තරමක් විශාල තැනිතලා  පර්වත පෙදෙසකි. වැසිබර කාලගුණයත් සිහිල් සුළගත් අපව බොහෝ වේලාවක් එතනම රැදවිය. ගම්පහ නගරයද එතනට දිස් විය නමුත් බැලු බැලු ඇත හරිත වර්ණයය. ගොඩනැගිල්ලක් ලෙස හදුනා ගත හැකි වූයේ ගම්පහ ජල ටැංකිය පමණකි.      
මද වේලාවක් එතන රැදී උන් අපි නැවත එන්නට පිටත් වුනෙමු. නගින්නට ගත් වූ කාලයට වඩා ඉකමනින් බැසගත හැකි වුවද තරිඳු අකරතැබ්බයකට මුහුණ දී තිබුණි. විවාහපත් ( තාම නෑ හැබැයි ) ජෝඩුවට එන්න ඉඩ දී අපි තිදෙනා( මම, කුසල් සහ මල්ලි) ඉදිරියෙන් නැවත පැමිණියෙමු. භාගයක් දුර ගියද අපට තරිඳුගේ හා බිනේෂ්කාගේ නැවත පැමිණීමක් දැකගත හැකි නොවිය. බොහෝ වෙලා බලා සිටීමෙන් අනතුරුව අප සුදානම් වූයේ ඔවුන් සොයා නැවත ආපසු යාමටය, එවෙලේහීමේ ඈතින් කනින් හා අතින් අල්ලා ගෙන තරිඳු පැමිණෙනු පෙනුනි.
" මාව වැටුනා බං" 
තරිදුව බැලුම්ගලෙන් බහිද්දී වැටි ඇත.  තුවාලයක් නැත. නමුත් එතනට පැමිණි පසුව තිබු පළමු අඩියෙන්ම  නැවතත් තරිඳු ලිස්සා ගියේය. මෙතුවක් වේලා බිනේෂ්කාව  ආරක්ෂා කිරීමට තරිඳු වෙර දැරෑවද දැන් තරිදුව අතින් අල්ලා බැස්සවීමට ඇයට සිදු විය :පි
මද වේලාවකින් නැවත පුරාවිද්‍යා කාර්යාලය අසලට පැමිණි අපි එහි සිටි හමුදුරුවන්ගෙන්ද සමුගතිමු. 




ගියපු අපි තරිඳු, බිනේෂ්කා, මම(කසුන්),  කුසල් 
ගියපු අපි තරිඳු, මම(කසුන්), මල්ලි( සුපුන්), කුසල් 
ගියපු අපි තරිඳු, බිනේෂ්කා,  මල්ලි( සුපුන්), කුසල් 



පිළිකුත්තුවේ තවත් විශේෂත්වයකි. අපට හමුවූ සෑම අයෙකුටම අප කවුදැයි දැනගත යුතු විය. පදිංචිය  හා විශ්වවිද්‍යාලය කුමක්ද යන්න ප්‍රමුඛ ප්‍රශ්න දෙකයි. ඒ අතර පුරා විද්‍යා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, පන්සලේ සේවකයන් මෙන්ම පන්සලේ හාමුදුරුවන්ද විය. එය සුහද කතාබහකට වඩා ප්‍රශ්න කිරීමක් බදු විය. ඔවුන් එසේ හැසිරීමද සාධාරණ බව අපට හැගී ගියේ රක්ෂිතයට ඇතුල් වූ පසුවය.  


සප්පායම් වී 
බැලිය යුතු තැන් කිහිපයක් ඉතුරු වුවද වෙලාව පිළිබද ප්‍රශ්නයක් මතු වුයෙන් අපි අදට අපේ ගමන් නිමා  කරන්නට කතිකා කරගතිමු. නැවත කිරිදිවැල ගම්පහ මාර්ගයට පිළිපන් අපිට බස් රථයක් එන තුරු මද වේලාවක් රැදී සිටින්නට සිදු විය. මිරිස්වත්තට පැමිණෙන විට වේලාව 3.30 ට ආසන්න වී තිබුණි.දහවල් ආහාරය ලබා ගැනීමට කඩයකට වැදුණු අපි හොදින් සප්පායම් වී නුවරඑළි-කොළඹ බසයක නැගුනේ ඉක්මනින් ගෙවල් බලා පිටත් වීමේ අරමුණින් හා නැවත පිළිකුත්තුව බලා පැමිණීමේ අරමුණිනි.


සාර්ථක සංචාරයක අවසානය.




11 comments:

  1. එල එල..
    ඇඩො මේ මං වැටුනේ සෙරප්පුවේ වැරැද්දෙං මිස මගේ වැරැද්දෙං නෙමේ ඈ...

    ReplyDelete
    Replies
    1. හා එහෙමවත් කියමු එහෙනම් :පි

      Delete
  2. අදයි මේ පැත්තෙ ආවෙ...හොද සං චාරයක් නෙ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මැස්සට. ඔව් ගොඩක් හොද සංචාරයක්

      Delete
  3. කතාවෙන් කතාවෙන් වැදගත් කියන කරුණු ටිකත් කියපු එක වටිනවා

    ReplyDelete
    Replies
    1. ගමනේ විනෝදෙ ලියනවටත් වඩා පිළිකුත්තුව ගැන කරුණු ටිකක් ලියන්නයි මං හැදුවේ, අයිත ඒ පැත්තේ යන්නනේ හිතන් ඉන්නේ තව විස්තර හොයාගෙන දාන්නම් එතකොට.

      Delete
  4. මම අහල තියෙනවා පිළිකුත්තුවෙ කැළයෙ යෝධ කුරැල්ලෙක් ඉන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. අපිටනම් හම්බුනේ නෑ, ආයෙත් යන්නයි බලාපොරොත්තුව. බලන්නම්කෝ ගිහින්ම

      Delete
  5. Replies
    1. ඔව් මේක අපේ සංචාරය :D

      Delete
  6. එල නිවාඩුවට රට වටේ යන එක කොයි තරම් ආතල්ද? මමත් යන්න ඕන ඔය කියන පිලිකුත්තුව විහාරයට.... http://sulakkhana.blogspot.com/ මේකේ ඉඩක් තියෙයි ඕකටත්... හික්

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා