අපේ යාලුවෝ

Sunday, July 1, 2012

ජිවිත අන්දරය තුන්වන කොටස

ජිවිත අන්දරය පළමු කොටසට 


වැලි මලුව
මම මිතුරා සමග මළුවට සේන්දු වන විට වැලි මළුවේ විශාල ජනකායක් සිටියහ. විභාගයට පෙනී සිටින ළමයි වගේම වැඩිහිටි දෙමාපියනුත් වැලි මළුවේ එල්ල තිබුණු දිග ප්ලාස්ටික් පැදුරේ ඉදගෙන තිබුණ අයුරු අපට දැකගත හැකි විය . 
ඉඩකඩ මදි අය වැලි මලුවෙත් තැනින් තැන හැකි ආකාරයෙන් පත්තර ඉටි රෙදි ආදිය එලාගනිමින් ආසන සකසා ගෙන තිබුණි. 
විදුහල්පති ස්වාමින් වහන්සේ මතක් කල පරිදි බුද්ධ පුජාව සදහා වූ පූජා භාණඩ ආදිය හේවිසි පෙරටු කොටගෙන බෝ සමිදු අභියසට වැඩම  කරවන ලදී. මින් පසු සියලු දෙනා අසුන් ගැනීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ නමක් විසින් පින්කමේ වැඩකටයුතු ආරම්භ කරන්නට යෙදුනේය. 
පැයක් පමණ මෙසේ පැවති පිංකම අවසන් වුයේ ගරුතර මහා  සංඝ රත්නය විසින් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුවය. පිරිස වැඩිකම නිසාම පිරිත් නුල් ලබාදීම සිදුවුයේ බුදු මැදුරේ පිටතට ගමන් කරන පඩිපෙළ දෙක අසන්නයේදීය.
           කලබල ගතිය මදක් අඩුවෙන තුරු මදක් මලුවේම අප රැදී සිටියෙමු. අපට මීටර් 50 ක් පමණ අතින් වන්නට ගයත්‍රී අසංක හා රැදි සිටිනු මට හොදින් දැකගත් හැකිවිය. මා අසලට පැමිණි මිතුරන්ගෙන් මට ප්‍රශ්න වැලකි. ඒ බොහොමයක්  මා ගැන නොව ගයත්‍රී හා අසංක පිළිබදවය. 

මා පත්වූ අපහසුතාවය, මා විදි වේදනාව කිසිවෙකුට පැවසීමේ ශක්තියක් ඒ වන තුල මා තුල නොතිබුණි. වසර කිහිපයකට පෙරාතුව බෝපාමුල වැලි මළුවේදී මා මුහුණ දුන් ඒ අපහසුතාවයට එම මොහොත වචන බවට හරවන මේ අවස්ථාවේදීද මා මුහුණ දෙයි.

                 මදක් ඔවුන් දෙස බලා සිටි මා එම නිරර්ථක ක්‍රියාව අත්හැර දැමුවෙමි. විහින් මා විදවා ගැනීම මා දැන්වත් නැවැත්විය යුතු බව මා මටම කියගත්තෙමි. කදුලුබරිත දෑස අතින් පිටි අත්ලෙන් පිසදා දැමු මම බුදු මැදුරට ඇදෙන මිතුරන් පසුපස වැටුනෙමි. ඒ පිරිත් නුලක් ලබා ගැනීමේ අරමුණිනි . 

        බුදු මැදුරේ ධාතු මන්දිරය පිහිටි කොටසේ  පඩිපෙළ දෙක ආසන්නයේ වම්පසින් හා දකුණු පසින් පෝලිම් දෙකක් විය. ඉන් දකුණු පසට වන්නට පිහිටි පෝලිමට මා මිතුරන් සමග එකතු වුනෙමි. තදබද ස්වභාවය වූ නිසාම ලග සිටින්නෙකු පවා හදුනාගැනීම අපහසු කාර්යයක් වූ  බව මට අදටද හොදින් මතකය. මට මදක් ඉදිරියෙන් සිටි පබෝදාවද ම හදුනාග්ත්තේද අපහසුවෙනි. ඇය මා අමතන තෙක් ඇය ඉදිරිපසින් සිටින බවක් මා නොදුටුවෙමි. පබෝදා අප ධර්ම විද්‍යාලයේය. ගයත්‍රිද ඇයද එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබුහ. අපේ ආදර සම්බන්දයේ කලක් පණිවිඩ හුවමාරු වුයේ ඇය හරහාය. පබෝදා  හා වචන කිහිපයක් හුවමාරු කල පසු මා දුටුවේ ඇය සමීපයෙන්ම සිටි ගයත්‍රිය. නොසිතු මොහොතක අකුණු සැරයක්වැදුනක් මෙන් හැගීමක් මා තුල ජනිත විය. 

මෙතරම් සමීපයෙන් අද දින ඈ දුටුවේ ප්‍රථම වතාවටය. එතෙක්  මා ඇයව දුටුවේ දුරිනි . අසංක ඈ සමීපයේ නොවීය. 
            අදදින දෙවියන් මට ලබා දුන්නේ වේදනා පමණකි. දෙවියන් මාගේ ඉවසීම පරික්ෂා කරන්නේ දැයි මට හැගේ. වැඩි වෙලාවක් එතන නොරැදී පිරිත් නුලක් ඉල්ලා නොගෙන හෝ එතනින් ඉවත් විය යුතු බව මා සිතගතිමි. අනෙක් පස පෝලිම දෙසට ගමන් කල මා පඩිපෙළ බැස ගොස් බුදු මැදුරෙන් ඉවත් වුයෙමි. 
හිස් වූ චේතනාවෙන් මම පියවර මැන්නෙමි.
         
         මෙතෙක් කල් සිදුවූ සියල්ල මට ප්‍රහේලිකාවක් වැනිය. ඇය මා හැරගොස් වසර එකහමාරකට පමණ ආසන්නය. මෙතුවක් කල් මට ඉතුරුවුයේ පිළිතුරු නොමැති ප්‍රශ්න පමණකි. වැලි මලුව පසුකර බණ මඩුව හා පෝයගෙය  අතරින් ගමන් කල මම  දකුණු පසින් වූ කළු ගල් බැම්මේ ඉදගතිමි.  
   මිනිත්තු කිහිපයක් මා එලෙස ගතකරන්නට ඇත. එය මිනිත්තු ගණනකටත්  වඩා පැය ගණනක් ලෙස මට දැනුනි. සිත නොදිවු තැනක් නොවිණි. සංවරයක් නොමැතිව මතකයන් හා පොරබැදී විවිද වූ සිතිවිලි වලින් ඒ මිනිත්තු කිහිපය තුල සිත පිරි ගියේය. 
             කලකට පසු පොත් පත් අතහැර දමා මිතුරන් හා එක්වූ ඒ සන්ද්‍යාව ප්‍රීතිදායක විය යුතුව තිබුණි. නමුත් බලොපොරොත්තු සැමවිට ඉටු නොවන්නා සේ ඒ සන්ද්‍යාව මගේ ජිවිතයේ අදුරුම දවසක් බවට පත්විණි. අමතක කරලිය යුතු මතකයන් ගොඩට එක් විය යුතු ඒ දිනය අදටද චිත්‍රපටියක් මෙන් මා මනසේ ඇදී ඇත. පෘතග්ජන ජීවිතය දුක් ගොඩක්ම බැව් වූ බුදු වදන ශපථ කරන්නේය. 

       බිමට බරවූ මුහුණ මදක් එසවූ මට පෙනුනේ ඉදිපස කළුගල් බැම්මේ වාඩි ගත් තරුණ යුවලකි. ඔවුන්ගේ දෑත් පැටලී ඇත. සිනාමුසු මුහුණින් දෙදෙනා සංවාදයේ යෙදෙයි. මා ඔවුන් දෙස මදක් බල සිටියෙමි. ලෝකය හරිම පුදුමජනකය. එකම තැනක ආදරෙන් වේදනා විදින මමය. මට ඉදිරියෙන් ආදරයේ සුව විදින තරුණ යුවලකි. එකම ලොව මිනිසුනට දෙවිදාකර සැලකිලිය. මම ඉදිරියෙන් සිටි යුවල මෙන් මටත් අනාගතයක් ලැබේවා යයි සිතින් ප්‍රර්ථනා කලෙමි.
"මචං
 ඈතින් සුපුරුදු කටහඩක් ඇසුණු මම නැවත පියවි ලොවට පැමිණියෙමි.මිතුරන් පිරිස මා සොයා පැමිණි සෙයකි.
" කොහෙද බන් හිටියේ, අපි හැම තැනම එව්වා. ෆෝන් එකට කෝලුත් ගත්තා, මොකද ආන්සර් කරේ නැත්තේ" ඔවුන්ගෙන් චෝදනා රැසකි.
දුරකථනය අතට ගත් මට මිස් කෝල් කිහිපයක්මා ඇති බව දැකගත හැකි විය.
 " අහ් මන් ෆෝන් ඒක සයිලන්ට්  දාල වයිබ්රේට් ඔෆ්ෆ් කරලා  තිබ්බේ, සොරි මචං. කම්මැලි නිසා මං මේ පැත්තට ආවා බං" මම උත්තර බැන්දෙමි.  
"හරි හරි අවුලක් නෑ වරෙන් ෆොටෝ එකක් ගහන්න අපේ සෙට් එකේම" ධනුෂ්ක පිළිතුරු දුනි. 


අපේ සෙට් එක 
ටික වෙලාවකට පස්සේ ධනුෂ්ක මා සමීපයට පැමිණියේය. 
"කියපන් මචං කතාවේ ඉතුරු ටික "  ඒ ධනුෂ්කය
"හරි යං මං කියන්නම්" මෙසේ කියූ මම ඔහුත් සමග ගන්ඨාර කුලුන මත  ඉදගත්තෙමි. 



ප.ලි. කියවල නිකම්ම යන්නේ නැතුව අදහසක් දාල යන්න. අඩුපාඩුවක් පෙන්නලා දෙන්න, ඔබේ අදහස  මට ශක්තියක්. ස්තුතියි 

8 comments:

  1. මේම සීන් එකක් උනේ නෑනේ..
    එල එල පට්ටටෙට ලීලා තීනවා...
    උබේ ඔය සීන් එක යනකොට ඒකට සමාන්තරව තවත් එකක් ගියා ඈ...
    මං ඒක දාන්නං..
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ දාපන් දාපන්

      Delete
  2. කියෙව්වෙමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  3. මා පත්වූ අපහසුතාවය, මා විදි වේදනාව කිසිවෙකුට පැවසීමේ ශක්තියක් ඒ වන තුල මා තුල නොතිබුණි. වසර කිහිපයකට පෙරාතුව බෝපාමුල වැලි මළුවේදී මා මුහුණ දුන් ඒ අපහසුතාවයට එම මොහොත වචන බවට හරවන මේ අවස්ථාවේදීද මා මුහුණ දෙයි.

    මමත් මවැනි අවස්ථා වලට මුහුණ දී තිබෙනවා... :(
    පට්ට මචං.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් බොහොම ස්තුතියි

      Delete
  4. පබෝදා ඒ කාලේ මේකට ගොඩක් මහන්සි උනා මට මතකයි..
    සමහර වෙලාවට අලුත් විස්තර අරන් මාත් පබෝදා එක්ක ආවා මට අදටත් මතකයි...

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා