අපේ යාලුවෝ

Thursday, July 5, 2012

ජිවිත අන්දරය හයවන කොටස

මැස්සට මුලින්ම ගොඩ වුනු අයට
ජිවිත අන්දරය පළමු කොටස 
ජිවිත අන්දරය පස්වන කොටස




ජිවිතේ හුගක් වෙලාවට වෙන්නේ නොහිතපු දේවල්,  බලාපොරොත්තු නොවෙන දේවල්. සමහර පුද්ගලයෝ අපේ ජීවිතේට මුණ ගැහෙන්නේ හරිම පුදුම විදියට. ජිවිතේ හැටි එහෙමයි. 


එදා දහසය වෙනිදා උදේ ගයාත්‍රි කතාකරයින් පස්සේ මං හිතාගත්ත  ආයිත් එයාට කරදර නොකරන්න.
මිට පස්සේ කතරගම දවස් දෙකක් නිදහසේ ගෙවිල ගියා. ඒ දවස් වල කතරගම, සෙල්ල කතරගම,යාල, සිතුල්පව්ව වගේ තැන්වල අපි ගියා. තුන් වෙනි දවසේ  උදේ වරුවේ ආයෙත් කොළඹ බල එන්න පිටත් වුණා. 
බලාපොරොත්තු නොවුණු වෙලාවක මගේ ෆෝන් එකට  මැසේජ් එකක් ඇවිත්. ඒක ගයාත්‍රිගෙන්. මං හරි පුදුමෙන් මොකක්ද එවල තියෙන්නේ කියල බැලුවා.
" hi, oya neda apiwa gampaha ekkan giye. anuradha kiwwata man nama danan hitiye nane. dilip genuyi ahagaththe anuradha kawuda kiyala. kalinma kiyanna thibbane meka oyage nambar eka kiyala. ai kiwwe naththe? "
 එහෙමනම් ගයාත්‍රී මගේ නම දැනන් ඉදලත් නෑ. මං මෙහෙම  යැවුවා රිප්ලයි එකක් 
" kiwwata oya mawa adunanne nane. ekayi nokiwwe. anika mama nemeyi oyata mis kol gahuwe"  
 වැඩි වෙලාවක් යන්න කලින්ම මං යවපු මැසේජ් එකට ගයාත්‍රිගෙන් රිප්ලයි එකක් ආවා.
මගේ ෆෝන් එකට  මැසේජ් එකක් ඇවිත්
" adunanne na nemeyi dannawane. nama mathaka thibbe na. e unata oya wadi kathawak nane, hari adambara pataine. oyath mahaname da ?"
හ්ම්ම්ම් මං ගැන දන්නවා වගේ.මං ආඩම්බරයි කියල හැමෝම කියනවනේ , ඇත්තටම ඒක ආඩම්බර කමටත් වඩා ලැජ්ජාව.මං ආයිත් යැවුවා රිප්ලයි එකක් 
" aiyo adambara kamata nam nemeyi katha nokale. ow mahaname thamayi. ayi oya bayo nawaththuwe "
කලින් අහන්න හිතං ඉදපුව දැන් අහගන්න හොද වෙලාව කියල හිතුනා
" ape mom dad kiyapu nisayi anuradha man bio karanna patan gaththe, eth mata eka hariyanne naa. ekayi nawaththuwe. oyalanam brigthne. mata dilip kiwwa results" රිප්ලයි ඒක ගයාත්‍රී ගෙන් 

දිලිප්ටයි මටයි දෙන්නටම ඕ  ලෙවල් වලට A  9 යි B එකයි.ඒ කියන්නේ දිලිප්ගෙන් සැහෙන දේවල් අහගෙන වගේ . 
 " ow results nam hodayi, eth aparade digatama karanna thibba oyata " කියන්න දෙයක් නොතිබුණු හින්ද මං එහෙම කිව්වා  
" anuradha kiyana nama diga wadiy halo man oyata ANU kiyannada?" ගයාත්‍රී එහෙම අහල තිබ්බාග
මාව නිකන් කරකවල අත්හැරියා වගේ.  අනූ? මට මොකද ඉතින්. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් නිසා මං හා කිව්වා.එයාගේ කැමැත්තනේ.යාලුවෝ එක එක නම් කිව්වට මේවගේ නමක් කව්රුත් කියලත් නෑ
'ha kamak ne. oyage kamaththak"ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් නිසා මං හා කිව්වා.
" hari ada idan man oyata kiyanne anu kiyala. tnx. anu oya inne bulugaha handiye neda? mata mathakayi oyai malliyi clz gihin enakota ethanin bahinawa"
ආයෙත් මැසේජ් ඒක ගයත්‍රි ගෙන්.  ගම්පහ ක්ලාස් ගිහින් එද්දී මුලින්ම හම්බවෙන්නේ අපේ ගෙවල් නිසා මුලින්ම බැහැගන්නේ අපි. ඒවාත් මතකයි එහෙනම්.  
" ahh ow. ehe thamayi, tikak athulata wenna habayi inne. ai? "මං මෙහෙම යැවුවා රිප්ලයි එක. 
" ape loku ammage gedarth ohe thiyinne. man nitharama ohe enawa" අහ්හ් ඕකත් මං දන්නවනේ ඉතින් ගොඩක් කලින් ඉදන්. 
" ah aththada? ethakota jine uncle oyge loku thaththada? " 
10 වසරේදී ගණන් පන්තියට ගයාත්‍රීව එක්කන් ආපු සංඛ අයියගේ තාත්ත තමයි  ජිනේ අන්කල්. මං හැමදේම දන්නවා උනාට නොදන්නවා වගේ එහෙම ඇහුවා.
" ane ow anu.  eth oya kohomada anu eka danne? jine uncle mage loku thaththa kiyala?"ගයාත්‍රී එහෙම ඇහුවා.
 එයාට පුදුම හිතුනා වෙන්න ඇති,එත් මට ගයත්‍රී ගැන දිලිප් නොකියපු දෙයක් නෑනේ. 
" aiyo mata dilip kiyala thiyenawa oya gana godak dewal "මං ඇත්තම කිව්වා. 
"ehemada, matath oya gana kiyala thiyenawa. anu mage credits low. man passe text karannam  oyata. tc bye" ගයාත්‍රී එහෙම අපේ sms සංවදෙට නැවතීම තිබ්බා.
"k gayathri. tc bs"  මමත් එහෙම එයාගෙන් සමුගත්තා.
 ජීවිතේට කතාකරන්න හම්බ නොවෙයි කියල හිතුනට හිතපු නැති විදියට ගයත්‍රී මට කෝල් කලා. හැමදේම ඉවරයි කියල හිතන් ඉන්නකොට ගයත්‍රී මට මැසේජ් කරනවා. හරිම පුදුමයි.  මේ ඔක්කොම සිද්ද වුනේ කතරගමට ආපු දවස් තුන ඇතුලත. 


අපි ආයිත් කොළඹට ආවා. හැබැයි  ගයාත්‍රීරිගෙයි මගෙයි sms සංවාදේ  නිමා වුනාට sms එන යන එක නතර උනේ නෑ. උදේට ගුඩ් මොර්නින්ග් රෑට ගුඩ් නයිට් මැසේජ් එකක් එහෙමත් නැත්නම් ජෝක් මැසේජ් එකක් අනිවාර්යයෙන්ම හුවමාරු වුණා, හැබැයි මේ අතරේදී කිසිම සද්දයක් බද්දයක් නැතුව ගෙවෙන දවසුත් තිබුණා.  එත් ඒවා ගැන වැඩි ප්‍රශ්නයක් තිබුනේ නෑ මට. 


 මට ආයෙත් ගයාත්‍රීගෙන් සීරියස් විදියේ මැසේජ් එකක් හම්බුනේ සති දෙකකට විතර පස්සේ. 
"anu mata podi udawuwak one. advice ekak denawada? habayi meka mage prashnayak nemeyi mage yaluwekge prashnayak. eya magen ahuwata mata denna advice ekak therenne naa" 
මේ මැසේජ් එක හම්බ වෙද්දී මං හිටියේ සෙන්ට් බ්‍රිජට් එක ලග. 154 බස් හෝල්ට් එකේ.මැසේජ් එක කියවපු මම රිප්ලයි එකක් කෙටුවා.
"ha hari kiyannako mokakda prashne kiyala" ප්‍රශ්නේ ගැන දැනගන්න මං එහෙම යැවුවා.
" mekayi anu, mage yaluwek marry karapu kenekta love karanawa. e aiya kiyala wife wa  divorce karanawa kiyala, mage yaluwata e aiywa amathaka karanna balu. mokakda man kiyanne?"


මට නිකම්  පිස්සු හැදුනා වගේ මෙහෙම කතාවක් මං ඇහුවමයි.පණ්ඩිතයා වගේ ඇඩ්වයිස් දෙන්න හැදුවට මේක මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි වගේ.


" seriousda?" 
මට විශ්වාස නැති නිසාම මං ආයෙත් ඇහුවා.
"ow anu.ane karadarayak nathnam pls mata  yalwata denna advice  ekak denna"
අනේ මන්දා මාවත් අතරමං වුණා ඒ ප්‍රශ්නෙට. ඉල්ලපු වෙලාවේ උදවුවක් නොදී බෑනේ. මං ඒ නිසා යැව්වා ටිකක් හිතලා රිප්ලයි එකක් .
"ane manda gaythri, prashne mokak uanth oka hari bayanaka wdak ne. anika marry karapu kenek nam eyagen athwela inna tharamata hodayi neda? oyata puluwan widiyata therum karanna, matath oyata denna advice ekak nam ne"
 මට කියන්න වෙන දෙයක් නැති තැන මං එහෙම යැව්වා.
"hari kamak na anu. man yaluwata therumkarala dennam. oya mokada karanne dan?" දැන් ආයෙත් සුපුරුදු sms සංවාදේ පටන්ගත්තා. 
"man clz arila gedara ena gaman. dan nam borella kittuwa"
මේ විදියට ගෙදරට එනකම්ම ඕක නතර වුනේ නෑ.


හැබැයි ටිකක් රෑ වෙලා ගයත්‍රී මට කිව්වා එයාගේ ෆෝන් එකේ සල්ලි ඉවරයි රිප්ලයි කරන්න වෙන්නේ නෑ කියලා, මේ වෙලාවේ card එකක් ගන්න තැනකුත් නෑ නේ.අනික මගේ ෆෝන් එකේ සිම් එක දවස් වල ටිගෝ එකක්. ගයත්රිගේ ඩයලොග් එකක්.   ඒ නිසා මං දෙපාරක්ම නොහිතා එයාට ගත්තා රෑ වෙලා කෝල් එකක්.  
එදා වැඩි වෙලාවක් කතා බහ නොකෙරුවත් එදා ඉදන් හැමදාම වගේ අපි  sms කරගන්න එක නතර කලේ නෑ. එත් ඒ හැමදේම  යාළුකම කියන සිමාවේ රැදුණු දේවල්, එතනින් එහාට මගේ හිතෙවත් ගයත්රිගේ හිතෙවත් කිසිම හැගීමක් නොතිබුබු බව මට හොදට මතකයි.


මේ අතරේදීම මං තව වැදගත් තීරණයක් ගත්තා.  ඒ ගම්පහ, බම්බලපිටියේ ක්ලාස් වලින් අයින්වෙලා ගෙවල් කිට්ටුවම තිබුණු ක්ලාස් වලට යන්න. "


මෙතුවක් වේලා මගේ කතාව සාවදානව අසා සිටි මගේ මිතුර ධනුෂ්ක මට පිටට තට්ටුවක් දැමීය.
"මචන් අපි යමුද පල්ලෙහා පොකුණු ලගට, මෙතන සෙනග පිරෙනවා." ධනුෂ්ක මට කියා සිටියේයය. 
"හරි බං. යන ඒ පැත්තට"
ගන්ඨාර කුලුනේ පියගැට බසිමින් මළුවට පිළිපන් අප විභීෂණ දේවාලය ඉදිරියෙන් ගමන් කර පොකුණු වෙත ගමන් කිරීමට පියගැට පෙළ අසලට පැමිණියෙමු.

කතාවේ ඉතුරු කොටස ජිවිත අන්දරය හත්වන කොටසින් බලාපොරොත්තු වන්න .

කියවල කමෙන්ට් නොදාන අයට මන් මේ හොදහිතින් කියන්නේ,  මම හරි වසයි කමෙන්ට් එකක් දාලා පලයල්ලා හොදේ, අනේ හොද එකා වගේ දාලා යන්න හොදේ 







23 comments:

  1. “හෑ.....“
    කියවුනා ඈ....

    ReplyDelete
  2. හත හත. හත දීපං. කෝමෙයි ඉවසන්නෙ

    ReplyDelete
    Replies
    1. තව ටිකක් ඉවසපන් :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කොල්ලා බුලුගහ හන්දියේද ??

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ පැත්තෙන් යන එන මිනිස්සු. ප්‍රාදේශීය සභාව ගාව පාරෙද එහෙමත් නැත්නම් අනිත් පාරෙද ?

      Delete
    2. අනිත් පාරේ. සුදර්ශන මාවතේ :)

      Delete
  5. ඔන්න මාත් මැස්සට ගොඩ වුනෝ...:) :)
    මේ ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.
      ඇත්ත කියල හිතුන නම් එහෙමම හිතාගන්න :)

      Delete
  6. wow...ayya niyamaiii...:D mata hithene nam meka atha kathawak kiyala.. :P

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්මි නංගි
      එහෙම හිතෙනවද

      Delete
  7. yepppp.... mama guess karanawa meka atha kathawak kiyala ehema neda :D :P

    ReplyDelete
  8. 7th part ekat ikmanata danna,, thawat wenas posts blog ekata ekatu wenawa nam hndai ne..

    ReplyDelete
    Replies
    1. ඔව් චතුරි මටත් මේ එකම දෙයින් මිදිලා අලුත් දෙයක් කරන්න ඕන, මේකට කොටු වුණා වැඩියි. අදහසට ගොඩක් ස්තුතියි

      Delete
  9. eka eka dewal hithenawa meka gana.anith tikath liyannako.

    ReplyDelete
    Replies
    1. මොන වගේ දේවල්ද? :)

      Delete
  10. මෙතෙක් කල් මේ ජිවිත අන්දරයට කිසිවක් නොලියුවට මා හා අමනාප නොවන්න. ඔබගේ ජිවිත කතාවේ බොහෝ දේ මා ද දන්නා බැවින් නැවත යමක් මතක් කිරිම නුසුදුසු යැයි හැගුණු හෙයින් නිහඩව සිටියෙමි. එහෙත් මිතුර ඔබගේ ඇරයුමින් අද සිට මගේ නිහඩතාව බිද දමමි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් මං දන්නවා ඔබ කවුද කියල
      ගොඩක් ස්තුතියි

      Delete
  11. sms seen ekanm patta bannn....ape e kalet matak wenwaaaa.....

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා