අපේ යාලුවෝ

Tuesday, July 24, 2012

ජිවිත අන්දරය එකොලොස්වන කොටස

ජිවිත අන්දරය නවවන කොටසට 
ජිවිත අන්දරය දසවන කොටසට


විභීෂණ දේවාලය ඉදිරිපිට පොල් ගසන ස්ථානය ඇති අතර ඊට එහායින් වන්නට පලතුරු වට්ටි පිළියෙළ කරන ස්ථානයත් ඇත. වතුර පයිප්පයක් ඇත්තේ ඒ දෙකට මැදි වන්නටය. පමණට ජලය පානය කල මා පියවර මැන්නේ පිටත මළුවේ ඇති මාර්ගයේය. ගිනිගහන අවුවේ පවා සිසිලසක් ගෙන දීමට එම පෙදෙස සමත්ව ඇත්තේ. පටු පාර වසා ගත් නා ගස් පේලිය නිසාවෙනි. 


      චෛත්‍ය පිහිටි වැලි මලුඅවට පිටතින් පිහිටි මේ දෙවෙනි මලුවත් වැලි මළුවත් වෙන්වුණේ නා පෙන නිරූපිත මුරගල් පෙලියකිනි. මද දුරක් ගමන් කල මා පිටතට කකුල් දමා කොන්ක්‍රීට් දමා තිබුණු බැම්මේ වාඩි  උනෙමි. එම තැනද සුවිශේෂිය. මිට පෙර දිනක මම ගයාත්‍රි සමග මෙහි පැමිණ ඇතිබවත් එහිදීද වාඩිවී සිටියේද මෙම ස්ථානයේම බවත් මතකයට නැගුණි. 


    " මචන් ධනුෂ්ක දවසක් මමයි ගයත්‍රියි පන්සල් ඇවිත් මෙතනම වැඩි වෙලා හිටියනේ. එදත් මාරු වැඩක් වුණා. දැන් නම් මතක් වෙද්දීත් හිනා. මං ඒකත් කියන්නම්කො පස්සේ"


ධනුෂ්කත් ඉදගත්තයින් පස්සේ මම ආයිත් කතාව පටන් ගත්තා.


    "මං කතාව නැවැත්තුවේ ගයාත්‍රි මාව හම්බ වෙන්න එන්න කියපු තැනින්නෙ. ඉතින් මං එදා හරිම අවුලකින් හිටියේ ගමේදී එහෙම ගෑනු ළමයෙක්ම හම්බවෙන්න යන එක ගැන. අනිත් දේ ඊයේ ගයාත්‍රි මව බයිට් කලාද කියලත් හිතුනා. ඕන දෙයක් කියල මං කලින්ම ලෑස්තිවෙලා ගයාත්‍රි කියපු වෙලාවටත් කලින්ම ගියා ෆුඩ් සිටි එක ලගට. ලෑස්ති වෙලා කිවුවට ඉතින් හිටපු විදියට ෂෝර්ට් එක ඇදන් තමයි ගියේ. නැත්නම් අම්ම සැක හිතනවනේ. ඉතින් වෙලාවට කලින් එතනට ගිහින් ඇටිකෙහෙල් කාපු මොකටද වුණා වගේ වැඩක් මට වුනේ. 
මං මැසේජ් එකක් යැවුවා ගයත්‍රිට.


'koheda oya inne?'
'man thawa 20 min walin othanata enawa'
'ayio wela yanawada? man handiyata awath ekka'

 විනාඩි විස්සක් මං මෙතන හිටගෙන මොනවා කරන්නද. මං ෆුඩ් සිටි එකට රිංගලා පොඩි චොකලට් එකක් ගත්තා. ඒක අරන් එලියට ආවත් වෙලාව ඉතුරුයි වගේ. ඊටත් පස්සේ ටිකක් එහායින් වෙන්න තිබුණු කමියුනිකේෂන් එකට රිංග ගත්තා. ඒකෙ අයියත් එක්ක කතාවක් දාගෙන ෆිල්ම් එකක් තෝර තෝරා  හිටිය. ෆිල්ම් තේරුවට ගන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ සල්ලි තිබ්බෙත් නෑ. ඔහොම තමයි ඉතින් වෙලාව කෑවේ. ගයාත්‍රි ආවේ දුඹුරු පාට බ්ලවුස් එකකුයි ඩෙනිම් කලිසමකුයි. එයා බස් හෝල්ට් එකෙන් බැහැල පාර පැනල එන්න ඕනේ මං ඉන්න පැත්තට එන්න.හිනාවක් මුනේ පුරවාගෙන අපු ගයාත්‍රිව දැක්කම මගේ බයත් නැතිවෙලා ගියා. පස්සේ අපි දෙන්නා යන්න පිටත් වුණා හැබැයි ඒ ප්‍රධාන පාරෙන් නෙමෙයි. අතුරු පාරකින්.
හැබැයි දෙන්නම කතාවක් නෑ. හිනාවෙවී ඉන්නවා විතරයි. මං ඇහුවා ඉතින් එයාගෙන් ප්‍රශ්නයක්  




"මේ ඔයා ඊයේ ඇත්තටම නේද අරක ඇහුවේ?"
"ඔව්. ඇයි ඔයා බොරුවටද හා කිව්වේ?" 
"නෑ නෑ ඇත්තට "
දෙන්නටම දෙන්නා සුවර් නෑ වගේ

"හ්ම් ඇයි අද ඔයා ලොකු අම්මලාගේ ගෙදර ආවේ ?"
" ඔයාව බලන්න" 
"අහ ඇත්තද?"
   " නැත්නම් අනු  අද  මොකටද මං මෙහෙ එන්නේ. වෙන වැඩ නැතුවය "
කියපු විදිහෙන් නම් බොරු කියල හිතුනේ නෑ. මං ගත්තු පොඩි චොකලට් එක එයාට දුන්නා.
ෆුඩ් සිටි එක පිටිපස්සෙන් ප්‍රධාන පාරට පොඩි අතුරු පාරක් තියෙනවා. ඒක දිගේ අපි කතාකර කර ආවත් ප්‍රධාන පාරට ආවම කතව නවත්තලා සද්ද නැතුව ඇවිදගෙන ගියා. පන්සල පහුකරලා ටික දුරක් ගියාම ගයත්‍රීගේ ලොකු අම්මගේ ගෙදරට හැරෙන පාර තියෙනවා.ඒ පාර ලගට වෙනකම් ආපු මම එතනින් එයාට සමු දෙන්නයි හිතන් හිටියේ. 
ඒත් මාර වැඩේ වුනේ එතන ගෙදර අදුරන ඇන්ටි කෙනෙක් පාරේ හිටගෙන ඉන්නවා. මං දිහා බලල එයා හිනාවුණා. මාත් ඉතින් හිනාවුණා 
ගයත්‍රිට ඇහෙන් ඉගිකරපු  මම වෙන කතාවක් පටන් ගත්තා.



" කාලෙකින්නේ ඔයාව හම්බුනේ. දැන් මොනාද කරන්නේ ?" 
කාලෙකින් හමුබුනු යාලුවෙක් එක්ක කතාකරන විදියට  මං ඇන්ටිටත් ඇහෙන්න ටිකක් හයියෙන් කිව්වා.

" මං ඒ ලෙවල් කරන්නේ කොමර්ස් අනුරාධ. අපේ ලොකු අම්මා මෙහේනේ ඉන්නේ මං මේ එයාලගේ ගෙදර ආවා."

"අහ හරි එහෙනම් මං යන්නම් ගයාත්‍රි. මං මෙහෙට යන්නේ, බායි"
අතුරු පාරට නොහැරුණු මම දිගටම යන්න හිතන් එහෙම කිව්වේ ඇන්ටිට ඇහෙන්න.

"බායි අනුරාධ " 
යා එහෙම කියල අතුරු පාර දිගේ ඉස්සරහට ගියා.

මම යන්න හැදුවත් ඇන්ටි මගේ ලගටම එනවා වගේ. මොනවා අහයිද මන්දා 

"පුතා, ඔයා මොනවද කරන්නේ උසස් පෙලට?"

"මං කරන්නේ මැත්ස් ඇන්ටි. චාමර  නම් කොමර්ස් නේද කරන්නේ?"
චාමර කිව්වේ ඒ ඇන්ටිගේ පුතා. අපේ වයසෙමයි


."ඔව් පුතා කොමර්ස් "

"මං යන්නම් ඇන්ටි එහෙනම් "
"හා හරි පුතා ගෙදරද යන්නේ?අම්මයි තාත්තයි මතක් කල කියන්න එහෙනම්"
"හා හරි ඇන්ටි"
බයේ හිටියට වෙන මුකුත් ඇහුවේ නෑ. මම ඉතින් සැනසුම් සුසුමක් හෙලාගෙන ගෙදරට ආවා.
අම්මා හරි තාත්තා හරි ඕක දැනගනියි කියල හිතුනට එහෙම වෙලා තිබ්බෙත් නෑ. මෙච්චර කාලෙකට අපි කලේ sms කරගන්න ඒක වුනාට එදා ඉදන් අපි මල් කඩන්නත් පටන් ගත්තා. හච් 12, මොබිටෙල් ෆ්‍රීඩම් වගේ පැකේජුත් ඇවිත් තිබුනේ ඒ කාලේ. ඕව තිබිලත් පිරිමහගන්න බැරි දවස් තිබුණා. හොද වෙලාවට ටික දවසෙකට පස්සේ ගයත්රිගේ අම්මට හම්බුනු මොබිටෙල් උපහාර සිම් එකත් ගයත්‍රිට හම්බ වෙලා තිබුණා.    
ඉතින් හැමදේම පහසු වුණා.
මේ අතරේ තවත් වෙච්චි දෙයක් මට හොදටම මතකයි. මේක වුනේ අපේ ඇෆයර් එක පටන් අරන් හරියටම සතියකට පස්සේ. එදා ලොකු අම්මලාගේ ගෙදර ගයත්‍රී  ආවාට පස්සේ මට ආයිත් එයාව හම්බුනෙත් නෑ. ඉතින් එයින් හරියටම සතියකට පස්සේ ගයත්‍රී මං කෝල් කරපු වෙලාවක මෙහෙම කිව්වා 

"අනූ මට හෙට ක්ලාස්නේ. ඔයත් එනවද යන්න"
"හා එන්නම්, කීයටද"
"ක්ලාස් තියෙන්නේ නම් දවල්ට. ඔය එන්නකෝ 10 ට විතර හතරේ කණුවට"
 එයාට හා කියපු මම ඉතින් කලින් වගේ වෙලාවට කලින් නොගිහින් හරියටම වෙලාවට එතනට ගියා. 4 කණුවේ බස් නවත්තන්නේ බස් හෝල්ට් එකේ නෙමෙයි. ඊට ටිකක් මෙහායින්, ඒ හරියේ කඩ ටිකක් එහෙමත් තියෙනවා. මං කඩයක් ඉස්සරහට වෙලා හිටන් හිටියා.
වෙලාවත් පහුවෙලා නිසා මං ගයත්‍රීගේ මොබයිල් එකට කෝල් කලත් එක වැඩ කලේ නෑ. වෙන මොනවා කරන්නද මං බලන් හිටියා එයා එනකම්.
10.20 ට විතර එයා ආවා. මට කේන්ති ගිහින් තිබ්බත් පෙන්නුවේ නෑ .

"දැන්වත් යමුද?"
"සොරි අනූ ටිකක් පරක්කු වුණා"
"ටිකක් නෙමෙයි ගොඩක්. කෝ ෆෝන් එක. මං එකට කෝල් කියක් ගත්තද?"
"  ඒක මං දාලා ආවේ?"
"ඇයි ඒ?"
"නැත්නම් අම්මා කෝල් කරනවානේ"

"දැන් කොහෙටද යන්න ඕනේ?"
"ආමර්  ස්ට්‍රීට් වලට අනු"
"එහෙනම් මේකේ යමු" 
ඈතින් එනවා පේන 138 කඩවත කොටුව බස් එකක් පෙන්නලා මං කිව්වා.
"හා" 
මං කියපු දේට එකගවුණු ගයත්‍රී මගේ ලගට  ඇවිත් මගේ අතේ එල්ලුනා. මට පුදුම හිතුනා. අනික ලැජ්ජත් එක්ක. අපිව කව්රුහරි දැක්කොත් කියල. අනිත් එක අපි තාම පොඩි ළමයිනේ. එත් ඕන එකක් කියල මාත් ඔහේ හිටිය.      
මෙහෙම අපි නිතරම වගේ හම්බුනා පුළුවන් විදියට. ඉස්කෝලේ ඇරිලත් දෙන්නම ගෙදර ආවේ බස් එකේ නිසා හවසටත් අපි මුණ ගැහුනා. 

එතකොට ඉස්කෝලේ ඇරෙන්නේ 1.30 ට  උනාට බෙල් 1.20 ට බෙල් එක ගහනවනේ. මේ වෙලාවට පන්තියෙන් බෑග් එකත් අරගෙන පැනගන්න මට පුළුවන්. බෑග් එකත් අරන් මං ඉක්මනට යන්නේ ඉස්කෝලේ පිටිපස්සේ ගේට්ටුව ලගට. ඒ වෙලාවට ගේට්ටුව ඇරලා. එත් කාටවත් යන්න දෙන්නේ නෑ. සිකුරිටි අන්කල් ව අදුරන නිසාම මට ගාථා කියන්න ඉන්නෙවත් නැතුවම එතනින් පැනගන්න එක නම් එච්චර ලොකු දෙයක් වුනේ නෑ. අපේ ඉස්කෝලේ පිටිපස්සේ ගේට්ටුවයි ලේඩිස් කොලේජ් එකයි වෙන් වෙලා තිබ්බේ පොඩි පාරකින්. එතනින් එලියට ආපු මම ඉක්මන් ගමනින් හි දුවගෙන හරි එන්නේ තර්ස්ටන් එක ලග බස් හෝල්ට් එකට. ඒ 154 බස් එකේ නැගගන්න. එවෙලාවට නැග ගත්තම බොරැල්ලට මට 1.50 වෙද්දී එන්න පුළුවන්. නැත්නම් ට්‍රැෆික් එකට අහුවෙනවා. 

 මං එනකම් ගයත්‍රී එතන ඉන්නවා යාලුවෙක් එක්ක. ඉතින් මං එතනින් බැහැල ගයත්‍රීත්  එක්ක ගෙදර යන්න ආයිත් 135 හරි 154 හරි නැග ගන්නවා. ඔය විදියට මුල් මාසේ ගෙවුණා.  
  ඒත් ඔහොම හම්බ වෙන්න යන එක ලොකු ප්‍රශ්නයක් වුණා.

මිට පස්සේ මොනවා වේවිද?
ඇතිවෙච්ච ප්‍රශ්නේ මොකක්ද? 
මීලග කොටසින් බලාපොරොත්තු වෙන්න  




22 comments:

  1. dannam kiyawanna kiyawannaa asha hithenwaa ....ikmanata ethuru tikath liyannaaa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලිති අක්කා
      හා දාන්නම්

      Delete
  2. මටත් ඔය ගයාත්‍රිව (ගයාත්‍රි කිව්වේ අර අරයා ඈ..) හම්බඋනා බං බොරැල්ලෙදි දවස් තුන හතරක්ම.
    මාත් ඉතිං නොදන්න ගානට හිටියා.
    ඉල්ලං තොප්පි දා ගන්න ඕන්නෑනේ..

    ReplyDelete
    Replies
    1. මන් නම් තොප්පිය ඉල්ලලා මගේ අතින්ම දාගත්ත නොවැ
      හි හි :D

      Delete
  3. නියමයි නියමයි..ඉතුරු ටිකත් ඉක්මනට ලියන්නකෝ ඈ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රමුදි

      Delete
  4. wow.... ella ella ikmanata ithuru tikak dana ayyae... pata lassanai :D

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් :D
      දාන්නම් ඉක්මනින්

      Delete
  5. wow shook ithuru tikath ikmanata danna aiya

    ReplyDelete
  6. හරි හරි මලයා ඉතුරු ටිකත් ලියමු ඉක්මණට

    ReplyDelete
    Replies
    1. හරි හසිත අයියා ඉක්මනින් ලියන්නම්

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දැන් නම් කතාවේ දුක්බර ගතිය අත ළගයි කියල තේරෙනවා... මොනව උනත් කතාව ලස්සනට ලියනව මචං.. ලියපං :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  9. හ්ම්ම්ම්ම් බලමු :)
    බොහොම ස්තුතියි

    ReplyDelete
  10. නියමයි....ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රොසැන්

      Delete
  11. ජීවිතයේ කොතැනක හෝ තමන්ව අසරණ කරන කෙනෙක් හමුවීම හැමෝටම පොදු දෙයක්ද හිතුන... හැබැයි ජීවිතේ ලස්සන කරන කෙනෙකුත් හමුවෙන බවයි මගේ විශ්වාසය..ඉතුරු ටිකත් කියවන්නට බලා ඉන්නවා..ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනම් ඇත්ත වැටෙනවා වගේම නැගිටිමකුත් ජිවිතේ තියෙනවනේ
      බොහොම ස්තුතියි කියෙව්වට. ඉතුරු ටිකත් ඉක්මනින් දාන්නම්

      Delete
  12. ane lassana kathawak meka...scl giya kale mawila penawa...matanam ohoma awa thibune naha halida.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කවුද දන්නේ තිබ්බද කියලා
      තිබ්බත් නෑ කියලනේ කියන්නේ

      Delete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා