අපේ යාලුවෝ

Sunday, July 29, 2012

ජිවිත අන්දරය දොළොස්වන කොටස

ජිවිත අන්දරය දසවන කොටසට 
ජිවිත අන්දරය එකොලොස්වන කොටසට


මං කිව්වේ පලවෙනි මාසේ ගැනනේ නේද ඒත් මට වෙච්ච තව දෙයක් කියන්න අමතක වුණා.  සම්බන්දෙ  පටන්ගත්තට අපි දෙන්නම පොරොන්දු වුනානේ මේ ගැන කාටවත් නොකිය ඉන්න. ඒ වුනාට එහෙම ඉන්න බැරි බව තේරුණා දවස් දෙක තුනකින්ම. අනිත් එක මටත් දිලිප් මේක දැනගත්තොත් එය අවුල් වේවි කියල හිතුණා. මේ නිසාම අපි මේ ගැන කතාකරල මගේ යාලුවෙක්ට මේ ගැන කියන්න හිතා ගත්ත. ඒ චාමරට. 


චාමර මම එක වසරේ ඉදන්ම දන්නා මගේ යාලුවෙක්. දහම් පාසලෙත් අපි එකට හිටියා. ඒ ලෙවල් ක්ලාස් යද්දිත් චාමර,දිලිප්,ගයත්‍රී අපි ඔක්කොම ගියේ එකට. අපේ යාලුවෝ සෙට් එකේ, ඉස්කෝලෙදි වගේම පිටතදීත් චාමරට හැමෝගෙන්ම ලොකු පිළිගැනීමක් තිබ්බා. චාමර හරි කෙලින් කතාකරන කෙනෙක්. ඕනෑම කෙනෙක්ට වැරදියි නම් එවෙලේම මුනට බැනල ඇති. ඉතින් සමහරු ඒ කටට කැමති නෑ. අනිත් ඒක චාමරට කව්රුත් බයයි. ගයත්රිත් චාමරට අකමැති බව මං දැනන් හිටියා. ටිකක් වලිකාරයෙක් වුනත් යාලුවෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න එයට පුළුවන්. 
මං ඉතින් චාමරට කෝල් එකක් ගත්තා. හවස 5.30 ට විතර ඇති වෙලාව.


" මචන් උඹ කොහෙද ඉන්නේ?"
"මං ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන් බං දැන් දෙමටගොඩ. ඇයි? " 
ගෝෂාකාරී ශබ්ද බද්ද ගොඩක් මට ඇහුණා

" පුලුවන්ද උඹට ඔහොමම අපේ ගෙදරට එන්න? කියන්න දෙයක් තියෙනවා"
" හා හරි බං මං එන්නම්"  
එකපාරටම හා කිව්වා.හේතු අහන්නේ නෑ. ඒ චාමරගේ හැටි. මට ප්‍රශ්නයක් කියල තේරෙන්න ඇති. යාලුවෙක් කිව්වොත් කිසිම දේකට බෑ කියන්නේ නෑ. 
විනාඩි හතලිස් පහකින් විතර චාමර අපේ ගෙදරට ආවා. අම්මට කියල තේකකුත් හදවාගෙන ඒක චාමරට බොන්න දීලා මං වල් පල් ටිකක් කතාකර කර හිටියේ අපේ ගෙදර එදා කට්ටිය ටිකක් වැඩි නිසා. ටික වේලකට පස්සේ මම චාමරවත් ඇදගෙන එලියට ගියේ හැමදේම කියන්න.
ඒ වුනාට අම්ම ඇවිත් දොර ලගට වෙලා බලන් ඉන්නවා
"පාරට වෙලා මොනවද ලොක්කා කරන්නේ ඇතුලට ඇවිත් කතාකරන්න " 

අම්ම මෙහෙම කිව්වා. ලොකු පුතා වෙච්චි මට වෙලාවකට කතාකලේ එහෙම. අම්මලට හංගන්න බැලූ ලමයින්ගේ දේවල්. ඒ වගේ අම්මටත් මං ගැන ඉව වැටිලා වෙන්ඩ ඇති. නැත්නම් වෙනදට ඔහොම අපි ගැන හෙව්වේ නෑ. යාළුවොත් එක්ක බලද්දී අපිට පොඩි කලේ ඉදන්ම ලොකු නිදහසක් තිබ්බා, කිසිම දෙයක් කරන්න කියලා බල කලේ නෑ. නීති රීති තිබ්බේ නෑ. ඒ වුනාට නීති රීති අපි හදාගෙන ඒ රාමුව ඇතුලෙයි අපි ජිවත් උනේ. ඉතින් අපි වැරදි නොකරන බව අම්මා තාත්තා  දැනන් ඉන්න ඇති, ඒ නිසාම පොඩි වෙනසත් එයාලට තේරෙන්න ඇති. අම්මා මේ දවස් වල වෙනස් කියලා මට තේරුනෙත් ඒකයි. හැබැයි ඒක මගෙන අම්මා ඇහුවෙත් නෑ.

" නෑ නෑ මෙයා දැන් යනවලු. දැන් යන්න හදන්නේ. මාත් හන්දියට ගිහින් එන්නම් අම්මේ " 
මෙහෙම කියලා මම චාමරත් එක්ක ගෙදරින් පිට වුණා. 
ඇවිදන් යන අතරතුර මං මුළු කතාවම චාමරට කිව්වා. නිශ්ශබ්දව ඒක චාමර අහන් හිටියා.

" මචන් මේක කාටවත්ම කිව්වේ නෑ. කාටවත්ම නොකියා ඉන්නයි හිතන් හිටියේ. ඒත් මට හිතෙනවා මං හදිස්සි වුනාද කියලා"

" මේක උඹ පටන් ගත්තේ සිරියස්ද? ජෝක්ද ?"
"මම ජෝක් කරන්නේ නැනේ බං. සීරියස් තමයි" 
"දැන් වෙලා ඉවරනේ බං, ඕව මුකුත් හිතන්න එපා. ඒ වුනාට මට ගයත්‍රීත් එක්ක කතාකරන්න ඕනේ ඔක්කොටම කලින්."
"මං කෝල් එකක් අරන් දෙන්නම් එහෙනම්"
මගේ ෆෝන් එකෙන් ගයාත්‍රීගේ මොබයිල් එකට ඩයල් කරපු මං චාමරට එයත් එක්ක කතාකරන්න ඕනේ බව කියලා ෆෝන් ඒක චාමරට දුන්නා. ෆෝන් ඒක ගත්තු චාමර මගේ ඉස්සරහ කතා කලේ නෑ. ෆෝන් එකත් අරන් ටිකක් ඈතට ගියා, ඉතින් මට කියපු දේවල් මොනවද කියලා ඇහුනේ නම් නෑ. විනාඩි හත අටකට විතර පස්සේ චාමර මට ෆෝන් ඒක දුන්නා
.
" දිලිප් ගැන මං බලාගන්නම්. මම දිලිපයට හිමින් සැරේ මේක කියන්නම්. උඹ හදිස්සි වෙන්න එපා. අනික උඹට ප්‍රශ්න මුකුත් වෙන්න දෙන්නේ නෑ මම. බය නොවී ඉදපන්. ඒ වුනාට මට ගයත්‍රී ව නම් ෂුවර් නෑ බං. උඹට හොදයි නම් එච්චරයි ඉති. අවුලක් නම් මට කතාකරපන්"


ඔය වගේ කතා අහන්න වෙයි කියල මං දැනන් හිටිය ඒත් හොද යාලුවෙක් නම් යාළුවා වැරදි කරනවා බලන් ඉන්නේ නෑනේ. ඒ නිසා හිතේ මුකුත්  හංගගන්නේ  නැතුව එහෙම කතාකරන ඒකට මං හරි කැමතියි.  

"හරි බං තැන්ක්ස්. සොරි බං මෙවෙලේ කරදර කලාට" 

 " අපෝ ඕවා මොනාද, මං දැන් කොහොම ගියෝත්ද ලේසි" 
චාමර ඉන්නේ බියගමට කිට්ටුව. ඉතින් රෑ වෙනකොට බස් අඩු නිසා මං ඉක්මනට චාමරව පිටත් කරන්න ගියා. හැමදේම ඉවරවෙනකොට 7.30 ටත් කිට්ටු වෙලා තිබ්බා . හන්දියට ගිහින් චාමරව බස් එකකට නග්ගල මං ගෙදර එන්න පිටත් වුණා.
එන අතරේ ෆෝන් ඒක අතට ගත්තු මං ගයත්‍රී ට කතාකලා.

"කියන්න අනු"
"මොනවද චාමර කිව්වේ ?"
" මට බැන්නා අනු. මම ඔයාව අල්ලගත්තලු. ඔයත් එක්ක යාලු වුනේ දිලිප්ගේ කරදරෙන් ගැලවෙන්න නේද ඇහුවා. තව සිරියස්ද මේක පටන් ගත්තේ ඇහුවා. ඔයාට බොරුවක් කරලා හරි රවට්ටලා හරි තිබ්බොත් මාව ඉතුරු කරන්නේ නෑ කිව්වා. එයාල වෙන්නේ මොනවද කියල බලන් ඉන්නවා කිව්වා. දැනම් දිලිප්ට කිසි දෙයක් කියන්න එපා කිව්වා. එයා ඒක ගැන බලාගන්නම් කිව්වා. මට කිව්වේ ඔයාව රවට්ටන්න එපා කියලා.තව මොනවද කිව්වා මතක නෑ අනූ ." 


කියන්න ඕනේ ඔක්කොම කියලා වගේ. ඔය චාමර කතා කරන විදිය. කෙල්ලොන්ට එයා කොහොමත් කැමති නෑනේ. දුකත් හිතුනා මට.

"ඔයා මාව රවට්ටන්නේ නෑනේ. ගනන් ගන්ඩ එපා ඉතින්.ඔය චාමරගේ හැටිනේ, එයාට කොහොමත් ඔයාව පෙන්න බෑනේ"


"හ්ම්ම් ඒක හරි අනූ ශේප් " 
 ඊට පස්සේ ආයෙත් පුරුදු විදියට කාලයක් සතුටින් ප්‍රශ්නයක් නැතුව ඉන්න අපිට පුළුවන් වුණා.
මේ දේවල් මෙහෙම සිද්ද උනාට ටික දවසකට පස්සේ  තව ලොකු ප්‍රශ්නයක් උණා.


එදා සතියේ දවසක්. මම ගෙදර හිටියේ. හවස 3 ට විතර මට ගයාත්‍රි කෝල් කලා.  
"අනූ අපි මේක නතරකරමු "
 මට එකපාරට අදහගන්න බැරි උණා.ඔයා වචන ටික මං එයාගෙන් අහපු පලවෙනි දවස තමයි එදා  

"ඒත් ඇයි"
පැටලුනු වචන වලින් මං ඇහුවා.



හීනෙන් සුරංගනා ලෝකෙක ඇවිද්ද මනුස්සයෙක් කලබලේ ඇහැරිලා වුනේ මොකක්ද කියල හිතාගන්න බැරිව ලතවෙනවා වගේ තත්වෙක මමත් හිටියේ. අගක් මුලක් නොතේරෙන ඒ කතාව මට එකපාරටම තේරුම්ගියේ නෑ.

"නෑ අනූ අපි මේක නවත්තලා පරණ විදියට යාලුවෝ වගේම ඉමු"
"ඇයි මොකක්ද උනේ කියන්න" 
මාව අන්දුන් කුන්දුන් උනා එකපාරට මොකද උනේ කියලා  හිතාගන්න බැරුව.

"කියන්ඩකෝ ගයාත්‍රී මොකක්ද උනේ කියලා. හේතුවක් තියෙන්න ඕනනේ නේද ?"
"දිලිප් කතාකලා අද"
"ඉතින්"
"මං එයාට හැමදේම කිව්වා අපි යාලු උනා කියලා. එයා මට බැන්නා හොදටම."
"ඉතින් දැන් නවත්තන්නේ ඇයි" 
තවමත් නොතේරෙන හේතුව මං ඇහුවා

"මං හින්ද යාලුවෝ තරහ වෙන්න ඕනේ නෑ අනූ"
 එයා කතාකලේ හරිම කලබලෙකින්.

"ඉතින් ගයත්‍රී අපි යාලුවෙන්නත් කලින් ඔයා ඒක ගැන දැනන් හිටිය. මං ඒක ගැන ඔයාට පටන් ගන්න කලිනුත් කිව්වා. හැමදේම දැනගෙනනේ ඔයත් මේක පටන් ගත්තේ. ඇයි දැන් අතරමග නතර වෙන්න හදන්නේ"
" ඒක හරි අනූ. ඒ වුනාට තව ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මේක අපි නවත්තමු" 

"මං මේක පටන්ගත්තේ එහෙම නතර කරන්න නෙමෙයි. හැමදාම ඔයත් එක්ක ඉන්න හිතාගෙන. ප්‍රශ්න වලින් පැනල යන්නේ නැතුව අපි ඒවාට මුණ දෙන්නයි ඕනේ"
"ඒ වුනාට අනූ"
"ඇයි ඒ වුනාට කියන්නේ?  මං ඔයාට තේරුම්කලා නේද මේක ගැන කාටවත්ම කියන්න එපා විශේෂයෙන්ම දිලිප්ට කියන්න එපා කියලා ඒ හැමදේම චාමර ශේප් කරනකම්. ඇයි ගයත්‍රී ඔයා හදිස්සි උනේ?දැන් ඔය පොරොන්දුත් කඩ කරලා  "

"මට ඒක කියවුනා අනූ. එවෙලේ මතක් වුනේ නෑ මුකුත්. අනේ අනූ ඔයා අයෙත් මගේ පරණ යාළුවම වෙන්න අපි ඒ විදියටම ඉමු "
" මට බෑ, ඇයි ඔයාට දැන් නතර කරන්නම ඔච්චර උවමනාවක් තියෙන්නේ? මට බෑ එහෙම ඔයාගෙන් ඈත්වෙන්න "

"බැරි නෑනේ අනූ. මේක අපි පටන් අරන් මාසයක් විතර ඇති. හැමදේම අමතක කරන්න පුළුවන්"

" මාසයක් විතරක් යාළුවෙලා හිටිය කියන්නේ ආදරේ නෑ කියලද? ඔයා හිතන්නේ ආදරයක් ඇතිවෙන්න අවරුදු හතරක් විතර යාළුවෙලා ඉන්න ඕනේ කියලද?"
" මාසයක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයිනේ. ඉතින් අමතක කරන්න බැරි නෑ. අවරුදු ගණන් එකට හිටපු අයත් ඈත්වෙලා හොදට ඉන්නේ, අපිට ප්‍රශ්නයක් වෙන්න බෑනේ එතකොට. ."
" ඇයි ගයත්‍රී කාලෙන් මිනිස්සුන්ව මනින්නේ. මාසයක් නෙමෙයි අව්රුද්දක් දෙකක් නෙමෙයි දහයක් යාළුවෙලා හිටියත් ආදරේ ආදරෙමයි. සමහරුන්ව අපිට අවරුදු දහයක් එකට හිටියත් නොගැලපෙනවා කියලා තේරෙන්නේ නෑ. සමහරුන්ව දවස් තුන හතරකින් තේරුම්ගන්න පුළුවන්.මිනිස්සුන්ව දැනන් හිටපු කාලෙන් මිනිස්සුන්ව මනින්න එපා. ගතිගුණ වලිනුයි මිනුස්සුන්ව මනින්න ඕනේ නේද. මුල් කලේ අඩුපාඩු නොපෙනුනාට කාලෙත් එක්ක අඩුපාඩු පේනවා. මුල් කලේ තිබුණු බැදීම්, හොයබලීම් ඔක්කොම කාලෙත් එක්ක අඩුවෙනවා. ඒත් මේ එහෙම දේකුත් නෙමෙයි. කොච්චර ආදරයක් තිබුනත් නොගැලපීම් නිසා හරි අම්මලා තාත්තලා අකමැති නිසා හරි වෙන් වෙන්න වෙනවා වෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් වත් නැතුව හේතුවක් නැතුව මේක නතර කරන්නේ මොකටද? කොහොම උනත් මේ වෙලාවේ මට මේක නවත්තන්න ඕනේ නෑ.ඔයා මට මේක දැන් අද දවසෙම කිවුවත් නවත්තමු කියල මං ඒකට කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ඔයා අයිත් අහන්න එපා. කේන්තිය නිවිලා හොදින් ඉන්න වෙලාවක අපි කතාකරමු. කේන්ති ගියපු දුක හිතුනු වෙලාවලට ප්‍රශ්න වලට විසදුම් හොයන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්" 


නොහිතපු වෙලාවක ඇති වුනු ඒ ප්‍රශ්නේ එදාම විසදගන්න පුළුවන් වුණා. 

ඒත් පලවෙනි වතාවට ඒ අහපු වචන ටික අහපු අන්තිම දවස ඒක වුනේ නෑ.  
  
ජිවිත අන්දරය දහතුන්වන කොටස කොටස බලාපොරොත්තු වන්න . 


20 comments:

  1. මට මේ තමා හිතාගන්න බැරි මේ කතාවට කොහෙවත් හිටිය චාමරයෙක්ව ගෙන්නලා ඌට කෙල්ලට කතා කරන්න දුන්නේ ඇයි කියලා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒක වුනේ ඒ තත්වේ නිසා. ඒක නොකර ඉන්න තිබුන කියල මටත් පස්සේ හිතුනා
      චාමරව කතාවේ මුල් කොටස් වලදී නමෙන් හදුන්වල දෙන්න බැරි වුණා. වැරැද්දක්

      Delete
    2. මම කියන දේ හරි නොවෙන්නත් පුලුවන් මොකද කතාවේ මම නොහිටිය නිසා. ඒත් චාමරයට කතාව කියලා ඊට පස්සේ ඌට ගයාත්‍රිට කතා කරන්න දිලා ඌ ගයාත්‍රිට "තග" දැම්ම එක මේ කතාව මුලින්ම අල වෙන්න ආරම්භ වුණු තැන විදිහටයි මට පේන්නේ....

      Delete
    3. එහෙම හිතුන නම් මං අසාර්ථකයි. හ්ම්ම්ම් මට නම් 100%ක් ෂුවර් ඒක නෙමෙයි හේතුව කියලා. මොකද චාමරගේ ගැන කලින් ඉදන්ම ගයත්‍රී දන්නවා.
      සමහරවිට පොඩි බලපෑමක් වෙන්න ඇති හසිත අයියා හිතන විදියටත්.
      මෙතැනදී චාමරට තිබ්බ සැකේ දිලිප් ගේ වාදයෙන් ගැලවෙන්න මව අතරමැදියෙක් විදියට පාවිච්චි කරනවයි කියන ඒක.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. චාමර ගෙ කතාව එක හේතුවක් වෙන්න ඇති ගයත්‍රිගේ හිත වෙනස් වෙන්න... එත් මචං කෙල්ලො කියන්නේ හරි අමුතුම ජාතියක්... කාලගුණේ වගේ වෙනස් වෙනවා... :/

    ReplyDelete
    Replies
    1. කොන්ෆියුසියස්තුමාත් කිව්වලු ගෑණුන්ගේ හිත හරියට චීනේ අහස වගේ කියලා :D

      Delete
    2. හ්ම්ම් ඒකනම් ඇත්ත :D
      අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ගෝවද වගා කල හැක කියනවනේ :D

      Delete
    3. ලෝකෙ තියෙන අමාරුම විෂය ගැහැණිය.... කිදා බැහැල පාඩම් කලත් පාස් මෙන්න අමාරුම සබ්ජයක්‌......

      Delete
    4. සහතික ඇත්ත :D

      Delete
  4. ඔය චාමරයා මුගේ ඉස්කෝලෙමයි.
    මං නොදන්න චාමර..
    හික්ස්..
    ඌටත් බැරි උනානේ පලවෙනි දවසෙම මූට මේ මගුල ගැන කියලා දෙන්න අම්මපා..

    ReplyDelete
    Replies
    1. හි හි උඹ දන්නවනේ ඉතින් :D

      Delete
  5. mama nam kiyanne chamara kiyana ur frnda karapu wade hariyatama hari.. samaharawita oya de kalinma wei kiyala eyata therenna ati.. hnda yaluwekta godak dewal kalinma therenawane,.. (eya hndama yaluwek nam. idun knw) hama kellekma eka mimmen maninna epa kiyalath matak karala denna onee.. digatama liyanna kasun. asawen kiyawana blog ekak meka.. ma part eke nam kata unat igena ganna dewal godak tiyanawa..:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝදරිය අදහස් වලට :D
      හැම කෙල්ලම එක මිම්මෙන් මනින්න බැරි එක ඇත්ත. හොද අයත් ඉන්නවා හැබැයි ටිකයි

      Delete
  6. apooo me mokada me...hina wewi kiyawapu kathawa me kotasin mood eka sampurnayenma wenas keruwa.

    ReplyDelete
    Replies
    1. නැගීම් වගේම බැසීමුත් තියෙනවනේ
      හොද වගේම නරකත් තියෙනවා. රෝස මල් යහනාවක ඉන්නවා වගේ ජිවිත අපි කාටවත් උරුම නෑනේ

      Delete
  7. aiooo ilaga part ekath ikmanata danna aiya

    ReplyDelete
    Replies
    1. දාන්නම් ඉක්මනින්

      Delete
  8. හෑහ්. බලං යනකොට ගෑල්ලමයි ගොඩක් අය එකවගේ නෙ බං :O :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගෑල්ලමයි කියන්නේ :P

      Delete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා