අපේ යාලුවෝ

Sunday, July 29, 2012

ආවර්ජනයක්- පොලවේ පයගහලා ජිවත්වන්නවුන්ට





මේක පබ්ලිෂ් කරද්දී  

දෙවෙනි ඇරඹුමට දවස් 32 යි   
මුළු පෝස්ට් 23 යි
ෆලෝ කරන අය 23 යි  
කමෙන්ට්ස් 241 යි  
බ්ලොග් එක බලපු අය ඔක්කොම 3059 යි 
ෆේස්බුක් පේජ් එකට ලයික් 34 යි 

ඇරඹුම ගැන සතුටුයි.මේ කෙටි කාලෙට බ්ලොග් ඒක තුන්දාහක් කියවල කියල දකිද්දී හිතට ගොඩක් සතුටුයි. ඉදිරියටත් ඔබ සැවොම ලබාදුන් සහයෝගය ඒවගේම ලබාදෙන්න. ලියන දේවල් වල අඩුපාඩු ඇති. ඒවා පෙන්නලා දෙන්න. ඒක ලොකු ශක්තියක්. 
කියවල නිකම්ම ලයික් එකක් විතරක් දාලා යනවට වඩා හොද නරක ගැන කමෙන්ට් එකක් දාලා යනවා දකින්න ගොඩක් කැමතියි. බ්ලොග් ලියන කව්රු උනත් තමන් ලියන දෙයින් අනිත් අය ලබන සතුටින් සතුටු වෙනවා. තමන්ගේ පෝස්ට් එකකට වැටෙන කමෙන්ට් එකක් දැකලා ඕනෑම බ්ලොග් කරුවෙක් ලබන ඒ නිරහංකාර සතුට මාත් විදිනවා. ඒ නිසා පුළුවන් නම් කියවන හැමෝම බ්ලොග් පෝස්ට් එකක් කියවල කමෙන්ට් එකක් දාලා අඩුපාඩු හොද නරක පෙන්නලා දෙන්න. එහෙම නොගිය කියල තරහක් නම් හිතේ නෑ කා ගැනවත්ම.  

දැනට නම් ගොඩක් අය කියවන්නේ ජිවිත අන්දරය කතාව. ඒක දිග වෙන එක ගැන සමාවෙන්න. ඊලග කොටස දාන්න පරක්කු වෙනවා වගේ නම් ඒකටත් සමාවෙන්න. කෙටියෙන් ලියන්න අමාරු කතාවක් ඒක. මෙගා නාට්ටියක් වගේ ඒක දිගයි කියල මනං පිලිගන්නවා. ඒත් ඒක ඊට වඩා නම් කෙටි කරන්න අමාරු කතාවක්. මුලින්ම මේක ලියන්න ගත්තේ දන්නා දෙයක් ලියලා ට්‍රැක් එකට වැටෙන්න හිතාගෙන. දන්න ලේසි දෙයින් පටන් ගත්තම අඩුපාඩු තේරුම් අරන් අත්දැකීම් අරගෙන හොදට ඉදිරියට ලියන්න පුළුවන් වෙඉ කියල හිතෙනවා. ඉතින් ඉදිරියට මිට වඩා හොද දේවල් බලාපොරොත්තු වෙන්න. 

නිසදැස් කිහිපයකුත් මේකේ පලවෙලා තියෙනවා ඒ වුනාට ප්‍රතිචාර නම් අඩුයි. වෙනත් ලියපු දේවල් වලටත් ඒ වගේ. ඒවගේ රස මදිද දන්නේ නෑ.

මං මේක පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න තිබ්බ ආසාවට. කුරුළු අයියගේ,  සෑම් අයියගේ බ්ලොග් කියවල ඇතිවෙච්ච ආසාවට.
 ඕ ලෙවල් වලට සිංහල කලට පස්සේ සිංහල ගැන නම් ඉගෙන ගෙන නෑ. එත් පොත් කියවන ඒක මගේ පොඩි කලේ ඉදන්ම තිබුණු විනොදාංශේ  . අදටත් එහෙමයි. ඉතින් කතාවක් ගලපාගෙන ලියන්න පුළුවන් කියන හැගීම මට තියෙනවා. නිසදැස් නම් ලිව්වේ ආසාවට හිතට ආපු අදහස්. ඒවත් කිසි දෙයක් ඉගෙන ගෙන හදාරලා නෑ. මට ලියන්න පුළුවන් කියන හිතේ තිබ්බා විශ්වසේ විතරයි තිබ්බේ මේක පටන් ගද්දි  . මුල් කාලේදී බ්ලොග් ලියන්න උනන්දු කරපු කුරුළු අයියට, එතකොට මේකට කලින් තිබුණු නම වෙනස් කරලා අලුත් නමක් දැම්ම සෑම් අයියට, මගේම බෙස්ට් ෆ්‍රෙන්ඩ් තරියගේ කෙරුවාවේ තරිඳුට, ඒවගේම හැමදාම ලියන්න මාව ධෛර්යමත් කරපු මගේ හොදම යාලුවෙක් වෙන ශෂී ට ගොඩක් ස්තුතියි. මුල් දවස් වල මහන්සි වෙලා සිංහලෙන් ටයිප් කලාට ඒවාට ලැබෙන ප්‍රතිචාර අඩු උනාම ගොඩක් දුක හිතුනු අවස්ථා තිබුන. බ්ලොග් ලියන වැඩේ නවත්තන්න හිතුනු අවස්ථාත් තිබ්බා. ඒත් හැමදාම දිගටම ලියන්න මාව ධෛර්ය මාත් කරපු තරිඳු, ශෂී, ආත්මා අක්කා, ප්‍රමෝද්, ශිරෝෂි , මලිති අක්කා,  බිනෙෂ්කා ,චතුරි, අමා,  ගිහාන්, නුවන්
( නුවන්ව හම්බුනේ සිමා ක්ලාස් එකේදී. මුල් කලේ දැනන් නොහිටියත් අපි මොකක් හෝ හේතුවකට සෙට් වුනා. ජිවිතේ මිනිහෙක්ට අහන්න පුළුවන් මාරම කමෙන්ට් එකක් මට දවසක් මේ නුවන්ගෙන් හම්බුනා. එදා මට දැනුනු සතුට කියල නිමකරන්න බැරි තරම්. ඒ වචන නම් මට ජිවත් වෙලා තියෙනකම්ම මතක තියේවි නුවන්)එකම වතාවක් විතරක් කොපි කැට් දන්සලේදී හම්බුනු සුරංග (chakaya), මල්මි හා යුනිමාලි නංගිලා හැමදාම දුවගෙන ඇවිත් කමෙන්ට් කරන අඩුපාඩු පෙන්නන බ්ලොග් ලෝකේ හම්බුනු සුන්දර මනුස්සයා හසිත අයියාජීවිතේට හම්බ වෙලා නැති තඩි බොරළුවත් මතක් කරන්නම ඕනේ, මේ අය  ඇතුළු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි, පින්. හැමදාම මාත් එක්කම ඉන්න. 

අද වෙනකම් මේක කියවපු හැමෝටම, කමෙන්ට් කරපු, ඊලග පෝස්ට් ඒක දානකම් බලන් හිටපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි. එතකොට  අඩවි රජා, සිත්තම්, ප්‍රමුදි, චතුරංග, රොසැන්, බට්ටි, හිරුහිමාවීනන්දු, ,ධවල, මගේ හිත, කාව්‍ය, රෙප් මහත්තයා,මීගොඩය වුනු මගේ ෆලෝ කරන ටික  ඇතුළු බ්ලොග් ලෝකේ හැමෝම මාත් මෙවෙලේ මතක් කරනවා.

හැමදාම කස්සාගේ මැස්ස කියවන්න. අඩුපාඩු පෙන්නලා දෙන්න.


පොරවල් ගැවසෙන ලෝකේ පොරක් නොවී පොළොවේ පයගහල ජිවත් වෙන මනුස්සයෙක් වෙන්න ඔය හැමෝම උදවු කරයි කියල මං විශ්වාස කරනවා.


ගොඩක් ස්තුතියි මිට කස්සා{ කසුන් M අනුරාධ)    

36 comments:

  1. මේ ජයග්‍රාහි පියවරට මගෙන් උණුසුම් සුභ පැතුම් කසුන්......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශිරෝෂි

      Delete
  2. All the very best mchan..api hemadama kyawanawa..oya kathawa liyana widihath godak lassanai..hemadama hithenawa episode 1 thawa tikak diga unanam kyala..echcharatama asai :)

    ReplyDelete
    Replies
    1. එල තෑන්ක්ස් ඇනෝ

      Delete
  3. Replies
    1. තෑන්ක්ස් ගිහාන්

      Delete
  4. ආ එල එල ඈ...
    දිගටම ලීපං...
    ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. එල එල ලියනවා අනිවාර්යයෙන්

      Delete
  5. keti kalayakin mechchara issarahata giyapu eka gana godaakma sathutui.. mama kalin wadiya blog follow karapu kenek neme.. eth oyage blog eka kiyawanawath ekkama blogs kiyawana asawath wadi una.. katha liyana style eka nam sahena hndai.. digatama aluth aluth dewal blog ekata ekathu karanna labenna kiyala wish karanawa.. GOOD LUCK BRO!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි
      හැමදාමත් ඉන්න, මේ පැත්තේ එන්න

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. එලකිරි මලයා. මේ විදිහටම හොඳට බැට් කරගෙන යන්න :) අපි එනවා චියර් කරන්න :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත අයියා :)

      Delete
  8. පටන් ගත්තා විතරනේ.ඔහොම යමු යාළු (y)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රමුදි

      Delete
  9. අඩේ මගේ නමත් දාල... එල... හිතේ සතුට වෙනුවෙන් ලියපන්... අපි ඉන්නව...

    ReplyDelete
    Replies
    1. මේකට ආපු කාවවත් අමතක කලේ නෑ :D
      දිගටම එන්න

      Delete
  10. අඩේ!ඔන්න නාඩියානම් ආවේ අද!25 වෙනි follower කාරයා මම ඔන්න!අනිවා දිගටම එනවා ඈ!සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා :D
      දිගටම එන්න

      Delete
  11. මේක දැක්කේ අද නෙව!
    ජය වේවා මචෝ..

    ReplyDelete
    Replies
    1. ජය මචන්
      හැමදාම එන්න

      Delete
  12. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. matath raaja sampath denna barida?

      Delete
    2. හ්ම්ම්ම්ම්ම් එසේම වේවා

      Delete
  13. Replies
    1. බොහොම ස්තුතියි අමා :)

      Delete
  14. ආයෙමත් එන්නම් කිව්වට එන්න බැරිවෙලානෙ මට...අහෝ ඛේදයකි ඉරකි තිතකි ආයෙමත් එහෙම වෙන්නෙ නෑ....ටික කාලෙකට නැති වේවි නමුත් ආපු ගමන් ආයෙනම් මග අරින්නෙ නෑ...

    ඉද්රියටත් ලියන් යන්න...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න හැමදාම එන්න සිත්තමි

      Delete
  15. සුභ පැතුම්.... සිභ පැතුම්.... ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කාව්‍ය අක්කා
      හැමදාම මේ පැත්තේ එන්න

      Delete
  16. ඔන්න මමත් ආවා හැබැයි කොටස් දහතුනේ කතාවේ පලවෙනි එක විතරයි කියෙවුවෙ.. හෙමින් කියවන්නම් ඉතිරිය.. ඔන්න ලින්ක් එකත් දාගත්තා

    ReplyDelete
    Replies
    1. කියවමු කියවමු. වෙලාව තියෙන විදියට ඇවිත් යන්න.
      ආවාට ගොඩක් ස්තුතියි

      Delete
  17. //මුල් කාලේදී බ්ලොග් ලියන්න උනන්දු කරපු කුරුළු අයිය//
    ඔය නාහෙට අහන්නැති කුරුලුවා තැන් තැන් වල කවි කතන්දර ලස්සනට ලිය ලිය ඔබද්දි මම කිව්වා ලියපං බ්ලොගක් කියල. බ්ලොගක් කරන්න වෙලාවක් නැහැ කිව්වා. දැන් ඔය අගේට ලියන්නේ..

    කුරුළු/තරියා/උඹ ආව වගේම බ්ලොග් ලෝකෙට තවත් අලුත් එවුන් එනකොට අත දෙන්න පැකිලෙන්න එපා කොල්ලා..

    ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සෑම් අයියා.
      කාටත් අත දෙන්න අපි සුදානමින්

      Delete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා