අපේ යාලුවෝ

Thursday, July 19, 2012

ජිවිත අන්දරය දසවන කොටස

ජිවිත අන්දරය අටවන කොටසට 
ජිවිත අන්දරය  නවවන කොටසට  


මං  ගයාත්‍රිව  දන්නේ මුලින්ම එයා අපේ ගණන් ක්ලාස් එකේදී දැක්ක දවසේ ඉදන්. එදා ඉදන් අද වෙනකොට සෑහෙන කාලයක් ගිහින්. ඒත් මේ වෙද්දී අපි හොද යාලුවෝ වෙලා ඉවරයි. 


ටික වෙලාවක් කල්පනා කල  විට මා ඇයට අකමැති වීමට හේතුවක් තිබුනේ නැති  බව තේරුණා.  මුලින්ම ගයාත්‍රිව දැක්ක දවසේ ඉදන් ඉදන්ම මට එය ගැන විශේෂ ඇල්මක් උනන්දුවක් තිබුණා. අන්තිම මාස ටිකේදි අහම්බෙන් හරි අපි දෙන්න අතර ලොකු මිත්‍ර කමක් ඇතිවුණා. ඒත් මට එයාට එකපාරට හා කියන්න බැරි හේතුවක් තිබුණා. 


මං හොදටම දැනන් හිටිය මගේ යාළුවා වෙච්ච දිලිප් ගයාත්‍රිගෙන් ටික කාලෙකට කලින් කැමැත්ත කිහිප වතාවක්ම  අහල තිබ්බ බව. දිලිප්ට ගයාත්‍රි අකමැති වුනත් ඒ දේ නිසා මං මේ දේට කැමති වෙන එක වැරද්දක් කියල මට හිතුනා. ඒත් මම බලාපොරොත්තු වුනු ආසා කරපු කෙනාම මගෙන් ඒ අහපු ප්‍රශ්නෙට බෑ කියන උත්තරය දෙන්න මට පුළුවන් කමක් එදා මට තිබුනේ නැති බව මට තේරුණා.  


      පැය ගණනක් ගත නොවුනත් මේ සිතිවිලි මගේ හිත ඇතුලේ කැලතුනු ඒ විනාඩි කිහිපය කල්පයක් වගේ මට එදා දැනුණා. වෙලාව රෑ 8.30 ට විතර ඇති. අවසානෙදි තීරණයක් ගත්ත මං ෆෝන් එක අතට අරන් මැසේජ් එකක් යැවුවා .

"mama kamathiyi "

      

  එදා, අගෝස්තු දොළොස් වෙනිදා මගේ ජිවිත ගමනේ පියවර කිහිපයක් ඉදිරියට නැග්ගා කියලයි මට හිතුනේ. ඒත් මම උඩට නැග්ග පඩි ටිකත් බැහැගෙන තවත් බිමටම වැටුණු බව තේරුනේ කාලෙකට පස්සෙයි. 

 අපේ ආදරේ ඇරඹුණේ sms පිහිටෙන්. එහෙම කැමැත්ත ප්‍රකාශ වුනත්  ඒත් එක්කම අනිත් පැත්තට මං එයාට කෝල් එකක් ගත්තා. අලුත් වෙච්ච හැගීම් එක්ක මේ කතාව ටිකක් දිගු වුණා. අපේ ප්‍රේම කතාවේ ආරම්භය එදා මෙහෙම සිදු වුණා.  



"හෙලෝ අනූ කියන්න "   ගයාත්‍රි එහෙම කිව්වා 
"ඔයා කියන්නකෝ" මමත් එහෙම කිව්වා 
" ඔයා කියන්න" අයෙත් ගයාත්‍රි එහෙම කිව්වා 
කෝල් එකක් ගත්තට කතාකරන්න දෙයක් නෑ වගේ. දෙන්නම කතාව පටන් නොගෙන අනිත් කෙනා කතාකරනකම් බලන් ඉන්නවා. මේක හරි යන වැඩක් නොවන හින්ද  මං පටන් ගත්තා කතාකරන්න 

" ගයාත්‍රි ඇයි ඔයා මගෙන් එක පාරට කැමැත්ත ඇහුවේ? " 
මං ඒකයි මුලින්ම ඇහුවේ 
  
"මං ඔයාගෙන් ඇහුවේ නැත්නම් ඔය මට ඕක කවදාවත් කියන්නේ නෑ. මං දන්නවනේ ඔයා ගැන. මං වෙන කෙනෙක් එක්ක යාලුවුනත් කමක් නෑ කියල බලන් ඉදියි. අහ් මං කියන්නේ බොරුද?"
  ඇත්තටම එයා මගෙන් එහෙම දෙයක් එදා ඇහුවේ නැත්නම් අදටත් අපි යාලුවෝම විතරක් වෙන්න තිබ්බා. මම කවදාවත් ඔහොම දෙයක් අහන්නේ නෑනේ .

" ඔව් හැබැයි. ඔයා ඇහුවේ නැත්නම් මං අහන්නේ නෑ තමයි . කැමති එක වෙනම දෙයක් ඒත් ඔය වගේ දේවල් අහන්න ගිහින් යාළුවව නැති කරගන්න බෑනේ"

" ඒත් ඇයි මැට්ටෝ මට කැමති නම් ඇහුවේ නැත්තේ? අනිත් එක ඇයි උත්තරයක් දෙන්න ඔච්චර වෙලා ගියේ?" 
"එක තමයි මං ඔයාට කියන්න හිටියේ. මං ඔයාට අකමැති නෑ ගොඩක් කැමතියි. ඒත් එක ප්‍රශ්නයක් තිබ්බා. ඒත් ඔයා දිලිප් ගැන දන්නවනේ. මට ඔයා නිසා යාලුවෝ නැතිකරගන්න බෑ. එයාගේ හිතේ දැන් ඔයා ගැන අදහසක් නැති එක ඇත්ත ඒත් එයා ඔයාට ට්‍රයි කලානේ කාලයක්. මත එක්ක ඔයා යාළුවෙලා කියල හිතුනොත් එයා දුක් වෙයි. ඒ නිසා මේ ගැන අපි දෙන්න විතරක් දැනගෙන හිටියොත් ඇති. හරිද? " 
මං මගේ හිතේ තිබුණු ප්‍රශ්නේ එහෙම කිව්වා

" හරි අනූ කමක් නෑ. අපි එහෙම කරමු" 
 ඒකට එදා ගයාත්‍රිත් එහෙම එකග වුණා.

"එහෙනම් හරි ප්‍රශ්න නෑ. හැමදේම හරි "  
 මගේ හිතේ තිබුණු ප්‍රශ්නයක බර එහෙම නිදහස් වුණා. 

 " අනූ එහෙම බෑනේ. ගෑනු ළමයා පිරිමි ළමයාගෙන් කැමැත්ත අහන්නේ නෑනේ.  ඒ නිසා ඔයා මගෙන් ආයිත් කැමැත්ත අහන්නේ ඕනේ. සම්ප්‍රදාය එහෙමනේ "
 ගයාත්‍රි ගෙන් තව ප්‍රශ්නයක් 

" අපෝ මට බෑ. අපි සම්ප්‍රදායෙන් පිට වැඩ කරමු."
 මම ගත් කටටම එහෙම කිව්වා 

" එහෙනම් නිකම් ඉන්න. මං යාලු නෑ තරහයි. බායි" 
මවාගත්ත තරහකින් ගයාත්‍රි එහෙම කිව්වා 

"නෑ නෑ ඉන්න අහන්නම්, මොකක්ද දැන් අහන්න ඕනේ ?" 
එයාව තරහ කරගන්න බැරි හින්ද මං එහෙම කිව්වා.

"ඇයි අනේ අනූ අර  අනිත් පිරිමි ළමයි අහන්නේ කැමැත්ත ඒ වගේ අහන්න" 
" ඉතින් මං දන්නවද ඒක. මං කාගෙන්වත් අහල නෑනේ. ඔයා කියන්න මං අහන්නම්"
නොදන්නා කමටම නෙමෙයි ඒ උනාට මං එහෙම කිව්වා 

"මොකක්ද අනූ, ඔයා එහෙන ම අහන්න ඕනේ 'මං ඔයාට කැමතියි ඔයා මට කැමතිද ?' " 
එයාගේ කතාව ඉවරවෙන්න කලින් මං පැනල උත්තර දුන්නා.
"ඔව් මං කැමතියි. දැන් හරිනේ"
" ඔන්න ඉතින්. මැට්ටෝ ඔයයි ඒක අහන්න ඕනේ. මට බෑ ඔයත් එක්ක මං තියනවා. බායි"

"අහ් ඉන්න ඉන්න දැන් අහන්නම් "
"හා.අහන්න එහෙනම් "
" මං ඔයාට කැමතියි ඔයා මට කැමතිද" 
මං නිකම් රොබෝ කෙනෙක් වගේ කියවන ගියා. වචන ඇහෙන්නත් නැතුව ඇති මට හිනා ගියපු නිසා.
" අපෝ ඔහොම ඇහුවම ආදරේ හිතෙනවද?හිනාව නවත්තල ලස්සනට කියන්නකෝ අනූ "
"අයියෝ, ලස්සනට තමයි කිව්වේ. හ්ම්ම් හරි මං ඔයාට කැමතියි  ඔයා මට කැමතිද කියන්නකෝ"   
මං ටිකක් ඇදල පැදලා ලස්සනට ඇහුවා.
"ඔහොමත්  බෑ තව ටිකක් ලස්සනට අහන්න  "

"දැන් මාව බයිට් එකට ගත්තා නේද? මේ නම් අන්තිම පාර හැබැයි. මන් ඔයාට කැමතියි, ඔයා මට කැමතිද?" 
  පුදුම කට්ටක් කල ඒක නම් දැනෙන්න කියාගත්තා.

"ඔව් මං ඔයාට ගොඩාක් කැමතියි අනූ " 
 ගයාත්‍රි එහෙම කිව්වා.
මේ විදියට අපේ පලවෙනි ප්‍රේම සංවාදය ටිකක් වෙලා ගලන් ගියා.  


එදා දවස ගෙවිල ගියේ හීන බලාපොරොත්තු ගොඩක් එක්ක. හිතට නැවුම් බලාපොරොත්තු ගොඩක් එකතුවෙලා තිබුණා. ඔහේ ගලන් ගියපු ජීවිතේට  අරමුණක් එකතු වුන කියල මට හිතෙන්න ගත්තා.
                --------------------------------------------------------------------------------------------------

පහුවෙනිදා උදේ වරුවේ මට ගයාත්‍රි ගෙන් මැසේජ් එකක් ආවා.

'anu mama thawa tikakin loku ammalage gedara enawa. oya handiyata enawada?' 
එන්නම් කියලා කිවුවට මට මේක ටිකක් අලුත් අමාරු දෙයක් කියලා තේරුණා. 
අනික මේ අපේ ගම. කෙල්ලෙක් එක්ක මම තනියම යනකොට මිනිස්සු කොච්චර දේවල් හිතයිද කියලා මට හිතුණා. අනිත් ඒක අපේ බාප්පා කෙනෙක්ගේ කඩයකුත් හන්දියේ තිබ්බා. එයට නොපෙනෙන්න එතනින් යන්නත් අමාරුයි. හැමදේම හිතල මං. යන්නම ලේසි පැත්ත ගාන හිතල එතනට ගයාත්‍රිට එන්න කිව්වා
.  
' ha man ennam. enna 10 min walata kalin kiyanna. habayi oya man inne food city eka laga '
 'hari man kiyannam. kamakne ethana inna'
ගයාත්‍රි එහෙම කිව්වා.ඒ හමුවීමත් සුවිශේෂියි. එත් මං හැමදේටම වැඩ බය වෙලයි හිටියේ. කව්රුහරි දැක්කොත් කියන සිතුවිල්ල මගේ හිතේ තිබ්බා .  "

අන්ධකාර අහසම ආලෝකමත් කරමින් තරු පන්තියක්ම අහසේ පායලා තිබ්බා.සදට නම් අහස අද අමතක වූ හැඩයි. කතාව නවත්තපු මං තරු පන්තිය දිහා බලාගෙන තරු පන්ති හදුනාගන්න පුංචි උත්සාහයක යෙදුණා.  සවස් වරුවේ තිබු කලබල කාරී පරිසරය දැන් පුජා බිමෙහි දැකගත නොහැකිය. 
"වතුර ටිකක් බොන්න යමුද මචන්. තිබහයි" 
 සෑහෙන වේලාවක් කතාකරපු නිසාදෝ  දැනුනු පිපාසය නිවාගනුමට  මං මිතුරා සමගින් වාඩි  වී සිටි තැනින් නැගිට දේවාලය දෙසට ගියෙමි.  

 මිට පස්සේ මොනවා වෙයිද?
 ජිවිත අන්දරය එකොලොස්වන කොටස බලාපොරොත්තු වන්න. 




25 comments:

  1. හැමදාම වගේ කතාව කෑලි කරන විදිහ තමා සුපිරි. ඒවා ඇත්තටම වුණාද ලොක්කා ??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්තට උණා
      බොහොම ස්තුතියි හසිත අයියා

      Delete
  2. ඇයි බං හොද හරියට එනකොට අරූට වතුර තිබහා හැදෙන්නේ????
    කව්ද ඕකා????
    ගයාත්‍රි ගැනනං කියලා වැඩක් නෑනේ.
    මං දන්නවනේ.. :P

    ReplyDelete
    Replies
    1. ඌට විජලනේ වෙන්න ඇති :D

      Delete
    2. උට වකුගඩු අමාරුව. F*$@^((*@^#(

      Delete
    3. ඔව් බන් පොඩ්ඩක් විජලනේ :D
      ඔය වගේ දිග කතා ලියද්දි උගේ කටත් රිදෙනවා එක ටයිප් කරලා මගේ අතත් රිදෙනවනේ

      Delete
  3. kasun ge kathawath tele drama ekak wage.. hndama hariya enakota "to be continued.." :D gd wrk bro..mama asawen kiyawana blog 1k..
    blog ekata thawath posts add karana ekath godak hndai.. gd luck!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ

      Delete
  4. එදා, අගෝස්තු දොළොස් වෙනිදා මගේ ජිවිත ගමනේ පියවර කිහිපයක් ඉදිරියට නැග්ගා කියලයි මට හිතුනේ. ඒත් මම උඩට නැග්ග පඩි ටිකත් බැහැගෙන තවත් බිමටම වැටුණු බව තේරුනේ කාලෙකට පස්සෙයි.

    මටම ගැලපෙනව මේකේ දිනෙයි මාසයයි වෙනස් කරා නම්. :(

    ReplyDelete
    Replies
    1. හැමෝටම වෙලා තියෙන්නේ එකම දේ වගේ

      Delete
  5. ඊලඟ කෑල්ල නැතුව මගෙ බඩත් නිකං දඟලනව වගේ. ගුජුප්සාජනකයි ඈහ්. උම්මා උම්මා

    ReplyDelete
    Replies
    1. ලග පාත නැතෙයි අසමෝදගම් බෝතලයක් එහෙම
      විමලා ට කිව්වනම් කෝපි එකක් හදල දෙයි :P

      Delete
  6. wow.... ella ma thama... eth aii padi tika base... :( ehema unama dukai aneeeee... :'( habai itnin wade nam hari giya nae :D

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්මි නංගි

      Delete
  7. මං දන්න විදියට නං කතාවේ හොදම හරිය දැන් පටන් ගන්නේ...
    මේක නම් ඇත්ත.. එයා ඇවිත් ඔයාට උනේ මේ ටික තමයි;;;

    "එදා, අගෝස්තු දොළොස් වෙනිදා මගේ ජිවිත ගමනේ පියවර කිහිපයක් ඉදිරියට නැග්ගා කියලයි මට හිතුනේ. ඒත් මම උඩට නැග්ග පඩි ටිකත් බැහැගෙන තවත් බිමටම වැටුණු බව තේරුනේ කාලෙකට පස්සෙයි."

    ReplyDelete
    Replies
    1. ඔව් හලෝ ශිරෝෂි
      ඕක තමා උනේ ඉතින්

      Delete
  8. මුල ඉදලම එන්න වෙනවා ඉදහන්කෝ.. :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් රජා එන්ඩකෝ
      බෝම ස්තුතියි රජෝ

      Delete
  9. මෙ ලොකයෙ හෑම දෙම වෙන්නෙ හොදට .,./,.

    "එදා, අගෝස්තු දොළොස් වෙනිදා මගේ ජිවිත ගමනේ පියවර කිහිපයක් ඉදිරියට නැග්ගා කියලයි මට හිතුනේ. ඒත් මම උඩට නැග්ග පඩි ටිකත් බැහැගෙන තවත් බිමටම වැටුණු බව තේරුනේ කාලෙකට පස්සෙයි.


    එත් කමක් නෑ දෑන් කාලය මචන් වෑටුනු තෑනින් නෑගිටින්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්

      Delete
  10. ඔබට සුබ පෑතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  11. yaluwek ekka kathawa kiyanne kiyalath amathaka una..lassana kathawakne bole meyage//

    ReplyDelete
    Replies
    1. ඔයාට අමතක උනාට මට අමතක නෑ :p

      Delete
  12. ado mege lov kathawa matak wenwaaaa.....bt mama sampradaya kaduwooooo(dan 5 year walta lagaiiiii)

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා