අපේ යාලුවෝ

Wednesday, August 15, 2012

ජිවිත අන්දරය-දහහතරවන කොටස


 ජිවිත අන්දරය-දොළොස්වන කොටස
" මචන් උඹද අනුරාධ?"  
එක්කෙනෙක් එහෙම ඇහුවා 
"ඔව් "
       මං ඇත්තම කිව්වා.
"රමිෂ්කව හොයන්නේ ගහන්නද?"
මුලින්  කතාකරපු කෙනාම මගෙන්  එහෙම ඇහුවේ සෑහෙන පිරිසක් මං දිහා බලන් ඉද්දියි. 
 එහෙම අහපු කොල්ල මට වඩා ටිකක් උසයි. උසට හරියන්නම ටිකක් මහතාට හිටියා. කොන්ඩේ කපල තිබුනේ අමුතුම කට් එකක්.


" ගහන්නේ මොකටද?   මට හම්බ වෙන්නයි ඕනේ" 
මං හිනාවෙලම උත්තර දුන්නා. මගේ නමත් දන්නා නිසා මං ගැන හැම දේම මෙයාල දන්නවා ඇති කියලත් මට හිතුනා.

" එහෙම දේකට නම් මං මෙහෙම තනියම එන්නේ නෑනේ මෙතරම් සෙනගක් මැද්දට. අනික කෙල්ලෙක් හින්ද ගහගන්න ඕනේ නැනේ මචන්.කෝ අද ඇවිත් ඉන්නවද රමිෂ්ක ? "
    මම තව ටිකක් එකතුකලා 


"නෑ අද නම් ඉස්කෝලේ ආවේ නෑ." 
මුලින් මාත් එක්ක කතාකරපු කොල්ලම එහෙම උත්තර දුන්නා.

" එහෙනම් තේරුමක් නෑනේ. මං වෙන දවසක හම්බෙන්නම්" 
එතනින් ඈත්වෙලා මම YMBA ඉස්සරහා හිටන් හිටියේ බස් එකට නගින්න.  ඩි.එස් එකේ යාලුවෝ කිහිප දෙනෙක් හම්බෙලා කතාකර කර ඉන්න අතරේ මගේ ලගට මුලින් මගෙත් එක්ක කතාකරපු ඒ කොල්ලම ආවා.

" මචන් මම රමිෂ්කගේ යාලුවෙක්. ගයත්‍රී ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද?"
" ඔව්"
"මොනවද රමිෂ්කට කියන්න ඕනේ"
" එයා කරන්නේ කිසිම තේරුමක් නැති වැඩක් ඒක නතර කරන්න කියන්නයි මට ඕනේ වුනේ"
" මං හිතන්නේ නෑ රමිෂ්ක ඔය වැඩේ අත්හරියි කියල. එයා ඒ ගර්ල්ට කැමතියි." 
" හ්ම්ම් එහෙමද මට කමක් නෑ. ඒක එයාගේ ප්‍රශ්නයක්. මං කියන්න ආවේ ඔයාගේ යාළුවා කරන්නේ තේරුමක් නැති වැඩක්නේ. ක්ලාස් එකේදී බස් එකේදී කරදර කරන එක නතර කරන්න කියලයි. ඔයාගේ යාළුවා ඕක දිගටම කලත් මට ගයත්‍රී විශ්වාසයි. මට ප්‍රශ්නයක් නෑ. පේනවනේ මට ගැන්සියක් ඇත්තෙත් නෑ. අනික හොයල බලන්ඩත් ඇතිනේ. මං අද ආවෙත් තනියමනෙ. කෙල්ලෝ හින්ද ගහගන්න කරන්න ඕනේ කමක් නෑ, මනුස්ස කමට කතාකරන්නයි මං ආවේ." 
මං කියපු ටික මිනිහට තේරුණා වගේ. මිනිහ විනාඩි විස්සක් විතර මගෙත් එක්ක ඒ ගැන කතාකර කර හිටියා. එහාපැත්තෙ එයාගේ එක යාලුවෙක් විතරක් හිටියා. අනිත් ඔක්කොම ඒ වෙද්දී යන්න ගිහින්. පස්සේ අන්තිමට එයා යන්න හදද්දී මම නමවත් අහගත්තෙ නැති බව මතක වුණා.

"ඒ මචන් උඹේ නම මොකක්ද?"
"මගේ නමද? මම සමීර"
" අහ හරි. පස්සේ දවසක හම්බෙමු"
මම එහෙම කියල සමුඅරගෙන නැග්ගේ 154 බස් එකේ ගෙදර එන්න. වැඩි සෙනගක් හිටියේ නැති උනාට බස් එකේ ඉදගන්න හම්බුනේ දෙමටගොඩ පහුවෙලා ගුවන් පාලමට කිට්ටු වුනාමයි. සීට් එකේ වාඩි වෙලා හිටපු දෙන්නම බැස්ස නිසා මම ජනේලේ අයිනට වෙන්න ගිහින් ඉදගත්තේ තව කාටහරි ඉදගන්න පුළුවන් වෙන්නයි. මගේ එහාපැත්තෙන් ඉදගත්තේ කන්නන්ගරේම කොල්ලෙක්. එක මං දැක්කේ කමිසේ සාක්කුවේ තිබුණු මෙරූන් පාට නිල ලන්චනේ නිසයි. මම බැජ් එක දිහා බලපු බව ඒ කොල්ල දැක්ක නිසා මම මුණ දිහා බලලා හිනාවුණා, එතකොටයි ඒ එච්චර වෙලා මාත් එක්ක කතාකර කර හිටපු සමීරගේ එහාපැත්තෙ හිටපු යාළුවා බව අදුර ගත්තේ.

" මේ පැත්තේද ඉන්නේ?" 
මම එහෙම ඇහුවා
" ඔව් බං මම අලුත්පාලම ලගින් බහිනවා"  
" අහ ඇත්තද?"
විනාඩි කිහිපයක් නිහඩව ගතවුණා. පස්සේ ආයෙත් සමීරගේ යාළුවා කතාකරන්න ගත්තා. 
" මචන් උඹ දන්නවද කාත් එක්කද මෙච්චර වෙලා කතාකර කර හිටියේ කියල?"
" ඔව් සමීර කියලනේ නම කිව්වේ, ඇයි?"
" නෑ එයා සමීර නෙමෙයි"
 " එහෙනම් මොකක්ද?"
" ඒ රමිෂ්කම තමයි"
"  සිරාවට ? ඉතින් ඇයි බොරු කිව්වේ?"
 මට පුදුම හිතුනා. 
" එක මං දන්නේ නෑ මචන්, එත් ඒ රමිෂ්ක"
   අන්තිමට කොහොම හරි කරන්න අපු දේ කොහොමහරි සිද්ද වෙලා. එදායින් පස්සේත් රමිෂ්ක ගයත්රිගේ පස්සේ ඇවිත් තිබුනත් ඒක ටික කාලෙකින් නතර වෙලා තිබුණා.
ආයිත් දවසක මම රමිෂ්කව දැක්කේ දෙමටගොඩ පෙට්‍රල් ස්ටේෂන් ඒක ලග ලොකු පොල්ලකුත් අතේ තියන් ඉන්නවා. 100ක් විතර ළමයි එතන ඉන්න ඇති. ඒ දවස් වල වෙස්ලි -කන්නන්ගර ගැටුමක් තිබුණා. ඉතින් පොල්ලක් අතේ තියන් ඉන්නේ මොකටද කියල මං කියන්න ඕනේ නෑනේ.  ඊට පස්සේ නම් ආයිත් කවදාවත් රමිෂ්කව මම දැක්කේ නෑ.  

    ----------------------------------------------------------------------------------------------------------------

මෙහෙම කාලේ ගෙවුනා. ප්‍රශ්න නොතිබුනමත් නෙමෙයි ඒත් එච්චරම ඒක දැනුනේ, ප්‍රශ්නයක් වුනේ නෑ.  ලොකුම ප්‍රශ්නේ වුනේ ගෙවල් වලින් මේ ගැන දැනගත්තු එකයි. ගෙදරට විවිධ ක්‍රම වලින් මේ ගැන ආරංචි වෙලා තිබ්බා. ෆෝන් එකෙන් මල් කඩද්දි එයාලට ඇහෙන්නත් ඇති.

    ඉරිදා දවසක දහම් පාසල් ඇරිලා ගෙදර එනකොට ගෙදර කට්ටිය ගොඩක් පිරිලා ඉන්න බවක් පෙන්න තිබ්බා. බලද්දී පොලිසියේ තාත්තගේ යාලුවෝ ගොඩ දෙනෙකුයි ඇවිත් හිටියේ. කාමරේට ගිහින් ඇදුම මාරුකරගෙන මම පල්ලෙහාට බැස්සේ කන්න හිතාගෙනයි. අම්ම මට කතාකලා.
"ලොකු පුතා "
" ඇයි?"
"කෝ ෆෝන් ඒක දෙන්න "
සාක්කුවේ  තිබුන ෆෝන් ඒක අරන් මම අම්මට දුන්නා. ඒක අරන් ගියපු අම්මා ඒක තාත්තගේ ඔෆිස් මේසේ ලාච්චුවට දාලා ලොක් කලා.මට තේරුණා මොකක් හරි නරක දෙයක් සිද්ද වෙලා කියලා. අඩුම තරමේ ෆෝන් ඒක ඕෆ් කරන්නවත් හම්බුනේ නෑ. මං ඒ ගැන අහන්නවත් ගියේ නැත්තේ මගේ වැරැද්දකුත් තියෙන නිසා. වෙන කරන්න දෙයක් නැති නිසා මම කට වහගෙන හිටියා. 

ඒ ඇවිත් හිටපු තාත්තගේ යාලුවෙක් ගියේ මට උපදෙසකුත් දීලයි.

" පුතා මැත්ස් නේ කරන්නේ. අනිත් දේවල් ඔලුවෙන් අයින් කරලා ඒ ලෙවල් කරන්න පුතා" 
   ඒ දේවල් තේරුම්ගන්න පුළුවන් මානසික තත්වෙක නෙමෙයි මම හිටියේ.ඒ ආපු කෙනෙක් මම ගයත්‍රී එක්ක ඉන්නවා කොහේදී හරි දකින්න ඇති කියලා තේරුම්ගියේ පස්සෙයි.
ඊට පස්සේ ගෙදරින් මට පලවෙනි වතාවට ගෙදරින් නීතියක් වැටුණා.
 'අම්මගෙන් අහන්නේ නැතුව ලෑන්ඩ් ෆෝන් එකෙන්වත් කෝල්  එකක්  ගන්න බෑ' 
ඒකයි නීතිය.
එදා මට අම්ම  තාත්ත බැන්නේවත් මගෙන් ප්‍රශ්න ඇහුවේ වත් නෑ. 
ෆෝන් එක ඕෆ් කරන්නවත් බැරි වුන. ගයත්රිට මේ ගැන කියාගන්නවත් බැරි නිසා කොහොමද එයාට කියන්නේ කියල මම හිතාගන්න බැරුවයි හිටියේ . මම අම්මට කියල ලෑන්ඩ් ෆෝන් එකෙන් ගයත්‍රිගේ ඉස්කෝලෙම ඉන්න කෞමදී  අක්කාට කෝල් කරලා විස්තරේ කිව්වේ ගයත්රිට එයාගෙන් දැනගන්න පුළුවන් වෙන නිසයි. ඒකත් කියාගන්න ටිකක් අමාරු වුනේ අම්මත් ලගින්ම හිටපු නිසයි.කොහොම කොහොම හරි අම්මට නොතේරෙන්න හැමදේම කියාගන්න පුළුවන් වුණා.

පහුවෙනිදා මම කාමරේ ඉන්න අතරේ අම්මයි තාත්තයි කාමරේට ආවා.
"ලොකු පුතා කවුද අර ගෑනු ළමයා?"      
 එහෙම ඇහුවේ අම්මා
         
"මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්"
මං දෙපාරක් නොහිතම ඇත්තම කිව්වා.

අම්මට මං කියපු එක විශ්වාස කරන්න බැරුව වගේ නිකටට අත තියාගත්තා. අම්මට ඇත්තටම අවිශ්වාස හිතෙන්න ඇත්තේ අම්මා කවදාවත් මම ගෑනු ළමයෙක් එක්ක කතාකරනව දැකලවත් නැති හින්ද වෙන්න ඇති. පොඩි කාලේ මම ඒ තරම්ම ලැජ්ජයි. අම්මා මුකුත් කියන්න ගියේ නෑ. එහෙමම මං දිහා පුදුමෙන් බලන් හිටියා. 
" දැන් කරන්න ඕනේ ඕකද? " 
එහෙම ඇහුවේ තාත්තා
ඒ වෙද්දී තිබ්බේ මට හරි රැඩිකල් අදහස් කියල හොදට මතක. ඒ තිබුන අදහස් එක්ක මම හිටපු මානසික තත්ත්වෙත් එක්ක මං එකට උත්තර බැන්දේ මෙහෙ

" මම බදින්න ඕනේ කිව්වේ නෑනේ. මේ කාලේදී යාළුවෙලා නාකිවෙලා යාලුවෙන්නද?" 
අම්ම එහෙමම පුදුමෙන් බලන් හිටියා.

" ඉගෙනගෙන ඉන්නකෝ ඔක්කොටම කලින්"
 ටිකක් කේන්තියෙන් හිටපු තාත්තා ටිකක් වෙලා දේශනාවක් දුන්නා. එයාගේ නිර්දේශය වුනේ ෆෝන් මට තහනම් වුනු එක. මම එක එච්චර ගණන් ගත්තේ නෑ. කොහොම හරි එකට පිලියුඅමක් යොදාගන්න මං හිතාගත්තා. හිතුව තරම් අම්මා තාත්තා දරුණු වුනෙත් නෑ.මට බැන්නෙත් නෑ. එයාල හිතුවේ මං ඒ දේවල් ඔලුවෙන් අයින් කරා  කියලයි. 

 තම ගයාත්‍රිගෙයි මගෙයි සම්බන්දෙ පටන් අරන් මාස දෙකක් වුණා විතරයි. ඊළගට මොනව වේවිද?

  
    
        

27 comments:

  1. මට මතකයි ඔය සීන් එන..
    උබ ඇහුවා නේ?
    “මේ ලෝකෙ ආදරේ කරන එකම එකා මං විතරද“ කියලා???
    හිනා කාලා මැරෙනවා ඕයි මතක් වෙනකොට..

    ReplyDelete
    Replies
    1. අමතක වෙලයි තිබුනේ
      ඕක තමයි සිරාවටම මම එදා කිව්වේ :p

      Delete
  2. ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ කෙල්ලෝ සෙට් උනාම ඔහොම වෙනව...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලැජ්ජා බයටනේ අපි හැදුනේ
      හැබැයි දැන් නම් ගෑවිලාවත් නෑ

      Delete
  3. කියෙව්වා ඕන්. මලේ මේක ලියන්න පරක්කු කරන්න එපා කොල්ලෝ. මට කතාවේ අන්තිමට නවත්තපු තැන මතක නැතුව ආයි ආපස්සට කියවන්න යන්නත් වුණා....

    ReplyDelete
    Replies
    1. මේ පාර සෑහෙන පරක්කු වුණා තමා. දාන්නම් ඉක්මනින් මිට පස්සේ නම්

      Delete
  4. එදා මොකද බං සිද්ද වුනේ. මොකක් හරි ලොකු කරදරයක් වගේ නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මෙච්චර කල් කිව්වේ. කියවල බලපන් මුල ඉදන්ම අසරණයෝ

      Delete
  5. ඉතින් ඊට පස්සේ...??

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික පස්සේ

      Delete
  6. ahhhhhhhhhhh ara akka help kalada ithing.............hoda akka babek neda...

    ReplyDelete
    Replies
    1. තමන් ගැන ඔහොම වර්ණනා කරගන්න එක හරි නෑ නේද අක්කේ :P

      Delete
  7. අදමයි ආවේ මුල ඉඳලම කියවන්න ඕනෙ කතාව

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි
      එන්න හැමදාම

      Delete
  8. ithru tikath ikmanata plz aiyaaaa oya gdk parakuiiiiiii

    ReplyDelete
    Replies
    1. දාන්නම්කො ඉක්මනින්ම

      Delete
  9. මුකුත් වෙන්නේ නෑ . දැන් තමයි කසුන් වැඩේ අනාගන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අනාගන්නවා

      Delete
  10. අයියේ, ගෙදරට මාට්ටුයි නේද?.....
    ඒක තමා භයානකම දේ...
    ඒකනේ මම ඔවිවා පටන් ගන්න ආසම නැත්තෙ....
    :(
    පට්ට ලව් ස්ටොරි එක ඉක්මනින් දාන්න හොදේ.... :):D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මාට්ටු
      ඕවා දැනගෙනනේ ඉතින් පටන්ගන්නේ

      Delete
  11. එක කොටසක් නම් කියෙව්ව. කතාව හිතට අල්ලලා ගියා වගේ. අනිත් ටික කියවන්න පස්සේ වෙලාවක එන්නම් කො. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙත් ආවට බොහොම ස්තුතියි
      හැමදාම එන්න

      Delete
  12. කතාව කෙටියෙන් අහලා තිබුනට මෙහෙම ලියපු විදියට කියද්දි ආස හිතුනා...වරද්දන්නේ නැතුව එනවා දිගටම...

    ReplyDelete
    Replies
    1. අම්මෝ ආව එකත් ලොකු දෙයක් :P

      Delete
  13. පරක්කු කරන්න එපා බන් බලන් ඉන්නවනෙ මෙක හොයාගත්තෙ කෑලනි අවිත් මම මෙ

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩ වැඩියි බන්
      සොරි පරක්කු කරනවට

      Delete
  14. බලන් යද්දී අපේ කසුන් චන්ඩියෙක් වගේනේ..

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා