අපේ යාලුවෝ

Wednesday, August 22, 2012

ජිවිත අන්දරය පහළොස්වන කොටස





ගෙදරින් ප්‍රශ්න දාපු දවසේ ඉදන් සතියක් විතර යනකම් මම මගේ පාඩුවේ හිටියා මුකුත්ම සිද්ධ නොවුණු විදියට. ඒ කාලේදී මට කොහොමවත්ම ගයාත්‍රිත් එක්ක කතාකරන්නවත් හම්බ උනේ නෑ. අඩුම තරමේ එයාලගේ ගෙදර මොනවා වෙළද කියලවත් දැනගන්න වුනේ නෑ. එහෙමවත් නිව්ස් එකක් දැනගන්න ලැබුනේ සතියකට පස්සේ දහම් පාසල් ගියපු වෙලාවේ ගයාත්‍රි ගේ යාළුවා පබෝදාව හම්බ වුනාට පස්සෙයි


"මොකක්ද කසුන් උනේ ?" 
පබෝදා එහෙම ඇහුවේ ඩියුටි වලට අලුත් ශාලාවේ පහල ශාලාවට යන අතරේ මුණ ගැහුණු වෙලාවෙයි.
උත්තරයක් දෙන්න කලින් මම අසරණ විදියට හිනා වුන මතකයි.

"අපේ ගෙදරට අහුවෙලානේ. අනේ  මන්දා. ගයත්‍රිව හම්බ උනාද ඔයාට?"
" ඔව් ඔව්. එය ඉස්කෝලේ ආවා. එන්නකෝ කියන්න විස්තරේ" 
පබෝදාගෙන් මම ගයාත්‍රි ගැන අහගත්තා. පබෝදා මට ගයත්රිගේ පණිවිඩ කිව්වා. මම එයාට මගේ පණිවිඩ ටික කිව්වා .ඒ තරම්ම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලයි ඒවා ඇහුවම මට හිතුනේ. 

     තව සතියක් එහෙමම ගෙවුනා. දැන් ගෙදර තත්වේ සාමකාමියි. 
මොකක් හරි උවමනාවකට ඇදුම් අල්මාරිය ඇරපු වෙලාවක මට මගේ ෆෝන් එක තියෙනවා පෙනුනා.  ඒක 
තිබුනේ පොඩි බ්‍රිෆ් කෙස් එකක දාලා. දෙපාරක් නොහිතම මම ඒක අතට ගත්තා. සති දෙකක් විතර නිකම්ම තිබුණු ෆෝන් එකේ බැටරි ලෝ වෙලා. කාමරේට ඇවිත් මම එක චාර්ජ්  කරගත්තා. ෆෝන් එක අම්මා ගත්තු දවසේ ඉදන්ම ඒකට කොච්චර කෝල් ඇවිත් තියෙනවද කියල දැක්කේ ෆෝන් ඔන් කරපු වෙලාවෙයි.  මම එහෙමම ගයාත්‍රිට කෝල් එකක් ගත්තා. සතියේ දවසක් වුණු නිසා ගයාත්‍රිගේ අම්මවත්, තාත්තවත් ගෙදර නැති බව මම දැනන් හිටියා.

"හෙලෝ" 
කතාකලේ ගයාත්‍රි නෙමෙයි. ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා.
"හෙලෝ ගයාත්‍රි ඉන්නවද?"
" කවුද කතාකරන්නේ?"
  වෙනදට වඩා අද ප්‍රශ්න වැඩියි වගේ. ඉස්සර කතාකරද්දී මෙච්චර ප්‍රශ්න ඇහුවේ නෑ
" යාලුවෙක් කියන්න"
තත්පර කිහිපෙකට පස්සේ ගයාත්‍රි ෆෝන් ඒකට ආවා. 

"හෙලෝ අනූ" 
දිගු කාලෙකට පස්සෙයි ඒ කටහඩ ආයිත් අහන්න  ලැබුනේ

" මමමයි කතාකරන්නේ කියල ඔයා දන්නේ කොහොමද "
"මට හිතුනා ඔය ඉක්මනට ආයිත් කතාකරයි කියලා.මොකක්ද අනූ වුනේ?"

මම සිද්ධ වුණු දේ ගයත්රිට තේරුම් කලා

" දැන් අනූ කොහොමද ඔය කතාකරන්නේ? කොහෙන්ද ෆෝන් එක"
"ෆෝන් එක තියල තිබුණු තැනින් මම ගත්තා"
" මට මේකෙන් ඔයාට කෝල් කරන්නත් බෑ අනූ. මේක ලොක් කරලා ගිහින් තාත්තා"
" හ්ම්ම් ඔයාල ගෙදරින් දන්නවද?" 
ඒ වෙලාව වෙනකම් මම දැනන් හිටියේ මේක දැනගත්තේ අපේ ගෙදරින් විතරයි කියලයි. එත් ඒක වැරදියි කියලා තේරුනේ පස්සෙයි.

" ඔව් අනූ, ඔයාලගේ අම්මලයි අපේ අම්මලයි කතාකරලත් තියෙනවා. අපේ තාත්තා ඔහේ එන්නත් හැදුව. පස්සේ ආවේ නෑ."
" ඔයාට බැන්නද?"
" දැන් හැමදේම ශේප්. අනූ එදා මම ඔයාගේ ෆෝන් එක අම්මා අරගෙන කියලා දන්නේ නැතුව ඒකට කෝල් කලානේ. ඒකට තමයි ඔයාගේ අම්මා කෝල් කරල් තියෙන්නේ. ඒක ආන්සර් කාලේ අපේ අම්මා. ඔයාගේ අම්මා හිතල තියෙන්නේ මට කතාකරනවා කියලයි. පස්සේ ඉතින් අම්මල දෙන්න කෝල් ඒකෙන් කතාකරල තියෙන්නේ "

" ඔයාට ෂුවර්ද? මම එහෙම දෙයක්  දන්නේ නෑනේ"
" මම ඉන්න තැනමයි අනූ අම්මලා කතාකලේ"
"හ්ම්ම් මං දැනන් හිටියේ නෑ අනේ. මට කව්රුවත් මුකුත් කිව්වේ නෑ"
"හරි අනූ, ඒවා ඉවරයි. ඒවා කොහොම වුනත් අපි වෙනස් වුනේ නෑනේ" 
අපිට කතාකරන්න හම්බුනේ ගොඩ කාලෙකට පස්සේ උනත් ඒ ඇමතුම ටිකක් කෙටි එකක් වුණා.

" අනූ, මෙහෙම කතාකරන්න බෑ. අක්කත් ගෙදර ඉන්නවා. ඔයාගේ ලග ෆෝන් එක තියාගන්න මම රෑට අම්මගේ ෆෝන් ඒකෙන් කොහොමහරි කථාකරන්නම්"

එහෙම කියලා ගයාත්‍රි ඒ සංවාදේ නිම කලත්, එදා රෑ පොරොන්දු උන වගේම එය අම්මගේ ෆෝන් එක හොයාගෙන මට කතාකලා. 

මට පුංචි බයක් තිබුණා මේ වුණු දෙයින් අපි ගොඩක් ඈත් වෙයි කියලා,  ඒත් ඈත් වෙනවා වෙනුවට වුනේ අපි තවත් ලංවෙන එකයි. බලෙන් ඈත් කරන්න හදන දේවල් කලින් තිබුනටත් වඩා ලංවෙනවා.
මම දිගටම එහමම ෆෝන් එක මගේ ලගම තියාගත්තා. ඒක අම්මා දැනන් හිටියෙත් නෑ. 

මේ කාලේ අපේ පන්සලේ පිංකම. පන්සලේ පිංකම කාලෙට මාසයක් පුරාවටම හවස් වරුවේ බණ තියෙනවා. ඕකට අපි දහම් පාසලේ ශිෂ්‍ය නායකයෝ විදියට සහභාගී වුණා. හැමදාම හවසට යන මේ ගමනට අපේ ගෙදර අම්මයි තාත්තයි ඇතුළු ඔක්කොමත් එකතු වුණා. බණ පටන් ගන්නේ 7 ට. හයට විතර පන්සලට එන අම්මයි තාත්තයි බෝධි පුජාවක් තිබ්බා බණ පටන් ගන්නකම් .මං ඕක ගැන ගයත්රිට කිව්වම එය මහා මෝඩ කතාවක් කිව්වා. 


" අනූ ඕක තියන්නේ අපේ සම්බන්ධෙ නතරකරවන්න"
" බෝධි පුජා තියන්නේ එහෙම වැඩ වලට නෙමෙයි. පිස්සුද ඔයාට?" 
එදා ඒ කතාව වැඩියා දුර දිග නොගියත් ඒ කතාව පස්සේ දවසක එයාම ඇදගත්තා එයාගේ වාසියට. 
අම්මා වගේම තාත්තත් හිතුවේ මං හැමදේම අමතක කරලා කියලයි. ඒ නිසා නීති රීති ටික ටික අඩු වුණා. ඒත් දවසක රෑ අම්මා කාමරේට ආවා නොහිතපු වෙලාවක. කලබලේට මම ෆෝන් එක හංගනවා අම්මා දැක්ක නිසා එදා ඉදන් ආයිත් ෆෝන් එකක් නැතුව ඉන්න සිද්ද වුණා. එක එච්චරම ප්‍රශ්නයක් උනේ නෑ මම ෆෝන් එක අයෙත් අම්මට අහු උනොත් කරන්න ඕන දේ හිතලයි  තිබුනේ.

 මේ වෙද්දී පන්සලේ පින්කමත් ඉවරයි. පන්සලේ අපි වගේ තරුණ පිරිසක් එකතු වෙලා හදාගත්තු අලුත්ම තරුණ සංවිධානෙන් පන්සලේ විශ්‍රාම ශාලාව තීන්ත ගාලා අලුත්වැඩියා කරන්න අපි භාරගත්තා.  ඕක කෙරුනේ හැමදාම හවස් වරුවේ 6 ඉදන් රෑ 10 විතර වෙනකම්.

 ඕකට ආපු වෙලාවක මගේ ෆෝන් එක වෙනුවට ටික දවසකට පාවිච්චි කරන්න ඩුවල් සිම් ෆෝන් එකක් හොයාගන්න පුළුවන් වුණා.  මල්ලි ලව්වා අම්මට කියලා මගේ ෆෝන් එක එයාට ඉල්ලගන්නත් පුළුවන් වුණා. ෆෝන් එක මල්ලිට කියලයි අම්මට කියන්නේ. ඩුවල් සිම් ෆෝන් එකක් හොයාගත්තේ අපි දෙන්නටම පාවිච්චි කරන්න. ඉතින් ඒ ප්‍රශ්නත් විසදුනා.  

ගයාත්‍රි මට කතා කලේ එයාගේ අම්මගේ ෆෝන් එකෙන්නේ. දවසක් විශ්‍රාම ශාලාවේ තීන්ත ගාන දවසක ෆෝන් එක රින්ග් වුණා. මේක අර හොයාගත්ත ඩුවල් සිම් ෆෝන් එක. මම හිටියේ අඩි දහයක් විතර උඩ නැගලා තීන්ත ගාන්න. පින්සල පැත්තකින් තියලා වැඩේ පොඩ්ඩක් නතරකරපු මම ෆෝන් එක අතට ගත්තා. ගයාත්‍රි කතා කරන නම්බර් එක. හෙඩ් සෙට් එක කනේ ගහගෙනම කෝල් එක ට මම ආන්සර් කලා. 

" හෙලෝ කියන්න" 
" හෙලෝ. අනුරාධ පුතාද ?"
 මේ ගයාත්‍රි නෙමෙයි. ඒත් කවුද?
" ඔව් "
" මම ගයාත්‍රිගේ අම්මා කතාකරන්නේ"  
ඒක ඇහුවම නම් මම රත් උනා.

" ඔව් ඇන්ටි කියන්න"
 මොකක් කියන්නද හිතාගන්න බැරුව හිටපු මං එහෙම උත්තර දුන්නා.  ඔක්කොටම කලින් හිටපු තැනින් දඩි බිඩි ගාලා  බිමටත් බැහැගත්තා.  කතාකරන්න හොද තැනකට ගිහින් මම නතර උනා.

ගයත්‍රීගේ අම්මා මොනවා කියයිද? මීලග කොටසින් බලාපොරොත්තු වන්න.
---------------------------------------------------------------------------------------------------------------------

ප.ලි. මේ දිනවල ටිකක කාර්යබහුල වී ඇති බැවින් පොස්ටු දැමීමට කල් ගතවීම ගැන සමාවෙන්න. පුළුවන් ඉක්මනින් ඊලග පොස්ටුව පලකරන්නම්. කියවල කමෙන්ට් එකක් දාලම යන්න. කමෙන්ට් එකක් කියවන්න ලැබෙන එකත් ලොකු හයියක්.  



     

26 comments:

  1. කතාවේ තාම මුල් කොටස් ටික විතරයි කියවන්න හම්බු වුනේ..හෙමිට ඔක්කෝම කියවගෙන එන්නම් හොඳේ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  2. හික්ස්...
    තෝ උඩ ඉදං වැටුනනං ඒක කර ගහන්න වෙන්නෙත් අපිටමයි...
    හොද වෙලාවට උබ බිමට බැස්සේ..

    ReplyDelete
    Replies
    1. ඒක නිසාමයි බිමට බැස්සේ
      හික්ස්

      Delete
  3. aluth episode eka enakam tika dawasak balan hitiya.. :D kathawa wenada wagema godak hndai. puluwan ikmanin 16 th post karanna..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඉක්මනට දාන වැඩේ තමයි මං කරන්නේ නැත්තේ කවදාවත්ම

      Delete
  4. hikzzz yanthan watune na :) ithuru tikath ikmanata

    ReplyDelete
    Replies
    1. හික්ස්
      දාන්නම්

      Delete
  5. බලමුකෝ අම්ම කියන්නේ මොනවද කියලා ...

    ReplyDelete
  6. උබ බිමට පත බෑ වෙච්චෙ නැති එක පුදුමයි :D

    ReplyDelete
    Replies
    1. අම්බෝ වෙලාවට වැටුනේ නැත්තේ

      Delete
  7. අයියෝ අපරාදේ වටෙන්නනේ තිබ්බේ..... :D ඊලග පොස්ට් 1ත් ඉක්මනට ලියන්න..

    ReplyDelete
    Replies
    1. වැටුන නම් මේක ලියන්න වෙන්නේ නෑනේ

      Delete
  8. machan kathawa ikanta iwra karana epaaaa...una okkoma liapannn...apit kiawana epaii...

    gud lukk.

    ReplyDelete
    Replies
    1. හා හා ලියන්නම්කො මචන්

      Delete
  9. මට මේක සෑහෙන දවසක් මිස් වෙලානේ. උඩ ඉදන් කතා කරලා කලබලේට අතක් පයක් කඩාගත්තු නැති එක නම් හොඳ මලේ. කෝ ඉතුරු කොටස් :)

    ReplyDelete
    Replies
    1. හොද සිහියෙන් හිටපු නිසා අමතක වුනේ නෑ ඉක්මනට බැහැගන්න

      Delete
  10. අද මේ පැත්තට ආවෙ. කොටස් ටික ඔක්කොම කියෙව්වා. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු මේ පැත්තෙත් ආවට

      Delete
  11. නැන්දම්මා වස නැහැ වගේ..බලමුකෝ..

    ReplyDelete
  12. කසුන්, මම ඊයේ තමයි මේ පැත්තට සෙට් උනේ.. කමෙන්ට් කරේ නැති උනාට කථා ඔක්කොම කියෙවුවා.. සුපීරි බන්.. පුලුවන් ‍ඉක්මනට ඉතුරු ටි‍කත් දාපන්...

    ජය වේවා...!!

    ReplyDelete
  13. අයියා පට්ට ස්ටොරිය. අහම්බෙන් මැස්සට ගොඩ වැදුනෙ. ජීවිත අන්දරය කොටස් 15ම එක දිගට එක හුස්මට කියෙව්වා. ආසාවෙ බැ. මගෙ වගෙමයි. ඉතුරු ටික දානකම් බලන් ඉන්නෙ. ඉක්ක්මනටම දාන්ඩ ඈ

    ReplyDelete
  14. කෝ කොල්ලෝ මේ කතාව කියලා ඉවරයක් කරන්නේ නැද්ද ??

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා