අපේ යාලුවෝ

Tuesday, August 7, 2012

ජිවිත අන්දරය දහතුන් වන කොටස





උදේ පාන්දරම නොවුනත් නිවාඩු දවසක් නිසා ටිකක් වැඩිපුර නිදාගන්න හදපු මම උඩ ගිහින් ඇහැරුනේ කන ගාවම තිබුණු ෆෝන් එක රින්ග් වෙනකොට.

"ගුඩ් මොර්නින්ග් අනූ "
            "ගුඩ් මොර්නින්ග්" 
කම්මැලි කමෙන්ම මං උත්තර දුන්නා. වෙලාව අටයි

"අපෝ කුම්භකර්ණයෝ තාම නිදිද? නැගිටින්න නැගිටින්න "
"අපෝ ඔව් අනේ, ගෙදර ඉන්න දවසේවත් නිදාගන්ඩ දෙන්නේ නෑනේ මේ සමහරු" 
කොට්ටේ බිත්තියට හේත්තු කරපු මම ඒකට පිට තියලා ඉදගත්තා

" ඒ සමහරුනේ අනූ, මම නෙමෙයිනේ ඉතින් කමක් නෑ."
"ඔව් ඔව් ඔයා නෙමෙයි. මට දැන් වෙන කෙනෙක් තමයි නිදාගන්න නොදී ඇහැරෙව්වේ, ඇයි මෙච්චර උදෙන්ම කතාකලේ? " 
 "අනූ ඔයා අද ගෙදරද ? වෙන වැඩක් තියෙනවද "
 "නෑ  කියන්න. මං අද ගෙදර"
" එනවද ගමනක් යන්න"
"කොහෙද"
"කැළණි පන්සල්"
" හ්ම්ම් යමු ඉතින්"
ගයාත්‍රි කියපු වෙලාවට එයාගේ ගේ ලගට ගිහින් එයත් එක්කම බස් එකේ නැගලා වැඩි දුරකින් නොතිබුණු පන්සලට ආවා. ඊයේ තමයි ගයාත්‍රිට අපේ සම්බන්ධෙ නතර කරන්ඩ ඕනේ වුනේ. ඒත් අද එයා මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා.


"අනූ මගෙත් එක්ක තරහද? " 
මගේ අතේ එල්ලුණු ගයත්‍රී එහෙම ඇහුවේ බස් එකෙන් බැහැල යද්දියි

" මොකටද තරහවෙන්නේ? තරහ නම් මෙහෙම එන්නේ නෑනේ මං"
"ඊයේ මට දිලිප් එක්ක තිබුණු තරහට තමයි එහෙම කියවුනේ"

"හ්ම්ම්ම් ඒවා දැන් ඉවරයි, අපි ඒ ගැන කතාකලානේ. ඒ වුනාට මිට පස්සේ වත් හදිස්සියේ තීරණ ගන්න එපා, අනික අපි දුකින් හරි තරහකින් හරි ඉන්නකොට හරි අපි තීරණ ගන්න හොද නෑ. අපිට එවෙලෙට ඇත්ත තෙන්නේ නෑනේ. ඕවා වැඩක් නෑ. පන්සල් ආවේ වදින්නනේ. එන්නකෝ යමු වදින්න"

පාරේ තිබුණු මල් කඩේකින් මල් ටිකකුත් ගත්තු අපි චෛත්‍ය, බෝධිය, බුදු මැදුර වැදගෙන දේවාලේටත් ගිය අපි මළුවෙන් පහත නාගස් හෙවනේ වාඩි වුණා. 

උදේ වරුවේ නිසාත් සතියේ දවසක් වෙච්චි නිසාත් පන්සලේ වැඩි සෙනගක් හිටියේ නෑ. 


"අනු මං පොඩි දෙයක් ගෙනවා ඔයාට පෙන්නන්න"
"කෝ මොනවද ? පෙන්නන්නකො"
"මගේ ෆොටෝස් "     
මට බලන්ඩ ෆොටෝ ගොඩක් එයා ගෙනත් තිබුණා. ආසාවෙන් ඒ ටික අතට ගත්තු මං ඔක්කොම හොදට බැලුවා. චුටි කලේ ෆොටෝ මං දැකල තිබ්බේ නෑනේ.
"හරිම ලස්සනයි. ඉස්සර මහතයිනේ ඔයා "
ඒ අතරේ තිබුණු චුටි ෆොටෝ එකක් උස්සගත්තු මම ඒක මගේ පර්ස් එකේ දාගත්තා. 
ඔව් හැබැයි එච්චර මහත නෑ 
ගයත්‍රිගේ අම්මා ඉන්දියා ගිහින් ආවේ දවසකට විතර කලිනුයි. ඉතින් ගෙනාපු තෑගි තොගයකුත් මට ගෙනත් තිබුණා.ලොකු තෑගී නෙමෙයි. පෑන්, කී ටැග්ස්, චොකලට්,ටොෆි ගොඩක් එහෙම තිබුණා .

" හ්ම්ම් දැන් කියන්ඩකෝ ඇයි අද එකපාරට පන්සල් එන්න හිතුනේ? 
         " නිකම්, මට හිතුන ඔය මාත් එක්ක තරහ වෙලා කියල ඊයේ කියපු දේවලට"

 "ඒක නම් මං එවෙලේ බලපොරොත්තු වුනු දෙයක් නෙමෙයි "
ඔහොම කතාකර කර ඉන්න අතරේ පිටිපස්සෙන් කෙනෙක් කතාකරනවා ඇහුණා. මං නිකමට හැරිලා බැලුවේ කවුද බලන්න. පොලිසියේ අක්ක කෙනෙකුයි අන්කල් කෙනෙකුයි
"යන්න යන්න ඔයාලට මෙතන ඉන්න බෑ. කපල් වලට පන්සලේ ඉන්නන බෑනේ" 
ටිකක් උස් හඩින් කිව්වේ මැදි වයසේ පොලිසියේ අන්කල් කෙනෙක්.

වෙලාවට අද පන්සලේ කව්රුත් සෙනග නැත්තේ, නැත්නම් ලැජ්ජාවේ මැරෙන්නයි වෙන්නේ  මුකුත් නොකියපු මම ගයත්‍රිගේ බෑග් එකත් අතට අරන් නැගිට්ටා. පන්සලේ කපල් වලට ඉන්න දෙන්නේ නෑ කොහොමත්. ඉතින් වැරදි අපි නිසා පන්සලෙන් එලියට යන්න ආවේ වෙන කව්රුත් දකින්න කලින්.  එතකොටයි දැක්කේ සුදු ඇදගත්තු ටිකක වයසක ඇන්ටි කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා. ඒ ඇන්ටි මොනවා හරි කියන්න හදනවා. මට හිතුනේ අපිට හොදට බනියි කියලා

" ඔයාල ඕව ගනන් ගන්ඩ එපා පුතා, ඔය කාලේ ආදරේ නොකර කවදා ආදරේ කරන්නද. ඔයගොල්ලෝ එක තැන ඉන්නේ නැතුව ඇවිද ඇවිද ඉන්න පුතේ" 

බලාපොරොත්තු නොවුණු විදියට ඒ ඇන්ටි එහෙම කිව්වේ  මගේ ඔලුවත් අතගාලා. හිනාවෙලා ස්තුති ඒ ඇන්ටිට ස්තුති කරපු අපි එහෙමම පන්සලෙන් එලියට ආවා. ඒ වුනාට ඒ වුනු වැඩේ ගැන නම් හරිම පුදුමයි. ඇවිත් වැඩි වෙලාවක් නොවුණු නිසා අපි එගොඩහ පන්සලටත් ගියා. ඒ වුනාට වැඩි වෙලා නොරැදී එන්ඩ  ආවේ කලින් වෙච්චි දේ ආයිත් නොවෙන්න.  

මේ විදියට ගොඩක් දුරට අපි මුණ ගැහුනා. එත් ඒ දේම අපිට ප්‍රශ්නයක් වෙයි කියල අපිට එච්චර හිතුනේ නෑ. මේ වෙද්දී මගේ වෙනසක් අපේ ගෙදර යට තේරිලයි තිබුනේ. එයාල මං  ගැන හොයනවා වැඩියි කියල මට හිතුනත් මං ඒක එච්චර ගණන් ගත්තේ නෑ.  
දවසක් බස් කොටුවෙන් බස් එකේ නැගල ඉඩගත්ත්ම මට ඉස්සරහින් ඉන්නවා අපේ ඉස්සරහ ගෙදර සීයා කෙනෙක්. ඒ වගේම දවසක් ගයත්‍රිත් එක්ක බස් හෝල්ට් එකේ ඉන්නකොට තවත් තාත්තගේ යාලුවෙක් මාව දැක්කා. ඒවා ගැන ඒ කලේ එච්චර හිතුවේ නෑ. ඉස්කෝලේ යන දවස් වලට මම එනකම් ගයත්‍රී බොරැල්ලේ YMBA  හෝල්ට් එකේ ඉන්නවා. ඉතින් එයත් එක්ක මම බස් එකේ එන ඒවා එහෙමත් ගෙදරට ආරංචි වෙන්න ඇති.  
මේ කාලෙදිම ගයත්රිගේ ෆෝන් එකත් කැඩුණා. ඒ උනාට දවල්ට ගෙදර කව්රුත් නැති වුනු නිසා ගයතිට ගෙදරින් මට කතාකරන්න පුළුවන් කමක් තිබුණා, ටික දවසකින් එයාගේ අම්මගේ ෆෝන් එකත් ගයත්රිට පාවිච්චි කරන්න දීල තිබුණා. ඒ නිසා ඒක එච්චරම ප්‍රශ්නයක් වුනේ නෑ.

ගයත්‍රී ගේ ක්ලාස් ඇරෙන වෙලාවට කොහුවලට ගිහින් එයත් එක්ක එන ඒක මම පුළුවන් දවසකට කරපු දෙයක්. ඒත් ටික දවසක් එහෙම යන්න මට බැරි වුණා. ටික දවසකට පස්සේ මෙහෙම දෙයක් වුණා.

"අනු ක්ලාස් එකේ කොල්ලෙක් මගේ පස්සෙන් එනවනේ. බස් එකේ මගේ ලගම ආවා අද "


" ඔයත් එක්ක කතාකරද?"

"කතාකරන්න හැදුව මං ගණන් ගත්තේ නෑ"

" මං එන්නද ඊලග දවසේ?"

"නෑ එපා අනු, මං ප්‍රශ්නයක් උනොත් කියන්නම්"

" එහෙනම් ඔයා ටිකක් ඉදල 35 එන්නේ නැතුව 176 නැගල එන්න, ප්‍රශ්නයක් උනොත් මට කතාකරන්න"
මෙහෙම දේවල් වෙන එකට මං හුරු වෙලයි තිබුනේ, කිසිම දෙයක් එච්චර ලොකු  ප්‍රශ්නයක් උනේ නෑ .ඒත් 
ඕක කියල සති දෙකකට විතර පස්සේ අයෙත් මට ගයත්‍රී එයා  ගැනම කිව්වා. ඒ සති දෙකේ අපිට මොකක් හෝ හේතුවකට ඉස්කෝලේ නිවාඩු. ඉතින් මම හිටියේ ගෙදරමයි. ඒ හින්ද හේතු හදාගෙන ගෙදරින් පිටවෙන ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණා.

" අනූ මම ඔයාට දවසක් ක්ලාස් එකේ කොල්ලෙක් ගැන කිව්වේ, එයා තාමත් මගේ පස්සෙන්ම එනවනේ. මම බස් එකට නගින තැනටත් එනවා, අද මගේ බෑග් එකේ පොකට් එකකට නම්බර් එකත් දාලා තිබ්බා."
" හ්ම්ම් මං හිතුවේ ඒක ඉවරයි කියලනේ. මොකක්ද ඒ බෝයිගේ නම? ඉස්කෝලේ?"
" නම රමිෂ්ක කියලා තිබ්බේ චිට් එකේ. ඉස්කෝලේ කන්නන්ගරේ අනූ"
" නම්බර් ඒක දෙන්ඩ මං කථාකරන්නම් "
කලින් මෙහෙම වුනු අවස්ථා වලදී කිහිප දෙනෙක්ටම මං ෆෝන් එකෙන් කතාකරල තිබ්බා.
"මං ඒක විසික් කලා ඉරල. එයාල ඔයා ගැනත් දන්නවා අනූ. මම ඉන්නකොට ඔයාගේ නම කියා කියා ඒක ඒක ඒවා කියනවා"
" එහෙමද, මං එයාව ඇවිත් හම්බෙන්නම් එහෙනම්"
"එපා අනූ පිස්සුද, එතන කොල්ලෝ ගොඩක් ඉන්නවා, අනික රස්තියාදු කාරයෝ ගොඩක්. ඔයාටත් ප්‍රශ්න දායි. එයාලගෙන් වැඩක් නෑ. ඔයා ඔහොම ඉන්න" 

"හරි හරි බලමුකෝ. මං යන්නේ ගහගන්න නෙමෙයිනේ. කතාකරන්න " 

" එවුනාට එපා අනූ"
මං එහෙම කිව්වට ගිහින් හම්බ වෙලාම මේක ඉවරයක් කරගන්න ඕනේ කියලා මට හිතුනා. ගයත්‍රි ඉස්කෝලේ නොයන දවසක යන්න ඕනේ කියලා මං හිතාගත්තා. හිතුවටත් කලින් ඒක කර ගන්න පුළුවන් උනේ ගයත්‍රී පහුවෙනිදා ඉස්කෝලේ නොයන බව කියපු නිසා. 

 පහුවෙනිදා එකහමාර වෙනකොට මම බොරැල්ලේ මහජන බැංකුව ඉස්සරහ හිටගත්තා. මං ආවේ රමිෂ්කව හම්බවෙන්න හිතාගෙන. ඒ වුනාට එයා කවුද කියලා මං දන්නේ නෑ. මං ටිකක් වෙලා බලන් හිටියා, ටිඅක් වෙලාවකට පස්සේ ආවා කන්නන්ගරේ ළමයි ටිකක්. ටිකක් කිවුවට 20 ක් විතර එතන හිටියා. මට හොදටම හිතුනා මෙතන තමයි ඒ රමිෂ්ක ඉන්න ඕනේ කියලා. මං ටිඅක්ක් වෙලා උත්සහ කලේ කව්රු වෙනද ඇතිද කියලා හිතාගන්න, ඒක හරියන්නේ නැති නිසා කට්ටිය මැද්දට ගියපු මම එතන හිටපු කෙනෙක්ගෙන් මෙහෙම ඇහුව 


" මචන් මට කියනවද කවුද රමිෂ්ක කියලා?"
ඒක පාරට  මට උත්තරයක් ලැබුනේ නෑ. තත්පර කිහිපයකට පස්සේ  ඒ හිටපු එකේ  පිරිමි ළමයෙක් මගේ ලගට ඇවිත් මෙහෙම කිව්වා 

" මචන්  රමිෂ්කවද හොයන්නේ?"
"ඔව් බං"
"අද රමිෂ්ක ඉස්කෝලේ ආවේ නෑනේ" 
" අහ එහෙමද අපරාදේ. හරි කමක් නෑ තැන්ක්ස්"'
මට එවෙලේ ඒ කිව්වේ ඇත්තයි කියලා හිතුනා. බලාපොරොත්තු කඩ උණු නිසා මම එතනට වෙලා බස් එකක් එනකම් බලන් හිටියා. ටිකක් වෙලා හිටන් ඉද්දි අර මට උත්තර දුන්නු පිරිමි ලමයි තව කට්ටියකුයි මගේ ලගට ආවා. 

" මචන් උඹද අනුරාධ?"  
එක්කෙනෙක් එහෙම ඇහුවා 
"ඔව් "
       මං ඇත්තම කිව්වා.
"රමිෂ්කව හොයන්නේ ගහන්නද?"

මුලින්  කතාකරපු කෙනාම මගෙන්  එහෙම ඇහුවේ සෑහෙන පිරිසක් මං දිහා බලන් ඉද්දියි. 
 මීලගට මොනවා සිද්දවෙයිද?
ජිවිත අන්දරය දහහතර වන කොටස බලාපොරොත්තු වන්න. 
            

13 comments:

  1. කෝ බං අපි මේකට දාපු කමෙන්ට්ස්????????

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩ ඕනේ කලින් පෝස්ට් එක ෂෙයාර් කරන්න බැරි ප්‍රශ්නයක් ආවා. ඒ නිසා එක ඩිලීට් කරල් අයිත පබ්ලිෂ් කරන්න වුණා

      Delete
  2. hmmm lilaga part eka balaporothu wenawa ikmaninma aiya.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඉක්මනින් දාන්නම්

      Delete
  3. වලියක් වලියක්... ඉස්කෝලෙ කාපෙ පුරුදු දසුනක්... කොහෙන් ගියත් කෙල්ලෙක් ගෑවෙන එකනෙ පුදුමෙ... 14 දාපං ඉක්මනට.. :)

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්ඩකෝ වලියක්ද කියල ඊලග එක එනකම් :P

      Delete
  4. වලියක් වලියක් :D
    ඉතුරු ටික නම් ඉක්මනට දාන්න වේවි දැන්.නැත්නම් අපි වලි

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්
      :P

      Delete
  5. නිප්පට කියපන් වලියක් නම්

    ReplyDelete
    Replies
    1. ඒවා දැන් ඉවරයි නේ

      Delete
  6. "ඒ වුනාට මිට පස්සේ වත් හදිස්සියේ තීරණ ගන්න එපා, අනික අපි දුකින් හරි තරහකින් හරි ඉන්නකොට හරි අපි තීරණ ගන්න හොද නෑ."

    ඇත්ත තමා මලේ. කේන්තියෙන් ඉන්න කොට තීරණ ගන්න හොඳ නැහැ වගේම සතුටින් ඉන්න කොට පොරොන්දු දෙන්නත් හොඳ නැහැලුනේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක අහල තියෙනවා මමත්
      එවෙලාවට අපිට හරියට කිසිදේක ඇත්ත පෙන්නේ නෑ කියනවනේ

      Delete
  7. පොතක් කියනවන්වා වගේ මේක කියවද්දී..පන්සලේ ඇන්ටි වගේ වෙනවනම් ඔක්කොම ඇන්ටිලා..

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා