අපේ යාලුවෝ

Tuesday, September 11, 2012

කපිලවස්තුපුර සර්වඥ ධාතු වදින්න ඔයත් ගියාද?


කපිලවස්තුපුර ධාතු පෙන්නවනවා ඔයාලත් බැලුවද? අද අපේ පන්සලටත්  වැඩම කලා ධාතුන්වහන්සේ. අපේ පන්සල කිව්වේ කැළණි රජ මහා විහාරේ හොදේ.  මමත් අද ධාතු වන්දනා කරගෙන ගෙදර ඇවිල්ලයි මේක ලියන්න ගත්තේ. මේ දවස් ටිකේම මගේ ෆෝන් එකට නිදහසක් තිබ්බෙත් නෑ ධාතු කැළණි පන්සලට වැඩමවන බව දැනගත්ත අයගෙන්, ගොඩක් අය දන්නේ නැතුව ඇති මම ඉස්සර නම් කොයි වෙලෙත් පන්සලේ කියලා. ඒත් දැන් නම් එහෙම නෑ, විශේෂ දේකට යනවා මිසක් හැමවෙලේම පන්සල් යන්නේ නෑ. ඉතින් කට්ටිය මගේ උදවුවෙන් ඇතුලට පාස් නැතුව එන්න බලන් හිටියා. මටත් ගොඩක් කණගාටුයි උදවු කරන්න බැරි වුන එකට. මම නම් උදෙන්ම පන්සලට ගිහින් ඇතුලට පැනගත්තා.පෝලිමේ නොඑන කාටවත් ඇතුලට එන්න දුන්නේ නෑ පොලිසියෙන් සහ ආමි එකෙන්. කොයි ලොක්කට උනත් පොලිමේම යන්න සිද්ධ වුණා ධාතු වදින්න. ගොඩක් අය උදවු ඉල්ලුවත් උදවු කරගන්න බැරි තරම් අසරනකමක හිටියේ හැමදේම සංවිධානය වුනේ ආමි එකෙන් නිසා. අපි එයාලට සහය වුණා විතරයි. 

 ධාතු බලන්න කියාගෙන ගියාට ධාතු පෙන්නනවා කියලා නිව්ස් වල ඇහුවට ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ මොන ධාතුද? මේ ධාතු වල විශේෂත්වේ මොකක්ද?  ඉතිහාසේ මොකක්ද වගේ දේවල්. ඒ දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නයි මම මේක ලියන්න හිතුවේ.    


බුදුරජාණන් වහන්සේ වෙනුවට උන්වහන්ස්ගේ ශාරීරික ධාතුන් පුජනිය වස්තු බවට පත් වුනේ උන්වහන්සේ ජිවත්ව වැඩසිටි කාලයේදීමයි. මතකද අපි අහල තියෙන තිරියායේ ගිරිහඩු සෑය. බුදුසසුනේ පළමු උපාසකයෝ විදියට හැදින්වෙන තපස්සු භල්ලුක වෙළද දෙබෑයෝ බුදුරදුන්ට මී පිඩු පිලිගන්වල තමන්ට පුජනිය වස්තුවක් ලබාදෙන්න කියලා අවසානෙදි ඉල්ලීමක් කලා. එම ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේ ලබාදුන්න කේශ ධාතු නිදන් කරලයි තිරියායේ සෑය වෙළද දෙබෑයෝ නිර්මාණය කෙරෙව්වේ.  පුජනිය වස්තුවක් විදියට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වන්දනාවට පාත්‍ර වුනු අවස්ථාවකට බුද්ධ කාලයේම නිදසුනක්.  

බුදුරජාණන්  වහන්සේ පිරිනිවන් පෑවේ කුසිනාර නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනකදියි. ඉන් අනතුරුව උන්වහන්සේ අනුදැන වදාළ පරිදි ආදාහන කටයුතු සිද්ධ වුණා. ඒත් ඉන්පසු ඉතිරි වූ සර්වඥ ධාතුන් වහන්සේලා රජවරු ඉල්ලාසිටින නිසා තරමක කලබල කාරී බවක් ඇතිවෙලා තියෙනවා. මෙම ගැටලුව සමතයකට පත් කරන්න ඉදිරිපත් වුනු ද්‍රෝණ කියන බමුණා කොටස් අටකට මෙම සර්වඥ ධාතු බෙදලා රජවරු හා කුමාරවරු අතරේ බෙදල දීල තියෙනවා.
ඒ තමයි

1. කුසිනාරාවේ මල්ල රජු
2. මගධයේ අජාසත්ත රජු 
3.‍ වෛෂාලියේ ලිච්චවින්
4. කපිලවස්තුවේ ශාක්‍යයන් 
5. අල්ල්කප්පයේ බුලින්
6. රාමගමයේ කෝලිය
7. පාවා නුවර මල්ල රජ දරුවෝ
8. වේදදිප
ධාතුන් තැන්පත් කරන අවස්ථාව 

යන අයයි.  මේ ධාතු බෙදන අවස්ථාවට ප්‍රමාද වෙලා පැමිණි පිප්පලි වනයේ මෞර්ය වරුන්ට ලැබුනේ අගුරුයි. ද්‍රෝණ බමුණා සර්වඥ ධාතු බෙදීමට යොදාගත් භාජනය ලබා ගෙනත් තියෙනවා කියලා සදහන් වෙනවා.  
බුද්ධ ශරීරය ආදාහනය කලට පස්සේ ඉතිරි වුණ ධාතු කොටස් දෙකයි. එනම්

1.විසිරුණු කොටස්
2. නොවිසිරිනු කොටස්

බුදුරජාණන් වහන්සේගේ සතර දළදා ( රදනක දත්) ලලාටය, අකුව සහ ග්‍රීවා අස්ථි යන කොටස් නොවිසිරී දැවී ඉතුරු වෙලා තියෙනවා. මේවා අඹ, මුං පියලි, සුන් සහල් ප්‍රමාණ වලින් ශේෂ වෙලා කියලා පොත පතේ සදහන්.  මුල්කාලේ ස්තුප දහයක එම ධාතුන් තැන්පත් කරල් තියෙනවා . පසුකාලීනව එම සර්වඥ ධාතුන් ලබාගෙන ධර්ම ප්‍රචාර කටයුතු වලටත් යොදාගෙන තියෙනවා.  

කපිලවස්තුපුර සර්වඥ ධාතු 

ඒ සර්වඥ ධාතුන්ගේ ඉතිහාසයයි.
කපිලවස්තුපුර සර්වඥ ධාතුන් ලංකාවට වැඩමකළ දෙවන අවස්ථාව මේකයි.මිට වසර 34 කට ප්‍රථම එනම් 1978 අප්‍රේල් 22 දා  ශ්‍රී ලංකාවට කපිලවස්තු පුර ධාතුන් වැඩම කරලා තියෙනවා.
මෙම ධාතුන් මෑත කාලයේදී සොයගැනිමත් අපුරු කතාවක්.  බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ඒ කියන්නේ 1898 දී විතර ඉංග්‍රීසි ජාතික ඉඩම් හිමියෙක් වුනු විලියම් පෙපෙ ලුම්බිනියෙන් කිලෝමීටර් 13 ක් පමණ ඈතින් ඉන්දියානු දේශ සිමාව ආසන්නයේ ජිප්‍රහව නමැති ගමේ තිබු ස්ථුපයක් ලෙස සැකකළ ගොඩනැගිල්ලක් මැදින් දිගට ඇතුලට කැනීම් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට කිලෝග්‍රෑම් 669 ක් පමණ බර වුනු විශාල ගල් පෙට්ටියක් හම්බ වෙලා. එහි පියන විවර කලා ඔහුට දැකගන්න හම්බුනේ රවුම් ගල් කරඩුවක්. බ්‍රාහ්මි අක්ෂර වලින් පාඨයක්ද එහි සටහන්ව තිබුණා. 
ඒ පාඨයේ  සිංහල අදහස වුනේ
 ' සුකිති සහෝදරයන් විසින් තම අඹුදරුවන් සමග ශාක්‍ය වංශයෙහි උපන් භාග්‍යවත් බුදුරදුන්ගේ මෙම ශරීර ධාතුව නිදන් කරන ලදී' 
යනුවෙනි. පසු කාලීනව සිදු වුනු  ජිප්‍රහව කියන්නේ බුදුරදුන්ට පුජ කරපු  නිග්‍රොධාරාම භූමීය බවට හොයාගෙන තියෙනවා. 
පසුකාලීනව දඹදිව පුරාම ස්තුප ඉදි කලා. අශෝක රජුගේ ස්ථම්බයක පිහිටි බ්‍රාහ්මි අක්ෂර ලේඛනයකින් ඒ බව සනාථ වෙලා තියෙනවා.
 කුමක් හෝ හේතුවකට සර්වඥ සතුන් වැඩිම ප්‍රමාණයක් හිමි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවට. අදටත් නිර්මල බුදු දහම ආරක්ෂා වුනු එක එකට හේතුවක් වෙන්න ඇති .ටිකක් දිග කතාවක් සංශිප්තව ඉදිරිපත් කලේ. කාටත් වැදගත් වේවි කියල හිතුන නිසා.

පොත්පත් ඇසුරෙන් 
ෆොටෝ  නම් ගත්තේ ලංකාදීප සයිට් එකෙන් 


27 comments:

  1. සිරාවට බං...
    මලම කරදරයක් මේ පාස් ඉල්ලන මගුලනං..
    සැහ්..

    ReplyDelete
    Replies
    1. තිබ්බ නම් දෙනවා
      නැති පාස් කොහෙන් දෙන්නද
      උදේ අපිට ඇතුලට යන්ඩත් මර ගේමක් දුන්නා
      ආමි උන් අපිව දන්නේ නෑනේ බන්
      පස්සේ හොර පාරකින් හෙමවංශ හාමුදුරුවෝ නිසා රිංග ගත්තා

      Delete
  2. කැළණීයෙන් කිලෝමීටර් කීපයක් මෙහා ඉන්න මගෙනුත් පාස් ඉල්ලනවනේ. සමහරු හිතාගෙන ඉන්නේ අපි හෙන පොරවල් කියලා. කොටින්ම පෝලිමේ ඉන්න අමාරු නිසා මම ගියෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම ඉන්නන වුනානම් අපි යන්නෙත් නැති වෙන්ඩ තිබ්බා. හැබැයි පැය 15 ක් විතර පෝලිමේ ඉන්න මිනිස්සු දැක්කම මාර දුකයි

      Delete
  3. ඉතිහාස කතාව නං දැනගත්තේ අද

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එල වේවා
      රජාත් ආවද මේ පැත්තේ?

      Delete
  4. පෝස්ට් එක නම් නියමයි !! මම නම් ටී.වී. එකෙන් දැක්ක..... සමහරු කියන කතා වලින් දෙගිඩියාවක් මතු වෙනව.මෙන්න මේ පෝස්ට් එක කියවල බලන්න...

    http://hmherath.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි
      මං මේක බලන්නම්

      Delete
  5. මරු පොස්ට් එක!මමත් ගියේ නෑ බලන්න පෝලිම් ගානේ ඉන්න බැරි නිසා..ආයේ එහා පැත්තේ රටට ගිය වෙලාවක නිදහසේ වැද පුදා ගෙන එනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමම බලන එක හොදයි වගේ. මෙහෙ සෑහෙන සෙනග හිටියනේ

      Delete
  6. aa kasun ethakota ara girlta pass ekak dunna kiuwe.e kohomada.paw wada epa kasun..

    ReplyDelete
    Replies
    1. අපෝ මෙන්න කිව්වා බොරුවක් කෙල්ලෙක්ට පාස් දෙන්න තියා අම්මවයි තාත්තාවයි ඇතුලට ගන්න බැරුව හිටියේ. පස්සේ එයාලම කොහොම හරි රිංගලා ඇවිත්

      Delete
  7. මමත් ඊයේ හවස යන්න කියලා හිටියේ. මොනවා කරන්නද?කරුමේ......කරුමේ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් චන්දෙ කලෙක ධාතු ලංකාවට වදම්මවයි. එතකොට වැදගමු යාළුවා

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ෂික් වඳින්න යන්න බැරි උනානේ...

      Delete
    2. ඊලග පාර වැදගමුකෝ

      Delete
  9. Replies
    1. බොහොම ස්‌තුතියි

      Delete
  10. දෙපාරක් වැන්ද බොල..

    මානෙල්වත්ත සහ කැළණියේ !

    සාධු සාධු !

    ReplyDelete
    Replies
    1. පින් ගොඩක් කරගෙන තියෙන්නේ
      සාධු සාධු සාධු

      Delete
  11. මොකද මලයා මේ අක්ෂර වින්‍යාස අම්බානකත් තව වැඩක් අවුල් ගිහින් තියෙන්නේ.??

    "මුල්කාලේ ස්තුප දහයක එම ධාතුන් තැන්පත් කරල් තියෙනවා"

    මේකට පොඩි එකතු කිරීමක් කරන්නම්. මුල් කාලීනව සර්වඥ ධාතු තැන්පත් කරලා හදලා තිබුණේ ස්ථූප 8 යි. මෝරියන්ගේ චිතකයේ අඟුරු තැනපත් කරලා හදපු ස්ථූපයත් ද්‍රෝණ බමුණා සර්වඥ ධාතු බෙදපු පාත්‍රය තැන්පත් කරලා හදපු ස්ථූපයත් එක්ක තමා ස්ථූප 10 ක් වුණේ..

    ReplyDelete
    Replies
    1. අයියා මතක් කරපු එකම හොදයි, හදිස්සියට දැම්මට ඒවා බැලුවේ නෑනේ. ඔක්කොම වැරදි හැදුවා. එකතු කරපු අලුත් දේටත් ස්‌තුතියි

      Delete
  12. මට නම් යන්න උනෙත් නැහැ සහෝ..ඔයාල ගොඩක් දෙනා මේ සම්බන්ධ ලිපි ලියූ නිසා ටිකක් විස්තර දැනගත්තා..ස්තුතියි.
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ජය!!

      Delete
  13. Replies
    1. බොහොම ස්තුතියි නංගි

      Delete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා