අපේ යාලුවෝ

Wednesday, September 26, 2012

ගෑනු ළමයින්ගෙයි පිරිමි ළමයින්ගෙයි වෙනස

ගොඩ කාලෙකින් මේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න ආවේ. ටික දවසක නිවාඩුවකුත් හම්බුනේ කාලෙකින්. බ්ලොග් එකේ  පොස්ට් එකක් දන්නා ඕනේ කියන උවමනාව තිබුනට කිසිම දෙයක් ලියන්න තරම් මූඩ් එකක් නෑ. ඒ නිසයි මේ පොඩි චිත්‍ර වලින් කියවෙන කතාවක් දාන්න හිතුවේ. මේවා මට හම්බුනේ මිතුරියක් මට එවපු මේල් එකකින්. බ්ලොග් එක ලියන්න ඕනේ කියල හිත හිත ඉන්නකොට තමයි බ්ලොග් එකට දාන්න වටිනා ෆොටෝස් ටිකක මේල් එකකින් ලැබුන කියල මතක් වුනේ. ඒක හෙව්වට හොයාගන්න බැරි වුණා. මේක වෙන කතාවක්. ඒ අර කලින් හොයපු කතාව හොයාගෙන පස්සේ දවසක් දාන්නම්. 


එහෙනම් බලලම ඉන්නකෝ ගෑනු ළමයින්ගෙයි පිරිමි ළමයින්ගෙයි වෙනස 












මම නම් ඉස්කෝලේ යන කලේ මෙහෙමම තමයි විනාඩි දහයක් මට හොදටම ඇති ලැස්ති වෙන්න. :P 
ඉස්සර ඉස්කෝලේ 8 ට පටන් ගන්න කාලේ මාව ගන්න ස්කුල් වෑන් එක ආවේ 6.30 ට. අලාර්ම් එක 5 ට හරි 5.30 ට හරි තිබ්බත් නැත්නම් ඒ වෙලාවට අම්ම ඇවිත් මාව නැගිට්ටේව්වත් මම ඇදෙන් බැස්සේ නම් 6 ට විතර. 

පස්සේ කාලෙක ඉස්කෝලේ පටන් ගත්තේ 7.30 ටනේ. එතකොට වෑන් එක 6 ට එනවා. ඒ නිසයි කියලා වෙනසක් උනේ නෑ. 5.45 ට විතර නැගිට්ටත් හොදටම ඇති. ලොකු පන්ති වලට ආවම මේවා ටිකක් වෙනස් වුණා. පාරේ බස් එකේ යන්න ගත්තම ට්‍රැෆික් නැතුව කරදරයක් නැතුව ඉස්කෝලෙට යන්න ඕනේ නිසාම කලින්ම නැගිටලා කලින්ම ඉස්කෝලෙට ගියා. (උදේට කොළඹ ට්‍රැෆික් කොහොමද කියලා ඔයාලා දන්නවනේ.පරක්කු වෙලා ගියොත් ඉස්කෝලෙන් පනිෂ්මන්ට් නේ )  

හ්ම්ම්ම්ම් මොකද කියන්නේ ඔයාලත් මෙහෙමද?       

30 comments:

  1. සෝයි ෆොටෝ ටික අනේ...
    මේකට මම නම් නෑ ඔන්න .. මොකද ඔය කියන තරම් වෙලාවක් හැම ගෑනුලමයටම යන්නේ නෑ නේ... උදාහරණයක් විදියට මාවම ගත්තම මෙට ඔච්චර වෙලා යන්නේ නෑ නේ අප්පා... :O

    ReplyDelete
    Replies
    1. පනුච්චි දත් මදින්නෙ නෑ..... සපත්තු එහෙම දාන්න ඔනෙත් නෑ කකුල් නෑනේ

      Delete
    2. එහෙම නෑ කියන කව්රුත් එහෙමලු, විශේෂයෙන් බවලත් උදවිය. නේද මිගොඩයා

      Delete
  2. affo dath madala na scl yana kalema ewww dats wot i thnk :P :)

    ReplyDelete
    Replies
    1. අයියෝ දත් මදින්න ඒ හැටි වෙලාවක් යනවැයි

      Delete
    2. :P hikzz hali hali ithin

      Delete
  3. අපොයි මටත් මෙච්චර වෙලා යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් හොදයි ඉතින් :P

      Delete
  4. එල එල.කට්ටිය වෙලා යනවා කිව්වට ඇත්ත් කතාව ඕක තමා.මන් නම් උදේ 6.30 නැගිටලා 7 වෙද්දි ගෙදරින් එනවා.

    ReplyDelete
    Replies
    1. හි හි කව්රුත් ඔහොම තමයි

      Delete
  5. මට කියන්න හිතට ආපු දේ ලියන්න හිතෙන්නෑ...

    ReplyDelete
  6. hehehehee.... cartoon ekae girl ge wada tika mage wada tikama thama :) :D :P

    ReplyDelete
    Replies
    1. හයියෝ එහෙනම් ඉවරයි ඉතින්

      Delete
  7. මෙක නම් සහතික ඇත්ත... (මගෙ කෙල්ල නොදකිවා!!)

    ReplyDelete
    Replies
    1. එහෙනම් නොදකිවා. නැත්නම් පවුනේ සචිත්

      Delete
  8. හෙ..කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න එපායැ..

    ReplyDelete
    Replies
    1. එකට ඉතින් දවසේ බාගයක් ගන්න ඕනැය

      Delete
  9. මටත් මෙච්චර වෙලා යන්නේ නෑ කලින් ඇඳුමක් තෝරලා තිබ්බොත්. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් හැමදාම කලින් ඇදුමක් හොයලා තියාගන්න :)

      Delete
  10. මටනම් ලැස්ති වෙන්න විනාඩි 15ක් හොදටම ඇති.

    ReplyDelete
  11. mechchara wela nam yanne ne habai.. :D :D

    ReplyDelete
    Replies
    1. අන්න බොරු. මං අහලා බලන්නම්කෝ

      Delete
  12. අම්මපා මාත් ඔහොම්මමයිලු..

    ReplyDelete
    Replies
    1. දියුණු වෙන මිනිස්සු ඔහොමනෙ

      Delete
  13. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා