අපේ යාලුවෝ

Monday, October 1, 2012

බස් රේඩියෝ බ්ලොග් සම්මාන-2012





මුලින්ම මෙවැන්නක් සංවිධානය කිරීම වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය කැප කල බස් රේඩියෝ 
කණ්ඩායමට ගොඩක් ස්තුතියි. බ්ලොග්කරුවන්ට ඇගයීමක්  කරන්නට ඔබ කළ කැපකිරීම ප්‍රශංසනීයයි. 
කිසිම ඇගයීමක් නොලැබෙන බ්ලොග් වැනි කලාවකට මෙවන් වූ සම්මාන උළෙලක් පැවැත්වීමට ඉදිරිපත් වූ හැමට ජය. ඒ වගේම සම්මාන ලබාගත්, නිර්දේශ වූ, නිර්දේශ නොවූ හැමටම ජය. බ්ලොග් ලෝකේ චිරාත් කාලයක් තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනයට හැමට සුභ පැතුම්!!!

බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල ගැන මං දැනගත්තේ මට තරිඳු ඒ ගැන කියපු නිසා සහ බ්ලොග් සතිය
නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ බ්ලොග් පොස්ටු ගැන උනන්දු වෙනකොටයි. . ඕනෑකමටත් වඩා නිකමටයි මමත් එකට රෙජිස්ටර් වුනේ. එක සම්මානයක් ගන්න තියෙන අසවම නෙමෙයි. රැල්ලට හැමෝම කරන දේ කල වගේ වැඩක්. කැටගරි කිහිපයක් තිබුනත් මම මගේ බ්ලොග් එක ඉදිරිපත් කලේ අංග දෙකකට හෝ තුනකට විතරයි. ටික කාලයක් ගෙවිල ගියා මේ ගැන තිබුණු මතකයත් නැති වෙලා ගියා. ඒත් බ්ලොග් සම්මාන උළෙලට දින ලංවෙන බව දැනගත්තේ බ්ලොග් එකේ පැත්තක දාපු ජාවා ස්ක්‍රිප්ට් එකේ බස් රේඩියෝ බ්ලොග් අවොර්ඩ්ස් ගැන අප්ඩේට් උණු නිසා. මුලින් හිතුවේ සම්මාන උළෙල ඔන්ලයින් නොතියා මේක කොහේ හෝ ශාලාවක උත්සවයක් විදියට පැවැත්වේවි කියලයි. බ්ලොග් ලෝකේ යාලුවන්ව මුණ ගැහෙන්න ලොකු ආසාවක් තිබුණු නිසා ඒ දවස ගැන ආසාවෙන් බලන් හිටියා. ඒත් එක එහෙම වුනේ නෑනේ. 

මේ හැමදේම කිව්වේ මගේ බ්ලොග් එකත් හොදම නවක බ්ලොග්කරණය සදහා නිර්දේශ වෙලා තිබුණා. ඒක දැනගත්තෙත් යාලුවෙක් කෝල් කරලා කියපු නිසා. ඇත්තටම සතුටුයි. හැකියාවක් ඇගයීමකට ලක් වීම කාටත් සතුටක්.තව දෙයක්, මම සම්මාන දිනයි කියලා හිතපු ගොඩ දෙනෙක් නිර්දේශ වුනෙත් නෑ. ඒ ගැන පොඩි දුකක් තියෙනවා. 




මම නිර්දේශ වුනාට සම්මානේ ලැබුනේ නම් නෑ. ඒ ගැන කිසිම දුකක් නෑ මේක මං ජීවිතේට බලාපොරොත්තු නොවුණු දෙයක් නිසා. 
නිර්දේශ වුනු වගේම සම්මාන දින්නේ කවුද කියලා මෙතනින් බලාගන්න 

සම්මාන දිනපු, නිර්දේශ වුනු,නොවුණු වගේම මේ වැදගත් කටයුත්ත සංවිධානය කරපු හැමෝටම ජය.







18 comments:

  1. එල එල ආහ්...
    සුභ පැතුං වේවා මචං!!!!!!
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
  2. උබ ඇතුලු මම බලන බ්ලොග් කිහිපයක් තිබ්බා. බලල නැති අනික්වා ඉදිරියේ බලන්න ඉන්නේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා

      Delete
  3. ඔන්න මමත් මැස්සට ගොඩවැදුණා.සොයුර ඔබට ජය.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙත් ආවට. ජය

      Delete
  4. නිර්දේශිත නාම අතරට එක් වීම ගැන සුබපැතුම් මල්ලි. අනිත් කාරණය උඹ මේ වැඩසටහන අගය කිරීමම වැදගත්. මොකද හැම සම්මාන උළෙලකටම පස්සේ අහන්න වෙන්නෙම අදෝනා නිසා. ජය...!

    ReplyDelete
    Replies
    1. අදෝනා තිබුන ඒවා ඉතින් කියල වැඩක් නෑනේ. ඕන දෙක අඩුපාඩු තියෙනවනේ. :) නරක වගේම හොදත් කියන්න ඕනේ

      Delete
  5. සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  7. ඔබට ජයෙන් ජය! බ්ලොගර් එකේ මේ පෝස්ට් එක පබ්ලිෂ් වෙලාද කියල බලන්න ටිකක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හා හා මං බලන්නම්

      Delete
  8. wowwwwww.... ayyaaa congratzzzzzz
    :D :)
    godakkkkk sathutuiiiii degatama karagena yanna
    ALL THE BEST
    :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි :)

      Delete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා