අපේ යාලුවෝ

Thursday, October 11, 2012

වොලන්ටියරින් + ක්‍රිකට් + තවත් අනුශුරතාවයක්


තවත් වර්ල්ඩ් කප් එකක් ඉවරවුණා. අපි ආයෙත් අනුශුරයෝ. වර්ල්ඩ් කප් එක මෙහෙම ඉවර වුනාට වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් ( ස්වෙච්චා සේවක) කෙනෙක් විදියට එකතු වෙලා ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණා.

මම මැච් පිස්සෙක්. අපේ ගෙදර ඇවිත් දවස් දෙකක් හිටියොත් ඕන කෙනෙක්ට ඒක දැනගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට මම කරන්නේ සැටලයිට් එකේ යන පරණ මැච් එකක් හරි මොකක් හෝ මැච් එකක් බලන එක. මේ පාර ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ වොලන්ටියර් කෙනෙක් විදියට එකතු වුනෙත් ඒ හින්දමයි. මමයි,තරියයි, මල්ලියි එකට ගියා. ට්‍රේනින්ග් දවසක තරුවවත් සෙට් උනා.  .වොලන්ටියර් කෙනෙක් විදියට ඒ ගතකරපු දවස් එකොළහ ජිවිතේ කවදාවත්ම අමතක නොවේවි. 
මම හිටියේ ග්රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ. ඒකට මැච් බලන්න අපු කව්රුහරි ඉන්නවනම් මාව දකින්නත් ඇති. ලංකාවේ ටික දෙනෙක් අපිව අගය කලා. ඊටත් වඩා හොද අගයකිරීම් ෆොරිනර්ස්ලගෙන් ලැබුණා. විශේෂයෙන්ම සුදු ජාතිකයන්ගෙන්. ඒ උනාට ඉන්දියන්  සහ පකිස්තාන් අය හරි වදකාරයෝ. 

නිකම්ම මැච් බලපු එකත් අපිට ලැබුණු වරප්‍රසාදයක්. ශ්‍රී ලංකාව මුලින්ම කොළඹ සෙල්ලන් කලේ සෙමි ෆයිනල්. ඒ වෙනකල් තිබුනේ වෙන වෙන මැචස්. මැච් එකක් සෙල්ලන් කරනවා කියලා ඇගට දැනුනේ ඉන්දියා පකිස්තාන් මැච් එක දවසේ. යුද්ද පිටියක ඉදන් මැච් එක බලනවා වගේ හැගිමකුයි ඒ වෙලාවේ දැනුනේ.   අලුත්ම අත්දැකීම් ගොඩක්, අලුත් යාලුවෝ ගොඩක්. මේ වගේ අත්දැකීමක් තව සෑහෙන කාලෙකට ලංකාවට ලැබෙන එකක් නෑ. මම දන්න විදියට ලංකාවට අයෙත් මොනම හෝ වර්ල්ඩ් කප් එකක් එන්නේ තව අවරුදු 20 කින් විතර. එතකොට අපි තාත්තල. එතකොට මොන වොලන්ටියරින්ද :P. ළමයින්වවත් යවමු එතකොට.

ෆොටෝ ගොඩට එකතු වුනු ෆොටෝ ලැයිස්තුවේ විශේෂ ෆොටෝ දෙකක් තිබුණා. බලන්නකෝ එහෙනම් මොනවද කියලා..



මේ ඉන්දියන් සපොටර්ව ටි.වී එකේ දැකලා ඇතිනේ


දන්නවනේ මේ කවුද කියලා :D



මේවගේ ගොඩක් විශේෂ අයනම් ආවා. ෆොටෝ ගහගන්න බැරි වුණා. ෂේන් වොට්සන් මුණ ගැහුණු වෙලාවත් හරිම සුවිශේෂියි. හරිම නිහතමානියි. හම්බ වුනේ ෆයිනල් එකේ අපි පැරදුනු වෙලාවේ නිසා දුකට ෆොටෝ එකක් ගහගන්නත් මතක් වුනේ නෑ . සතුටු මතකයන් ගොඩක් අතරේ ෆයිනල් එකේ ප්‍රතිපලේ ගැන තාමත් දුකයි. 2007 බාබඩෝස් වලදී පළමු ලෝක කුසලාන අනුශුරතාවය උරුම කරගන්න අපිට සිද්ධ උනේ වැස්සයි ගිල්ක්‍රිස්ට් සුසංයෝගය හින්දයි. 2009 දී ලන්ඩන් හිදී T20 ලෝක කුසලානය තරගාවලියේ අවසන් තරගයේ පරාජයත් එක්ක තවත් අනුශුරතාවයක් අපිට උරුම වුණා. මෙවර ශුරයෝ වුනේ පකිස්තානේ. ඊලග පරාජය මේ පරාජ අතරින් අපිට ගොඩක්ම දැනුනු , කණ්ඩායමට ගොඩක්ම දැනුනු පරාජය වුණා. ඒ 2011 දී මුම්බායි නුවරදී ඉන්දියාවට එරෙහිව ලබපු පරාජය. මෙවර තරගාවලිය ආරම්භයේදී ලොකු බලාපොරොත්තු නොතිබුනාට තරගාවලිය ඉවර වුනේ අයෙත් අපි කාගේත් බලාපොරොත්තු සුන් කරලා. ගොඩක් අය මාලිංගට බනිනවා,තවත් අය මහින්දට බනිනවා.  


          ඒත් හැමෝම පිළිගන්න ඕන අපෙන් වුනු මිස්ටේක් නිසාම ලකුණු 100 ක් වත් රැස් කරගන්න බැරුව හිටපු  කොදෙව්වෝ තරගේ ජයග්‍රහණය කලා. කොහොම වුනත් තරගේ පැරදුනු දුකෙන් හිටපු කාටත් කොදෙව්වන්ගේ නැටුම් දැකල ඒ දුක අඩුවෙන්න හිනාවක් මුණට එන්න ඇති.  මැච් එක ගැන ගොඩක් දේවල් කියන්න හිතුනත් කියනවට වඩා කියවපු හිතට දැනුනු දෙයක් දාන්න හිතුනා.මැච් එක ගැන ගොඩක් අය බ්ලොග් වල ලියලත් තිබුනනේ මම මොකටද ආයෙත් ලියන්නේ. තරගේ ගැන කියන්න ඕනේ හැමදේම මගේම සහෝදරයෙක් වගේ ඉන්න හොද කල්‍යාණ මිත්‍රයෙක්ගේ වෝල් එකේ තියෙනවා දැක්කා. නිලාන් අයියගේ වෝල් එකේ තිබුණු ස්ටේටස් එකයි මේ.     




"  

අපි දෙවෙනි ස්ථානය ගත්තා
ලෝක කුසලාන අවසාන මහා තරගයකට හැකියාවට වඩා බලපාන්නේ වාසනාව!!
අවසාන ලෝක කුසලාන හතර ගත්තේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව පාකිස්ථානය කොදෙව්වෝ
වෙන වෙන රටවල් හතරක් කප් ගත්තේ උන්ට ඒ ඒ දවස්වල තිබ්බ වාසනාව නිසා!!
එත් අපි ෆයිනල් එකක් තරම් දුර ගමනක් හැමදාම එන්නේ අපේ කොල්ලන්ගේ තියෙන පුදුම හැකියාව නිසා
ෆයිනල් හතරක් කියන්නේ තවත් තරග හතරක් විතරයි. එදා දවසේ තත්වේ විතරයි බලපාන්නේ. මැච් හතර අපි
දින්නන්නම් ලෝක ඉතිහාසේ හොඳම ක්‍රිකට් කණ්ඩායම අපි නේද??

අද පත්තරේ (10/10/2012) මෙහෙම තියෙනවා!!
දිනමිණ කතුවැකිය කියනවා අවසන් මහා තරගය ලංකාව පාවලා දුන්නා කියලා රාවයක් තියෙනවලු එකේ ඇත්ත නැත්ත දන්නේ නැල්ලූ.. උගේ අම්මට....


ලක්බිමේ ක්‍රීඩා ප්‍රවෘත්ති වල තියෙනවා අකිල නැතිව රංගන දාන්න තිබ්බලු තිරිමාන්න අයින් කරන්න තිබ්බලු මාලිංගට බෝල් කරන්න දුන්නේ මහේලගේ මෝඩ කමටලු. යකෝ මුන් දන්නවා අපේ මයියට වැඩ ක්‍රිකට් දැන්..


බෝලේ ගලක වත් වැදිලා සැමුවෙල් කාරයාගේ පොලු උදේ පාන්දර ගිහින් අපි දින්නානම් නම් මයියත් හොදයි හේරත් හොදයි අකිලත් හොදයි මාලිංග විශිෂ්ඨයි.. ක්‍රිකට් කියන්නේ එහෙම ගේම් එකක් කියල මේ හිපාටුවොන්ට තේරෙන් නැති හැටි.
ඔක්කොටම වඩා ගෝඨාබය කියනවා ලංකාව පැරදුනේ ආත්ම ශක්තිය නැති නිසාලු. රටවල් දහයකට විතර ගහලා ෆයිනල් එන්න ආත්ම විස්වාසේ තියෙනවා. අන්තිම එකට තම නැත්තේ.. මොකට කියනවද??


මිනිස්සුනේ. ලෝක කුසලානයක් දින්නම ඕනිම රටක් ලකුණු පුවරුවේ උඩටම එනවා. එත් ICC ratings වලට අනුව වර්ල්ඩ් කප් දෙවෙනියා වෙලත් ලංකාව තමයි දැනට ලෝකේ හොදම විස්සයි විස්ස කණ්ඩායම. ලෝක විස්සයි විස්ස කණ්ඩායමේ කැපා සමී නෙමේ අපේ මයියා!! ෆාස්ට් බෝව්ලර් මොකෙක් වත් නෙමේ අපේ මාලි!! ස්පිනර් අජන්ත!!!


ICC එකටයි අපේ ටීම් එකටයි වඩා මුන් තමා ක්‍රිකට් දන්නේ!! අපේ කොල්ලෝ පැරදුනේ තරග හතරයි නොමිනිසුනේ.. එතනට එන්න කීයක් දිනන්න ඕනිද??
මොකා මොනා කිව්වත් තව ටික දවසකින් පටන් ගන්න නවසීලන්ත තරගාවලියේ ඉදන් ගේම ගහපන් කොල්ලනේ..


උඹලට බුදු සරණයි! "
මීලගට එන්නේ නවසිලන්ත තරගාවලිය ඊට පස්සේ ඔස්ට්‍රේලියා සංචාරය. හැමදේම අමතක කරලා වර්ල් කප් එකේ ෆයිනල් එකට කලින් සෙල්ලන් කලා වගේ ආයෙත් හොදට ඒ ටුවර් දෙකත් කරමු. ජය !!!




තරියයි, මමයි, මල්ලියි 




තරුවයි මමයි 




සෙමි ෆයිනල් ජයෙන් පසු 


මම හිටපු ග්රෑන්ඩ්ස්ටෑන්ඩ් එකේ ටීම් එක  

ප.ලි. මේ දවස් වල බ්ලොග් එක ලියන්න හිතෙන්නෙම නෑ. මෙහෙම දෙයක් වත් ගලපලා දැම්මේ අමාරුවෙන්. ලියන්න හිතන් හිටපු දේවල් ලියවුනේ නෑ. වෙන ඒවා ලියවුනේ. අනේමන්දා ඇයි කියලා :( 


වොලන්ටියර් කරපු කාලේ දේවල් මෙහෙම සංශිප්තව ලියන්න බෑ. ඒත් බොහොම කෙටියෙන් දැම්මේ ජිවිතේ සතුටෙන් ගෙවපු හරිම කෙටි කාලයක් ගැනයි. මේක කියවන යට හිතේවි අපරාදේ මටත් වොලන්ටියර් කෙනෙක් වෙන්න තිබ්බ කියල. එහෙම හිතෙන්නම ඕනේ ඔයාට මිස් උනේ ලොකු අවස්ථාවක්, ලොකු අත්දැකීමක්, සුන්දර මිනිස්සු ටිකක්.   

29 comments:

  1. මාත් මේ දත කට මැදගෙන ඉන්නේ ලියන්න..
    අන්න අරූ ගැන මං අද ටිකක් ලිවුවා..
    ගිහිං බලහං..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මං බැලුවා. එල ඈ

      Delete
  2. අර ස්ටෙටස් එක නම් මරු.. තිතට ලියලා තියෙනවා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. එක කියවද්දී මටත් දැනුනා.
      ජය වේවා..

      Delete
  3. ගොඩක් සාර්ථකයි මරු යාලු.ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලු

      Delete
  4. අර ස්ටේටස් එක නම් ඇත්තටම මරු... වදින්න ඕනේ හැම අඟලකටම වදින්න ලියල තියෙනවා..
    ජය වේවා කස්සෝ!!!
    සිනා බෝ වේවා!!

    මේ අර හිපාටුවෝ කියන්නේ මොක්කුද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හිපටුවෝ කවුද කියල ඒ අයියගෙන්ම අහල මං දැනගන්න සලස්වන්නම්කො

      Delete
  5. ශෙහ්... මරු පොටෝ 2ක් අරන් ඈ... වටිනවා!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලක් එක තමා. මිට වඩා ගහගන්න තිබුනා කෝ අතේ කැමරාවක් එකක් තිබ්බේ නෑනේ හැම වෙලේම

      Delete
  6. ඔයානම් මැච් පිස්සෙක්ම තමයි
    .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා දන්නවනේ

      Delete
  7. නියමයි අනේ..අපරාදේ මටත් එන්න තිබුනේ volunteering :/ දැන් ඉතින් මක් කරන්නද??
    මටත් බ්ලොග් ලියන්න හිතෙන්නෙම නෑ නේ අප්පා.මොනා වෙලාද මන්දා..:(

    ReplyDelete
    Replies
    1. අපරාදේ එන්න හිතන් හිටියා කියල දන්නවා නම් කලින්ම කියනවා. බ්ලොග් ලියන්න බැරි හේතුව මටත් තේරෙන්නේ නෑ O.o

      Delete
  8. නියමයිනේ කස්සා මලේ.....තරියා මේකට ගියා කියල දන්නවා ඒත් ඔයත් ගියා කියල දන්නේ අද. මගේ සුබපැතුම් කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. තරියයි මමයි හොද යාළුවොනේ. එපි ගොඩක් වඩා ඉතින් එකට තමා කරන්නේ :P බොහොම ස්තුතියි නලින් අයියා

      Delete
  9. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් පිස්සෙක් වෙච්ච් මට මේ බ්ලොග් ලෝකේ තව කිරක්ට් පිස්සෝ ඉන්නවා කියල දැන ගන්න ලැබුන ඒක කොයි තරම් සතුටක්ද ? තරියගේ කෙරුවාව කලින් දැක්ක. කස්සාගේ එක අද තම දැක්කේ. වයසින් ටිකක් වැඩි වුනත් ඔය වගේ තැනක වොලන්ටියර් ජොබ් එකක් හම්බ වුනා නම් මම එන්නේ එක පයින්. ඒ වුනත් සෙමි ෆයිනල් දෙකම බලන්න ආවා. කීවට විශ්වාස කරයිද මන්ද මම 2011 වර්ල්ඩ් කප් ෆයිනල් බලන්න ඉන්දියාවේ ගිහින් ග්‍රවුන්ඩ් එකේ ටිකට් ලැබුනේ නැති නිසා ආපහු ආවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපි අසාවෙන් කතාකරන ක්‍රීඩා දෙකයි මම හිතන්නේ තියෙන්නේ එකක ක්‍රිකට් අනික රගර්. ක්‍රිකට්නේ ජනප්‍රියම. :) බොහොම ස්තුතියි අයියා මේ පැත්තෙත් ආවාට.

      Delete
  10. මේ ටිකත් බලන්න
    http://awidda-paya.blogspot.com/search/label/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%28Cricket%29

    ReplyDelete
    Replies
    1. ඔන්න බැලුවා අයියා

      Delete
  11. කසුන් මල්ලී මමත් හොඳ ක්‍රිකට් පිස්සියක්.උනන්දු උනා නම් ලංක ටිම් එකට යන්න තිබුණා.ඒත තවම ප්ලේ කරනවා.
    ඔයාගේ මේ නිර්මාණත්මක ලිපිය සම්පුර්ණ කියෙව්වා.වාර්ථාමය ලිපියක්.ජය ඔබට!අපරාදේ මටත් එන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. තව උනන්දු වෙලා යමු ටීම් එකටම. ලංකාවේ කාන්තා ක්‍රිකට් තව ලෝක මට්ටමට දියුණු වෙන්න ඕනේ.

      Delete
  12. මටත් හිතෙනවා අනේ ලංකාවේ හිටියනම් කියල කස්සෝ

    ReplyDelete
    Replies
    1. අහ්හ් කෝරලේ මහත්තයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ ?

      Delete
  13. මටත් එළ කමෙන්ට්ස් ටිකක් ලබිලානේ මලයා.. බොහොම පින්.. හැමදාම වගේ උඹේ මේ පොස්ට් එකත් පට්ටම තමා!! :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ස්ටේටස් දැකලයි මේක ලියන්න හිතුනේ. ඔයාටයි පින්

      Delete
  14. මුලින්ම....වොලන්ටියර් ගැන කියනවනම් මාත් ඉක්මනටම ඒ ගැන සවිස්තරාත්මකව ලියන්නම් මොකද ජීවිතේට ලැබුණු පට්ටම අත්දැකීම් ටිකක් තියනවා...
    අර ස්ටේටස් එකට මගේ 100% කැමැත්ත පල කරනවා. කියන්න ඕනි ටික තිතටම නියමෙට කියලා තියනවා...
    අනික මම හැස්‍ම දාම කියනවා වගේ ක්‍රිකට් = ජීවිතය..
    ජීවතේදි අපි අනන්තවත් අපේ අරමුණු කිට්ටුවටම ඇවිත් බිමටම වැටෙන අවස්තා තියනවා. ඒකට සැලෙනවනම් ඒ ජිවිතෙන්වත් ඒ උත්සහයෙන්වත් වැඩක් නෑ. කෙනෙක් බිමට වැටුනාම ඒකට අරහෙම කරන්න තිබුනා මෙහෙම කරන්න තිබුනා කියලා කියන්න ඕනි තරම් කට්ටිය ඉන්නා. ඒත් ඒ වැඩේ උන්ට කරන්න කිව්වොත් ඒකට කොන්ද පන නෑ. කකුල් දෙක මැඩ්ලින් ගහලා සුළු දිය පහ වෙනවා. ඕක මේ සමාජෙ හැටි. ඔව්වා ගැන හිතන කාලේ ඉස්සරහා ය්‍වැඩ වලට ලෑස්ති උනානම් තමයි වැදගත්. එක එකා තමන්ගේ බුද්ධි මට්ටම පෙන්නන්න යන්නෙ අනිත් කෙනාට වැරදුන වෙලාවට විතරයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් සිරාවට ඇත්ත තරුවෝ. එල එල ලියමු වොලන්ටියරින් ගැන. මැච් ඒක පැරදුනාම මිනිස්සු කියන කතා අහල තියෙන වෙලාවකයි ඔය ස්ටේටස් ඒක දැක්කේ. කාටත් කියන්න ඕන ඇත්ත එකේ තියෙනවා

      Delete
  15. duka thama paraduna ekata :( but... ayya volunteer kenek widihata giya eka nam sathutui... eka patta experience ekak thama ...
    ella ella... :D

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා