අපේ යාලුවෝ

Thursday, October 18, 2012

සුභම සුභ උපන්දිනයක් 'සුදූ'




අද අපේ ගෙදර චූටි බබාගේ උපන්දිනේ. චූටි බබා කිව්වේ මගේ පොඩිම මල්ලිට. 
මේ කියන්නේ නොදන්නා අයට අපේ පවුලේ ළමයි 5 යි. වැඩිමලා මම. මම නිවුන් කියල සමහරු දන්නවා ඇතිනේ. නොදන්නා අය අද දැනගන්න. අපි දෙන්නට පස්සේ මල්ලි, එයා මහණ වෙලයි ඉන්නේ. කැලණියේ සෝරත හිමි තමයි නම. මහණ වුනේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ලගයි. ඊලග දෙන්නත් මල්ලිලා. එක්කෙනෙක් දැන් 9 වසරේ. පොඩිම කෙනා දැන් 4 වසරේ. අද (ඔක්තෝම්බර් 18) උපන්දිනේ තිබ්බේ එයාගේ.  


චූටි බබාට ඒ කියන්නේ චුටිම මල්ලිට, මම කියන්නේ සුදූ කියලයි. එයාගේ නම මිහිඳුම් ජයලංකා අනුරාධ. ඔය නම දන්නා මුල්වෙච්ච කෙනෙකුත් මම :) මල්ලි ඉපදුනේ කාසල් එකේදී. මට ඒක හොදට මතකයි. එතකොට මට වයස 12යි. එදා ඉස්කෝලේ දවසක් උනත් ඉස්කෝලේ නොගිහින් ගෙදර හිටියේ අලුත් මල්ලිව හෝ නංගිව දැකගන්න. මල්ලිලල තුන් දෙනෙක් ඒ වෙද්දී හිටපු නිසා මං අසාවෙන් හිටියේ නංගි කෙනෙක් හම්බවේවි කියලයි. ඒ උනාට ලැබුනේ මෙයානෙ :)
එක අතකට කොල්ලොම ඉන්න එකත් හොදයි.
දැන් මල්ලි 4 වසරේ කිව්වනේ මම කලින්ම. ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ. මිනිහට ඉගෙනගන පුළුවන්. හැබැයි හරිම පණ්ඩිතයි. එයාට උගන්නන එක තමයි අමාරුම වැඩේ. කියන කිසිම දෙයක් අහන්නේ නෑනේ. ගණන් තමයි එයාට හොදටම පුළුවන් සබ්ජෙක්ට් එක. වෙලාවකට මගෙනුත් ඇවිල්ල ගණන් අහගන්නවා. ඒත් ඒවා කියල දෙද්දීත් පණ්ඩිත කම නම් අඩුවෙන්නේ නෑ. 
මම කලින්ම තෑගි දෙන්න ප්‍රසන්ට් එකක් ගෙනත් තියාගත්තා. පොත් දෙකක්.පොඩි ළමයි පොත් වලට කැමති නෑ තමයි. ඒත් ලබන අවුරුද්දේ විභාගෙනෙ.  සෙල්ලමටයි කාටුන් වලටයි තියෙන හිත ඉගෙනීමටත් යොමු කරන්න ඕනෙනේ. ශිෂ්‍යත්වෙට ඕන කරන පොත් දෙකක්ම අරගත්තේ තෑගී කරන්න. තෑග්ග අතට ගත්තු උවමනාව හැමදාටම තිබුනොත් හොදයි.

ඔක්කොම කිව්වා මල්ලිගේ ෆොටෝ එකක් දාන්නත් ඕනෙනේ. මගේ ලග තියෙන මල්ලිගේ එකම ෆොටෝ එක මේකද මන්දා. මෙයාට කැමරා ඇලජික් එකක්ද කොහෙද . ෆොටෝ එකකට ඉන්නවා කියන්නේ නයාට අදු කොළ වගේ. ගෙදර උත්සවයකදී ගහපු ෆොටෝ වලදිවත් සුදුගෙ ෆොටෝ එකක් හොයාගන්න වෙන්නේ බොහොම අමාරුවෙන්. 


එහෙනම් සුදූ සුභම සුභ උපන්දිනයක්.හොදට ඉගෙනගන්න. උදවු කරන්න මේ ලොකු අයියා හැමදාම පස්සෙන් ඉන්නවා. 



7 comments:

  1. සුභ උපන් දිනක් සුදු මලයා! :)

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මං එක කියල.කොහෙද මෙයා මැදින් පැනලානේ.
      ගර්ර්ර්ර්

      Delete
  2. මටත් මල්ලියෙක් හිටියනම්...:(
    සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාගේ සුදූ ට..!!

    ReplyDelete
  3. චූටි මල්ලිට සුභ උපන්දිනයක් පතනවා මං පනුච්චිත් ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
  4. ෂෝයි අනේ..ඔයාල දෙන්නා ඉතින් මෙයාව ආදරෙන් බලාගන්න කියල ගෙදර නවතිනවනේ ට්‍රිප් යන්නෙත් නැහැ..හොඳ අයියල දෙන්නෙක්..:)

    එයාට මමත් සුභ පැතුවා කියන්න :)
    ජයම වේවා!

    ReplyDelete
  5. ඔන්න මමත් හැපී බර්ත්ඩේ කිව්වා ඈ!!!

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා