අපේ යාලුවෝ

Tuesday, November 13, 2012

ගෞතම බුද්ධ චරිතය- සිත්තරෙකුගේ ඇසින් - පළමුවන කොටස



දිගු කාලෙකින් බ්ලොග් එකේ කිසිම පොස්ට් එකක් දාන්න බැරි වුණා. ගෙදරවත් ඉන්න වෙලාවක් නොලැබුණු එකේ බ්ලොග් ලියන්න වෙලාවක් කොයින්ද. ලැබුණු පොඩි වෙලාවකින් ඔයාලට වටිනා ෆොටෝස් ටිකක් දාන්න හිතුව මේකත් කලින් දාපු ගෑනු ළමයින්ගෙයි පිරිමි ළමයින්ගෙයි වෙනස පොස්ට් එකේ පින්තුර වගේම email එකකින් මට ලැබුණු පින්තුර ටිකක්. සමහරු ගාව ඇති. මේවා ලග නොමැති නොලැබුණු අයටයි මේ.   
පළමු කොටසින් සිද්ධාර්ථ කුමරුගේ( සිදුහත් කුමරු) ගිහි කාලය තුල සිදුවූ විශේෂ අවස්ථා ඇතුලත් චිත්‍ර පිලිවෙලින් පෙළගස්වා තියෙන්නේ. බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනෙක් දත් උගත් දෙයක් නිසා සිදුහත් සිරිත නැවත නොලිය චිත්‍ර ටික විතරක් ඉදිරිපත් කරන්නට හිතුව. බෞද්ධ නොවන අයටත් බැලුවාම තේරුම්ගන්න පුළුවන් වේවි. හැම චිත්‍රයකටම පොඩි කැප්ෂන් එකක් මම දන්නා අයුරින් දාලා තියෙනවා. 

සුමේධ තාපසව දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලබන අවස්ථාව  




මහමාය දේවිය නිදියහනේදී සිහිනයෙන් දුටු සුදු ඇත් පැටවා 


සුදු නෙලුම් මල් සතක් මත පියවර තබා ඇවිදින සිද්ධාර්ථ කුමරු 



කොන්ඩඥ බමුණා ඇතුළු බමුණන් අනාවැකි පලකරන උත්සව අවස්ථාව      



වප් මගුල් උළෙලේ ආනාපානාසති භාවනාවේ යෙදෙන සිද්ධාර්ථ කුමරු- දෙවන වරට පියා තම පුතුට වන්දනය කල අවස්ථාව   


දෙව්දත් කුමරු විදි හීයකින් තුවාල ලැබූ හංසයෙකු සුවපත් කරන අවස්ථාව 



ශිල්ප ප්‍රගුණ කරමින් 



සියලු සැකදුරු කරමින් ශිල්ප දක්වමින් 



යශෝදරා කුමරිය සරණ පවා ගන්නා අවස්ථාව 



සිදුහත් කුමරු ලෙඩෙක්, මළමිනියක්, මහල්ලෙක් හා පැවිදි රුවක් යන සතර පෙර නිමිති දකින අවස්ථාව 



යශෝදරා දේවිය හා අලුත උපන් රාහුල කුමරු අතහැර මහා අභිනිශ්ක්‍රමනයට සැරසෙන සිදුහත් කුමරු 



තම කෙස් කළඹ කපා කසාවත් පොරවා ගිහිගෙයින් නික්ම තවුස්දම් පුරන්නට සුදානම් වෙමින් 


ප.ලි :- විශේෂ ස්තුතිය චිත්‍ර ශිල්පියාට.(සිත්තරා කව්රුන්දැයි නොදනිමි)ඊලග කොටස් තුලින් බුද්ධ චරිතයේ ඉතුරු අවස්ථාවල චිත්‍ර බලාපොරොත්තු වන්න.




7 comments:

  1. මමත් බෞද්ධ සාහිත්‍ය ගැන ලියපු බ්ලොග් සටහන්වලදී මේ චිත්‍ර දෙක තුනක් යොදාගත්තා. මලයා ඔක්කොම ටික දාන එක හොඳයි. ආයි උවමනාවක් වුණොත් මෙතනින්ම ගන්න පුලුවන්නේ :)

    ReplyDelete
    Replies
    1. කෝ අර කතාව ලියන එක කරන්නේ නැද්ද ??

      Delete
  2. kathawa kooooo?????

    ReplyDelete
  3. ජිවිත අන්දරය ලියපන් කසුන් මල්ලි. පට්ට වැඩක්...............

    ReplyDelete
  4. kaalekin neda liwwe hodai art tika nam lassanai

    ReplyDelete
  5. වටින වැඩක්.
    මාත් පිංතූර ටික බාගත්ත....

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා